1 වැනි ඛණ්ඩය වැඩ දිනයෙහි සීමා ශ්‍රම ශක්තිය එහි වටිනාකමට මිලට ගනු ඇතැයි සහ අලෙවි කරනු ඇතැයි යන අභ්‍යුපගමයෙන් අපි පටන් ගත්තෙමු. සෙසු සියළු හුවමාරු භාණ්ඩ වලට වටිනාකම මෙන් ම එහි වටිනාකමක් නිශ්චය කරනු ලබන්නේ එය නිෂ්පාදනයට අවශ්‍ය වැඩ කාලය මගිනි. ශ්‍රමිකයා ගේ මධ්‍යක දෛනික යැපීම් මාධ්‍ය නිෂ්පාදනයට පැය 6 ක් ගත වේ නම් ඔහු තම දෛනික ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා හෝ එහි අලෙවියෙහි ප්‍රතිඵලයක් ලෙස ලත් වටිනාකම ප්‍රතිනිෂ්පාදනය සඳහා හෝ මධ්‍යක වශයෙන් දිනකට පැය 6 ක් වැඩ කළ යුතුය. ඔහුගේ වැඩ දිනයෙහි අවශ්‍ය කොටස පැය 6 ක් වන අතර…
![]()