*හෙට සදුදා (12 ) අළුයම ඉතාම තීරණාත්මකය* – ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය මුදා ගැනීමේ මෙහෙයුම් අද මැදියම් රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

ඉතාම වැදගත් බුද්ධි තොරතුරකට අනුව ගෝඨාභය මේ වන විට ආරක්ෂක කදවුරක් තුල සිටිමින් රට මෙහෙයවීමට නැවත උත්සහා ගනිමින් ඇත. ඊයේ ජනතාව අරගලයක් සිදුකොට මේ වනවිට තම භාරයට ගෙන තිබෙන ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය ඉන් මුදා ගැනීමේ මෙහෙයුම් අද මැදියම් රාත්‍රියේ සිදු කිරීමට නියමිතය. එ ගොබ්බ ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙය විමෙනි. තමා කිසි විටකත් ජනාධිපති තනතුරින් ඉවත් නොවු බවත් තවමත් රටේ ජනාධිපති තමන් බවත් පවසා ඇත. ඒ අනුව තෙල් ,ගැස් ලබාදීමට ඉතාම ඉක්මනින් කටයුතු කරන බවත් නැවත තමන් පාලන බලය ගෙනියන බවත් දැනුම් දී තිබේ. සමස්ථ ජාතියටම…

Loading

Read More

2022 ජූලි 9 අප පෙළ ගැසුනේ ජනතා බලය වෙනුවෙනි.

මාස ගණනක් පුරා ඇදීයන ජන අරගලය විසින් ප්‍රතිගාමී රාජ්‍ය යන්ත්‍රය බෙහෙවින් පසු බස්සවා ඇති බව පැහැදිලිය. හිටපු තක්කඩි මහ බැංකු අධිපතිට ගෙදර යාමට සිදුවිය. ඉතා කෙටි කාලයක් තුළ කැබිනට් මණ්ඩල දෙකකට ගෙදර යාමට සිදු විය. මැයි 9 දින මහින්ද රාජපක්ෂටත් ජූනි 9 බැසිල් රාජපක්ෂටත් ගෙදර යාමට සිදුවූයේ නින්දා සහගත ලෙසය. ගෝඨාභය හා රනිල් දෙදෙනා එකවර පලවා හැරීම මේ මොහොතේ ජනතා අධිෂ්ඨානය වී ඇත. ජූලි 9 අප පෙළ ගැසෙන්නේ ඒ වෙනුවෙනි. ආණ්ඩුවක් පෙරලා දමා තවත් මෙවැනිම උලාපාළු ධනපති පාලනයක් බලයට ගෙන ඒම මෙම විරෝධතාවල අරමුණ නොවිය යුතු බවත්, මෙම සමස්ත ක්‍රමය…

Loading

Read More

කලාවේ, ප්‍ර‍කාශනයේ සහ නිර්මාණකරණයේ නිදහස වෙනුවෙන් වන සටන…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ආණ්ඩුව මේ මොහොතේ තම මර්දනයේ දෑත් අරගලයේ දිසාවට යොමු කොට ඇත. විශේෂයෙන්ම අරගලයට නායකත්වය දෙන සංවිධාන හා තනි පුද්ගල චරිත වටා ද කැරකෙමින් ඔවුන් දඩයම් කිරීමට මාන බලමින් සිටී. අරගලය ආරම්භයේ පටන් එහි තොරතුරු වාර්තා කරමින් හා සංවිධාන කටයුතුවලට මැදිහත්වෙමින් සිටි මාධවේදී තරිදු උඩුවරගෙදර සීඅයිඩියට කැදවා ප්‍රශ්න කළේය. ඒ ඔහු පවත්වාගෙන යන මාධ්‍ය චැනල වෙත ඔහු මුදා හැර ඇති වීඩියෝ සහ ඒවාට යොදා ඇති මාතෘකා සම්බන්දයෙන් ප්‍රශ්ණ කිරීමටය. තම දෑත් මත තීන්ත ආලේප කරගනිමින් නිර්මාණශීලී ලෙස තම විරෝධය ප්‍රකාශ කළ උද්ඝෝෂකයන් පිරිසක් පොදු දේපළ පනත යටතේ…

Loading

Read More

ප්‍ර‍කාශනයේ අයිතිය හා මාධ්‍ය නිදහස රැක ගැනීමට සටන් වදිමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ලොව පුරා මහත් ආන්දෝලනයකට හේතුවූ ජූලියන් අසාන්ජ්ව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට පසුගිය ජූනි 17 දින බ්‍රිතාන්‍ය රජය විසින් අනුමැතිය ලබාදී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ජනතාවට නිවරැදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අගයන, නිදහස් මාධ්‍ය අගයන බොහෝ කොටස්වලට අනුව බ්‍රිතාන්‍ය රජය මෙහිදී ක්‍රියාකොට ඇත්තේ අමෙරිකාව නමැති තම හාම්පුතාගේ ඔඩොක්කු කුක්කකු විලසටය. ජුලියන් අසාන්ජ් යනු විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයාය. ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් 2010 සහ 2011 පමණ සිට ඇෆ්ගන් සහ ඉරාක යුද්ධ පිලිබඳ වූ ලේඛන හා වීඩියෝ දස දහස් ගනණක් ප්‍රසිද්ධ කරන ලදී. එයට එක්සත් ජනපද හමුදා බුද්ධි…

Loading

Read More

නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන්ට උයාගෙන කන්න ක්‍රමයක් නැහැ.

From: Chandra Devanarayana නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන්ට උයාගෙන කන්න ක්‍රමයක් නැහැ. ගෑස් නැහැ භූමිතෙල් නැහැ. වැඩි වැටුප් නැහැ. කෑම පැකට්ටුවක් රුපියල් හාර සියයකටත් එහා. මෑන්පවර් සේවකයන්ට වැඩ නැහැ ආයෝජකයෝ ඔවුන්ට සේවාවන්ට අවශ්‍ය පහසුකම් නොමැති යැයි කියමින් රට හැර යන්න සූදානම් වෙනවා. සේවකයෝ දැනටත් වැඩ නැතිව දවස් ගනන් බෝඩිං වල ලතවෙනවා කෑමක් බීමක් නැතුව. සමහර ආයතන හිමිකරුවෝ ආයතන වහන්න සැරසෙනවා. සේවකයින්ට ලැබෙන වැටුප ජීවන වියදමට සාපේක්ෂ නැහැ. එකෙන් පුළුවන් ලෙවකන්න විතරයි. තනි මව්වරුන් වැන්දඹුවන් දරුවන් එක්ක හාමතේ පුංචි බෝඩිං කාමර වල ගත කරනවා. දරුවන්ගේ පන්තියේ නවත්වලා. දරුවන්ගේ ඉගෙනීම ඇණහිටලා. දරුවන්ගේ මන්දපෝෂණය…

Loading

Read More

විවිධත්වය වෙනුවෙන් සයටන් වදින මාක්ස්වාදය

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ලොව පුරා වෙසෙන LGBTIQ+ ප්‍රජාව අභිමානයේ මාසය සමරමින් ජුනි මාසය පුරා බොහෝ සැමරුම් පවත්වයි. මෑත වසරවලදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇතිවන පීඩනයට සහ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම්වලට එරෙහි සාකච්ඡාව සහ අරගලය බොහෝ රටවලදී මහජන ව්‍යාපාර දක්වා වර්ධනය වී තිබුණි. සමාජය තුළ මෙම ප්‍රජාවේ නියෝජනය සැළකිය යුතු ප්‍රමාණයකින් දැකිය හැකි වුවත්, ඔවුන් සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු රාශියකට මුහුණ දෙයි. ලොව පුරා මෙම ප්‍රජාව අසමානතාවයට සහ වධහිංසා පැමිණවීම සහ මරා දමීමද ඇතුළත් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නේ ඔවුන් ආදරය කරන අය, ඔවුන්ගේ පෙනුම හෝ ඔවුන් කවුරුන්ද යන්න මත…

Loading

Read More