2024 ජනාධිපතිවරණය සහ පීඩිත ජනතාවට ඇති ඉදිරි මාවත!

By Wilfred Silva අද ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට ලක්වී ඇති ප්‍රශ්නය වනුයේ, එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන පියවරක් ගත යුතු ද යන්නයි. වසර හැත්තෑ පහක් පුරා පරාධීන දේශපාලන හා සමාජ ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ දකුණ සහ වම යන සෑම සියලු දේශපාලන ප්‍රවණතාවයකට ම අයත් ශ්‍රී ලංකාවේ පාලක පන්ති ප්‍රභූන් විසින් මෙතෙක් පවත්වා ගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්‍ර‍ය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද? එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම් ඉන්පසු කෙබඳු දේශපාලන ආර්ථික ක්‍රමයක් බිහි වන්නේ ද යන්නත් අද අප හමුවේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ය.‍ එහෙත් පැවැත්වීමට…

Loading

Read More

THE NATIONAL QUESTION AND THE STRUGGLE FOR DEMOCRACY IN SRI LANKA

Note for the article This article was written by Comrade Upali Cooray in the early period of 1980s in order to promote a discussion on “National Question” among progressives in Sri Lanka. Today, All Sri Lankans are heading for Presidential election on 21st September 2024 and the majority of the people are demanding to establish democracy; but no of any principle candidates are giving priority to National question and self-determination of Tamil-speaking people. It is a major failure of ruling elites of Sri Lanka for last 75 years. Without giving…

Loading

Read More

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළුලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. “සමසමාජය“පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ “ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය“ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද යටත් විජිත පාලකයන් විසින් පළමුව  කෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත්   දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන්…

Loading

Read More

ඒ තමයි බාහු….

1983 පක්ෂය තහනම් කලා… බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (න.ස.ස.ප.) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය න.ස.ස.ප. මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට.  සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ඒ තමයි බාහු.…

Loading

Read More

STF බලකායේ මිලේච්ජත්වය පිටාර ගැලු ඝාතනයක්

ශාන්ත විජේසුරිය විසිනි පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් කේ .ඒ .මහේෂ් ඉන්දික ප්‍රභාත්ට එම විශේෂ බලකායේ නිලධාරියෙකුගේ දුරකතනයට ආ ඇමතුමක් ලබා දී ඇති බවත් එම දුරකතන ඇමතුමෙන් පසු ඉන්දිකගේ මුහුණ අදුරු වු බවත් පොලිස් විශේෂ බලකායේ නිලධාරියාගේ දුරකනයෙන් ඔහුට කතා කරන්නට ඇත්තේ පාතාල නායකයෙකු යැයි පොලිසිය පවසන කොස්ගොඩ සුජි බවට සැකකරන බව ඉන්දික ප්‍රභාත්ගේ ඥාතීහු පවසති . ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගන්නේ 2022 ඔක්තෝම්බර් 12 වෙනිදා රාත්‍රියේය . ඔහුව අත්අඩංගුවට ගැනීමේ  මෙහෙයුමට සහභාගි වු සියලුම දෙනාගේ දුරකතන පරික්ෂා කළහොත් එදින ඉන්දිකට කතා කර මරණ බවට තර්ජනය කළේ කවුද යන්න…

Loading

Read More

මාධ්‍ය නිවේදනයයි…

තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි  සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක සෙනෙවිරත්න රැඳී සිටි කැළණියේ නවාතැන් ගෘහයට පොලීසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.  2024 ජූනි 21 දින අලුයම 03ට පමණ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදු ව ඇති බරපතල  තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.  ‘‘තමන් නිදා සිටියදී…

Loading

Read More

සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය….

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.  මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, චන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස ත‍ර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව…

Loading

Read More

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම…

Loading

Read More