කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළුලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. “සමසමාජය“පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ “ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය“ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද යටත් විජිත පාලකයන් විසින් පළමුව  කෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත්   දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන්…

Loading

Read More

ඒ තමයි බාහු….

1983 පක්ෂය තහනම් කලා… බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (න.ස.ස.ප.) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය න.ස.ස.ප. මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට.  සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ඒ තමයි බාහු.…

Loading

Read More

STF බලකායේ මිලේච්ජත්වය පිටාර ගැලු ඝාතනයක්

ශාන්ත විජේසුරිය විසිනි පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් කේ .ඒ .මහේෂ් ඉන්දික ප්‍රභාත්ට එම විශේෂ බලකායේ නිලධාරියෙකුගේ දුරකතනයට ආ ඇමතුමක් ලබා දී ඇති බවත් එම දුරකතන ඇමතුමෙන් පසු ඉන්දිකගේ මුහුණ අදුරු වු බවත් පොලිස් විශේෂ බලකායේ නිලධාරියාගේ දුරකනයෙන් ඔහුට කතා කරන්නට ඇත්තේ පාතාල නායකයෙකු යැයි පොලිසිය පවසන කොස්ගොඩ සුජි බවට සැකකරන බව ඉන්දික ප්‍රභාත්ගේ ඥාතීහු පවසති . ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගන්නේ 2022 ඔක්තෝම්බර් 12 වෙනිදා රාත්‍රියේය . ඔහුව අත්අඩංගුවට ගැනීමේ  මෙහෙයුමට සහභාගි වු සියලුම දෙනාගේ දුරකතන පරික්ෂා කළහොත් එදින ඉන්දිකට කතා කර මරණ බවට තර්ජනය කළේ කවුද යන්න…

Loading

Read More

මාධ්‍ය නිවේදනයයි…

තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි  සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක සෙනෙවිරත්න රැඳී සිටි කැළණියේ නවාතැන් ගෘහයට පොලීසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.  2024 ජූනි 21 දින අලුයම 03ට පමණ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදු ව ඇති බරපතල  තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.  ‘‘තමන් නිදා සිටියදී…

Loading

Read More

සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය….

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.  මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, චන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස ත‍ර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව…

Loading

Read More

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම…

Loading

Read More

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

සමාජවාදීන් පරම්පරා ගණනාවක් තිස්සේ රුසියානු විප්ලවයෙන් මෙන්ම ලෝකයේ අන් රටවල විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් ආභාසය ලබාගෙන ඇති නමුත්, ඒවායින් උකහාගත් බොහෝ පාඩම් අපගේ කාලයට ගැලපෙන පරිදි නිවැරදිව භාවිතයට ගැනීමට අසමත්වී ඇත. අද ඉතා ගැඹුරු අර්බුදයට ගොස් ඇති වත්මන් ධනපති ක්‍ර‍මයේ වෙනසක් ඇති කිරීමට නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය පිළිබඳ න්‍යාය සහ භාවිතය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තෙමු. ලොවපුරා සමාජවාදි විප්ලවවාදීන් අවුරුදු සියයකට වැඩි කාලයක් රුසියානු විප්ලවයේ දේශපාලන සෙවනැල්ල යටතේ ජීවත් වූහ. 1917 ආදර්ශය අනුව යමින්, පරම්පරාවෙන් පරම්පරාවට සමාජවාදීන් බොල්ෂෙවිකයන්ගේ මූලික දේශපාලන පාඩම් ලෙස ඔවුන් වටහාගත් දේ ක්‍රියාත්මක කිරීමට සහ ඉගෙන ගැනීමට උත්සාහ…

Loading

Read More

ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය!

ස්ටාලින්වාදය. බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්‍රකාශනය විය.‍ බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන සියවසේ මුළු ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපෑවේය. 1917 විප්ලවයෙන් ජනිත වූ මේ…

Loading

Read More