දෙපසට බෙදීම හෙවත් දෙපිල බෙදීම (Polarization) සහ ව්‍යාජ බෙදා දැක්වීම්

ජගත් ගුණවර්ධන විසිනි ලොව බොහෝදේ පවතින්නේ එකිනෙක සමඟ යම් ආකාරවලින් බැඳීම් සමඟිනි. මේ නිසාම බොහෝදේ සංකීර්ණ සහ සංකූල ස්වරූපයක් ගනී.එනමුත්, බොහෝදෙනා බොහෝදේ වටහා ගන්නේ ඒවා සරල සහ පැහැදිලි දේවල් ලෙස සලකා ගෙනය​. එසේම සංකීර්ණ දේ, සරල දේ ලෙස වටහා ගැනීමටද බොහෝ පිරිසක් උත්සාහ දරනු පෙනේ. මෙය බොහෝ දෙනෙකුට බොහෝදේවල් වටහා ගැනීමට මහෝපකාරී වුනත්, එසේ කරන්නට යාමේ අන්තරායන් ගණනාවක්මත් තිබේ. යම් දේවල් සරල ලෙස විග්‍රහයේදී සෑම දෙයකම දෙපැත්තක් තිබේය යන මතයද නිතරම ඉවහල් කර ගන්නකි. මෙය උපක්‍රමයක් ලෙස දේශපාලනයේදී, ජනවාර්ගික සහ ආගමික කන්ඩායම් ක්‍රියාකාරිත්වයේදී, වෙලඳාමේදී වැනි වෙනස් ක්ෂේත්‍ර ගණනාවකදී උපයෝගී කර…

Loading

Read More

අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සිසු ජන නායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පැමිණිලි…

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා විසිනි අද (03) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු ඇතුළු සහෝදර සහෝදරියන් 05 දෙනාගේ ඥාතීන් ද සමග මානව හිමිකම් කොමිසම් සභාව වෙත යන ලදී. ඒ සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සිසු ජන නායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පැමිණිලි කිරීමටයි. එහිදී මෙම පැමිණිල්ලට අදාලව වග උත්තර කරුවන ලෙස කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, දේශබන්දු තෙන්නකෝන් මහතා සහ තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කරන ලදී.පැමිණිල්ලට අදාලව,• මහා මාර්ග ආඥා පනත මගින් නඩු පැවරිය යුතු සිදුවීමකට පොලීසිය හිතාමතාම ඇප ලබා ගැනීමට නොහැකි වන අයුරින් පොදු…

Loading

Read More

LGBTIQ ප්‍රජාව සමග ස්ත්‍රී-පුරුෂ සමජභාව සංවේදිකරණය සමග උපදේශනය කරන්නේ කෙසේද?/ සිවිල් සමාජ සංවිධානයන් මැදිහත්වන්නේ කෙසේද?

ඉහත මාතෘකාව මුල්කරගනිමින් “කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා සහ උපදේශනය පිලිබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමා විද්‍යාර්ථයින් 2017/18 කණ්ඩායම සංවිධානය කල සුම් සංවිධානය ඉතා සාර්ථකව පසුගිය සෙනසුරාදා සිදුවුණ අතර එය උපදේශකවරුන්ට/ සෞඛ්‍ය අංශයේ/ අධ්‍යාපන අංශයේ/ සිවිල් සංවිධාන හි වෘත්තිකයන්ට මගපෙන්වීමක්, උද්දේශන මගපෙන්වීමක් ලෙස භාවිතා කිරීමට සුදුසු යැයි අප විශ්වාස කරන්නෙමු. එබැවින් එම සුම් වීඩියෝවට මේ ලින්කුව ඔස්සේ සවන්දෙන්න; https://www.facebook.com/kaushalya.i.ranasinghe/videos/478676553323591/එම වැඩසටහනට භාවිත කල PPT එක මෙහි ඇමනුමක් ලෙස ඇත.වැඩිදුර කියවීම් සදහා මේ ලින්ක් එක වෙත යොමුවන්න; https://www.equal-ground.org/resources/?lang=siBest Regards,Team YFTSL (Youth Rights Movement in SL) 0772368833

Loading

Read More

විශාල ඉරටුකූරා ශ්‍රී ලංකාව තුල සීමිත ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නෙකි.

ජගත් ගුණවර්ධන විසිනි Oriental Greenwing(Neurobasis chinensis)–Male මේ විශාල ඉරටුකූරාගේ කුඩා හිසත්, සිහින් සහ එකාකාරී මහතකින් යුත් උදරයත්, සිහින් සහ ඉතා දිගු පාදත් ලාක්ශනික වේ.පිරිමි සතාගේ ශරීරය මුලුමනින්ම දීප්තිමත් සහ ලෝහමය දිස්නයකින් යුතු නිල්-කොල පාටක් ගනී.පිරිමි සතාගේ පූර්ව පියාපත් වර්න රහිතව හෝ ඉතා ලා දුඹුරු පාටකින් යුක්තව සහ​ අපර පියාපත්වල යට පැත්ත තද රතු දුඹුරු පාටකිනුත්,උඩ පැත්ත ලෝහමය දිස්නයක් සහිත තද කොල​-නිල් පාටකිනුත් යුක්ත වේ.මේ විශේශයේ පිරිමි සතුන් තම පියාපත්වල වර්න ලප (pterostigma) නොදැරීම විශේශිත ලක්ශනයකි. අපර පියාපත්වල උඩ පැත්තේ තිබෙන මේ දිලිසෙන වර්න සාමාන්‍යයෙන් පෙනෙන්නේ පියාසර කරන අවස්ථාවලදීය​.පහතරට තෙත් කලාපයේ…

Loading

Read More

වයඹ ගුරුවරු කොල්ලුරේගේ කාර්යාලය වටලති!

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද (25) පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද  වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන් සම්බන්ධයෙන් ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම ගුරු පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළහ. කුරුණෑගල ඔරලෝසු කණුව අසල සිට කිලෝ මීටර් භාගයකට වැඩි දුරක් විරෝධතා පා ගමනින් පැමිණි පිරිස පළාත් සභා සංකීර්ණය වෙත ළඟාවූහ. ප්‍රධාන පිවිසුම් දොරටුව  සියයකට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර  ආණ්ඩුකාරවරයා හමුවීමට…

Loading

Read More

ශ්‍රී ලාංකික “සමාජවාදී විප්ලවය” ෆැන්ටසියක්ද? යථාර්තයක්ද?

රන්ජන සේනානායක විසිනි ශ්‍රී ලංකාව තුල “සමාජවාදය” පිළිබඳවූ යම් බලාපොරොත්තුවක් සඳහා වූ අරුණළු හටගනු ලැබුවේ 1935 තරම් ඈත “ ලංකා සමසමාජ පක්ෂය” පිහිටුවීමෙන් අනතුරුව යැයි යමෙක් පවසන්නේ නම් එය බොහෝදුරකට නිවැරදි විය හැකිය. එදාසිට අද දක්වාම, එනම් 1935 සිට 2021 දක්වාවූ දශක අටකට වැඩි කාල පරාසයක් පුරාවට ශ්‍රී ලංකාව තුල සමාජවාදී සමාජයක් පිහිටුවාලීම වෙනුවෙන් බොහෝ වාමාංශික පක්ෂ සහ ක්‍රියාධරයින් ඉතා වෙහෙස මහන්සියෙන්ද, ජීවිත පරිත්‍යාගයෙන්ද කටයුතුකොට තිබුනා පමණක් නොව ඔවුන් තුල ලංකා භූමිය තුල සමාජවාදී සමාජයක් පිහිටුවීමේ “ සිහිනය” ප්‍රායෝගිකව යම් ආකාරයකින් හෝ යථාර්තයක් බවට පත්කරගැනීමේ තීරනාත්මක අවස්ථා කිහිපයක්ද ඔවුන් උදාකරගත්…

Loading

Read More

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුරු – විදුහල්පති විරෝධතාව…

2021 ඔක්දතෝබර් 25 දා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාව. ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය

Loading

Read More

එඬේර කොකා / ගව කොකා / Cattle Egret— සංක්‍රමනික ගහනයේ පැමිනීම​…

ජගත් ගුණවර්ධන විසිනි මෙරට හමුවන සුදු කොක් (Egrets) විශේශ හතරෙන් කුඩාතමයා වන එඬේර කොකාගේ මෙරට හමුවන ගහනයට සෑම වසකම අගදී විශාල සංක්‍රමනික ගහනයක් එකතුවේ.මවිසින් කලක් පුරා කරමින් තිබෙන නිරීක්ශනයන්ට අනුව මේ සංක්‍රමනික එඬේර කොක් ගහනය නේවාසික ගහනය මෙන් කිහිප ගුනයකින් වැඩිය​.නමුත්,නිතර දකින් නිසා බොහෝ දෙනා කල්පනාවෙන් නොබලන හෙයින් මඟහැරී ගොස් තිබූ එඬේර කොකාගේ සංක්‍රමනය මවිසින් මෙන්ම​,ස්වාධීනව තවත් අධ්‍යයනයක යෙදුනු දීපාල් වරකාගොඩ මහතාගේත් අදහස විය​. ඒ අනුව පසුගිය දශකයේ අප දෙදෙනාම කල අඛන්ඩ නිරීක්ශන මෙය තව තවත් තහවුරු කරන්නක් විය​. එඬේර කොකාගේ සංක්‍රමනික ගහනය මෙරටට සාමාන්‍යයෙන් එලඹෙන්නේ ඔක්තෝම්බර් මස මැද භාගයේ…

Loading

Read More

කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්…

විජයානන්ද ජයවීර විසින් සිය වෙබ් අඩවිය වන JAYAVOICE හි පළ කරන ලද ලිපියකි. උපුටා ගැනීම: https://jayavoice.com/2020/05/05/කලා-හා-මානව-ශ්%e2%80%8dරාස්ත්%e2%80%8dරී/ අපේ විශ්ව විද්‍යාල වල කලා සහ මානව විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඒ විෂයයන් තරයේ ඉගෙන ගැනීමට දක්වන උනන්දුව මද බව අසන්නට ලැබේ. කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයන්‍ මෙන් නොව භෞතික, රසායනික හා ජීව විද්‍යා වැනි ශුද්ධ විද්‍යා විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂයයෙහි වෙනස් කම් සිදු වන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක් වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර‍…

Loading

Read More