‘‘ලෝකයේ භාණ්ඩ සහ සේවා නිශ්පාදනයේ නියුක්ත ශ‍්‍රමිකයිනි, එක්වව්!’’ ලංකාවේ සිට ලෝකය දෙස බැලූවද, ලෝකයේ සිට ලංකාව දෙස බැලූවද නිර්ධන පංතිය හෙවත් වැඩ කරන පංතිය ලෝකය පුරාම බෙදී විසිරී සිටීම දැකිය හැකිය. අල්පෙනිත්තේ සිට රොබෝ යන්ත‍්‍රය නිෂ්පාදනය කරන හා ක‍්‍රියාකරවීම සිදුකරන ශ‍්‍රමිකයාද, මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ඇතුළු සේවා සපයන ශ‍්‍රමිකයන්ද, තමන්සතු බලය අන්සන්තක කරමින් තමන්ට උරුම ලෝකය ගොඩ නැඟීම නොතකා හැර තිබීම නිසා පෘථිවි භූමියද, මිනිස් වර්ගයාද ම්ලේච්ඡ ධනපති ක‍්‍රමය විසින් විනාශ කරමින් සිටී. කාල් මාර්ක්ස් ලෝකයේ පළමු වරට ‘කම්කරුවනි සමඟවව්‘ කීවේ කම්කරුවන් සමඟි වූ කළ තම…
![]()