චින්තක රාජපක්ෂ විසිනි මැයි 18 වැනිදා අප මේ එක් රැස් වෙන්නේ, 2009 යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවෛක්කාල්හිදී ඝාතනයට ලක් වූ දෙමළ ජනතාව සිහිපත් කරන්නට. ඒ සති කිහිපයේ පටු වෙරළ තීරයන්‍හිත්, අඳුරු කලපුවලත් අහිමි වූ ඒ අමිල ජීවිත වෙනුවෙන් වැළපෙන්නට අපි එක් රැස් වෙනවා. ශ්‍රී ලාංකික රාජ්‍යය අපට අමතක කරවන්නට තැත් කරන දේ අපේ මතකයේ තිබෙනවා- අපගේ සාමූහික මතකයෙන් මකා දමන්නට තැත් කරන ජනතාව සහ ස්ථාන. එසේ නම්, සිහිකිරීමම නැගී සිටීමක්. වඩා වැදගත් දෙය, අපි මේ එක්රැස් වන්නේ අද, මීට මොහොතකට පෙර මුල්ලිවෛක්කාල්හි එක් රැස් වී අනුස්මරණයෙහි යෙදුණු අපගේ දෙමළ සහෝදරියන් හා…
![]()