මතක සිතුවම්

කෙටි කතාව – චින්තක ඩොමිපාමගේ ගාලු පාරදිගේ පැමිණි  බස්රථය කොල්ලුපිටිය හන්දියෙන් වැල්ලවත්ත දෙසට හැරෙව්වේ පාලනය කරගන්නට අපහසු වේගයෙනි. රියදුරාගේත් කොන්දොස්රගේත් අභිප්‍රාය තවත් දහයේ කෑලි කීයක් හෝ වැඩිකර ගන්නටය. කොල්ලුපිටිය හන්දියේ බස්රථය නවත්වා කොන්දොස්තර බෙරිහන් දෙන්නේ ය.  “මතුගම, මතුගම, මතුගම” “බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, අඟුලාන, මොරටුව, පානදුර, කළුතර, මතුගම, මතුගම… “. කොන්දොස්තරවරයාගේ හඬ නොතකා දිනාලි මතකය අවදි කරමින් සිටියා ය. දිනාලිට කොල්ලුපිටිය හන්දිය පසුකරනා විටත් කොරළවැල්ල පසුකරනා විටත් හදවත අභ්‍යාන්තරයෙන් පැනනගිනා කිතියක් ශරීරය පුරාම දිවයයි.  හිත හිරිවට්ටන ඒ හැඟීමට ඉඩදෙමින් දිනාලි දෑස් පියාගත්තේ මුව අගට සොඳුරු සිනහවක් නංවා ගනිමින් ය. #…

Loading

Read More

උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

“89-සහෝදරත්වය” විසිනි පවත්නා බරපතල අර්බුදය හමුවේ අප ගතයුතු මග කවරේද..? පුරා 73 වසරක වැරදි භාවිතාවන් තුල රට පාලනය කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාව තුල සියලු පුරවැසියනට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික, සමාජමය හා දේශපාලණික අර්බුධය හමුවේ වාමාංශිකයින් ලෙසත්, මාක්ස්වාදීන් ලෙසත්, පොදු බලවේගයක අවශ්‍යතාව දකින අය ලෙසටත්, ඊට මුහුණදියයුත්තේ කෙසේදැයි අප මේ අවස්ථාවේ වඩාත් හොඳින් කල්පනාකර බැලිය යුතුය. දිගින් දිගටම අතීත කාමයක සිහිනයන් තුල ගිලෙමින්, වසර 2500 ක් පුරාවට තිබුනායැයි කියන ඊනියා සෞභාග්‍යයක පුරාජේරුව ඇදබාමින් අප ස්වයං වින්දනයක පසුවෙද්දී, අප හැරදමා මුලුමහත් ලෝකයම 21 වන සියවසේ දියුනු සමාජයන් ලෙසින් දියුනු තාක්ෂණික පියවරයන් සමඟින්…

Loading

Read More

ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සහ අයිතීන් නැවත දිනාගැනීම වෙනුවෙන් සටන්කිරීමට පෙළගැසෙමු!

Please Click on this Link to Sign the petition: https://chng.it/2rBd46Dnb6 By United Socialists කම්කරු පන්තිය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙත කරන ආයාචනයයි! මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථිථික කඩා වැටීමක් අභිමුඛව බව අමුතුවෙන් කිවයුතු නොවේ. වර්තමාන ගෝටාභභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඔවුන්ගේ ධනපති සහචරයන් ශ්‍රී ලංකාව මේ වන විට වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පවතින ධනේශ්වර පාලන රාමුව තුළින් විසඳුම් විසඳුම් ඉදිරිපත් කිරීමට නොහැකිව අසරණ භාවයව සිටී. සේවකයින්ගේ වැටුප්, දීමනා සහ අයිතිවාසිකම්, ගොවි ජනතාවට ලබාදෙන සහනාධාර සහ මහජන සේවා කප්පාදු කිරීම හෝ රටෙහි වටිනා සම්පත් සහ…

Loading

Read More

ගස් ගල් පිළිම පාමුල!

රසික මුහන්දිරම් විසිනි වණේ ඕජස් ගලන මලේ කුණුවෙන සිරුර බණේ හැටියට රකින දනෝ ඉන්නා රටක කිරෙන් සනහා වෘක්ෂ මලින් ගවසා පතුළ රනින් වටලා පිළිම පිනෙන් පතලා නිවන නමින්වත් නොහදුනන නේක මසවුළු පාට රස මුසුවුණ දුටින් විසිකරනයුරු හුස්මක් පණක් නැති ගස් ගල් පිළිම පාමුල!

Loading

Read More

ග්‍රන්ථ  ද්විත්වයක් – ශ්‍රී ලංකා⁣වේ සංචාරක ව්‍යාපාරයට ප්‍රවේශයක් හා කෑගලු සංචාරක අසිරිය…

සරෝජ් පතිරණ විසිනි සංචාරක , උපදේශක හා සංවරනය පිලිබද කථිකාචාර්යවරයකුවන යු.එස්.පී පතිරණ මහතා විසින් රචිත ශ්‍රී ලංකා⁣වේ සංචාරක ව්‍යාපාරයට ප්‍රවෙිශයක් හා කෑගලු සංචාරක අසිරිය යන ග්‍රන්ථ  ද්විත්ව  සරස්වති පුකාශන ලෙස පසුගියදා දිවුලපිටිය සරස්වති ආයතනයේදි එලිදැක්විණි. සංවාරක ව්‍යාපාරය මගින් රටකට ඉටු කරණු ලබන ආර්ථික, සංස්කෘතික හා සමාජිය මෙහවර පිළිබදව දැනුවත් කිරීමක් යට කී පළමු කෘතියෙන් උත්සාහ දරා ඇති අතර දෙවන කෘතියෙන් කෑගලු දිස්ත්‍රික්කයේ පවතින දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය  කළ හැකි ප්‍රකට හා අප්‍රකට ස්ථාන  පිලිබද දැනුවත් කිරිමක් කර ඇත.

Loading

Read More

පාස්කු ප්‍රහාරය: ‘බලය ලබාගැනීමට දේශපාලකයින් කරන පාදඩ වැඩ හෙළි කළ යුතුයි’ – සිරිල් ගාමිණී පියතුමා

Sandeshaya by Saroj – සරෝජ් සමග සංදේශය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් යුක්තිය ඉටුවනු ඇති විශ්වාසයක් නොමැති බැවින් යුක්තිය පතා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවට යන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

Loading

Read More

රුපියල් කෝටියක් දක්වා දඩ නියම කරන්න අධිකරණයක් නොවන ආයතනයකට බලය දෙන්න යයි!

Originally Published on: https://medialk.com/archives/6737 February 2, 2022 අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවූ අයතනයකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) දක්වා වූ දඩයක් පැමිණවීමේ බලය ලබා දෙමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර එහි වගන්ති 09ක් සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, තොරතුරු දැන ගැනීමේ කොමිසමට, මානව හිමිකම් කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට ද එම ලිපියේ පිටපත් යොමු කර ඇත. පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන…

Loading

Read More

කපුටු බෝ ගසක නිදහස කොයින්ද ඇසටු බෝ ගසක!

රසික මුහන්දිරම්ගේ විසිනි කපුටු බෝ ගසක නිදහස කොහින්ද ඇසටු බෝ ගසක (ඇසටු බෝ ගස) පන්සල් වැට නොපනින කප්පාදු අතු ඉති එක්ක රන් රිදී යකඩ රාමු සීමා බැඳුම් මැද පුරහඳ ඇති රැයෙත් සීලෙම රකින අපූරුව (කපුටු බෝ ගස) වල් බෝ හින්දම මල් දුම් සුවඳ අකැපය පන්සිල් නොතකන පන්සල් හිත් නොමැත මැඩලන කපුටු බෝ ගසක නිදහස කොයින්ද ඇසටු බෝ ගසක!!

Loading

Read More

අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි!

2022 පෙබරවාරි මස 01 වන දින.ජාතික කම්කරු උපදේශක සභා වෘත්තීය සමිති ඒකාබද්ධ නිවේදනය ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ/කතෘවිද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත,හිතවත් ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ/කතෘ තුමනි, අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි! මේ රට ඉදිරියට ගෙන යාමට යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පසුගිය 27 වන දින, විද්‍යුත් මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවකදී විසඳුම් වශයෙන් යෝජනා කෙරුවේ මූලික සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමට ය.ඔහුගේ නිර්ලජ්ජී යෝජනාව වූයේ වරාය, තෙල් සංස්ථාව, විදුලිය, ජල සැපයුම් හා වෛද්‍ය ක්ෂේත්‍රවල වැඩ වර්ජන අයිතිය නීත්‍යානුකූලව අහෝසි කිරීමය. එය ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම වඩා උචිත යැයි ඔහු කීවේය. පොලීසියට හා හමුදාවට…

Loading

Read More