1953 හර්තාලය හෙවත් අතැර දැමූ ලාංකීය විප්ලවය…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි අගෝස්තු 12 හර්තාල් සමරු දිනයයි. 1948 නිදහස ලැබීමෙන් පසු මේ දක්වා ලංකාව දේශපාලන අරගල ගණනාවක් හරහා ගමන් කොට ඇත. 1953 හර්තාලය ඉන් පළමුවැන්නයි. 1971 නැගිටීම, 1987-89 සටන්, 70 දශකයේ මැද භාගයේ පමණ සිට 2009 දක්වා පැවතුන උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය හා වර්තමාන ජන අරගලය අනෙක් ප්‍රධාන දේශපාලන අරගලයන්ය. 1953 හර්තාලයට මෙරට දේශපාලන අරගල අතර වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ එය ලංකාව නිදහස ලැබීමෙන් පසු ඇති වූ පළමු විශාල පරිමාණයේ දේශපාලන අරගලය නිසා පමණක් නොව එය විසින් ඇතිකළ සමාජ දේශපාලන බලපෑම නිසාය. එය දෙවැනි වන්නේ මේ වනවිටත් ගමන්…

Loading

Read More

දකුණේ අරගලය පුළුල් කරමින් උතුරු නැගෙනහිරත්, වතුකරයත් බද්ධ කරගැනීම වගකීමක්…

ඥානසිරි කොත්තිගොඩ විසිනි  “අපි ආණ්ඩු පක්ෂෙ, විපක්ෂෙ කියල බෙදිල කෑගැහුවොත් ඊළඟ සැරේ  මේ පාර්ලිමේන්තුව නැතිව යනවා. ඊළඟ සැරේ ඇවිල්ල පාර්ලිමේන්තුව ගිනි තියන්නත් පුළුවන්. අපි ඔක්කොම නැතිවෙනවා. වෙන කණ්ඩායම් ඇවිල්ල මේක කරන්න පුළුවන්.  එහෙනම් අපි කොහොමද ඉදිරියට යන්නේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕන.”           සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එහි මන්ත්‍රී කණ්ඩායම හමුවී සාකච්ඡා කිරිමෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කර තිබුනා.  “කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ” යි කියන්නා සේ රනිල් ගේ මේ ප්‍රකාශයෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුව…

Loading

Read More

අධිරාජ්‍යවාදයට එරෙහිව නිර්ධන පංතික ජාත්‍යන්තරවාදය ගොඩ නඟමු!

රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ගෝලීයකරණය, නව වෙලඳපොල ආදී වචන ව්‍යාජ ලෙස භාවිතා කරමින් බලවත් රටවල් හා ඒවායේ සමාගම් අනෙකුත් රටවල් මත තම ආධිපත්‍ය පනවන ආකාරය අපි නිතර දකිමු. ධනපති ක්‍රමය විසින් මෙසේ විවිධ ව්‍යාජ වචන භාවිතා කරන්නේ අධිරාජ්‍යවාදය ලෙසින් හඳුන්වන ක්‍රියාවලියටය. ආරම්භයේදී තරඟකාරීත්වයට මුල්තැන දෙමින් බිහිවූ ධනවාදය 19 සියවස අවසානයේදී හා 20 සියවස මුල භාගයේදී තරඟකාරීත්වය වෙනුවට ඒකාධිකාරයන් හා කාටල මුල්තැනට ගෙන එන්නා වූ වර්ධනයක් කරා ගමන් කළේය. බහුජාතික සමාගම්, අන්තර්ජාතික සමාගම් ලෙසින් මෙම ඒකාධිකාරයන් ලොව සෑම තැනකම ක්‍රියාත්මක වේ. මෙවන් ඒකාධිකාර අයත් රටවල රාජ්‍යයන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒම ඒකාධිකාරී…

Loading

Read More

හිරෝෂීමා සහ නාගසාකි පරමාණු බෝම්බ හෙලීම දෙස නැවත බැලීමක්…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 1945 අගෝස්තු 6 වන දින, “Little Boy” ලෙස නම් කරන ලද පරමාණු බෝම්බය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලද අතර, ඉන් දින 3 කට පසු “Fat Man” ලෙස නම් කොට තිබූ දෙවන පරමාණු බෝම්බය නාගසාකි වෙත හෙළන ලදී. මෙම ප්‍රහාර දෙකෙන් පුද්ගලයින් 200,000ක් පමණ මියගිය බවට ගණන් බලා ඇත.  එහෙත්, එම නගර දෙකේ ජනයාට දිගු කලක් පුරා දිගින් දිගටම විනාශය අත්කර දුන් හා ඉදිරි පරම්පරාවන් සඳහාඳ විනාශකාරී අන්දමින් බලපාන, කලක් පවත්නා විකිරණවල බලපෑම මෙයට ඇතුළත්ව නැත. නාසි ජර්මනියේ පරාජයෙන් පසු, පැසිෆික් කලාපය තුළ දෙවන ලෝක සංග්‍රාමය තව…

Loading

Read More

ප්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 1895 අගෝස්තු 5 වන දින, වයස අවුරුදු 74 දී, කාල් මාක්ස් සමඟ විද්‍යාත්මක සමාජවාදයේ අදහස්වල සම-නිර්මාතෘ ෆ්‍රෙඩ්රික් එංගල්ස්, ඔහුගේ පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ලන්ඩනයේදී මිය ගියේය. මෙම ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා තබා ගිය උරුමය සහ මාක්ස්වාදයේ අදහස් වර්ධනය කිරීම සඳහා ඔහු කළ අමිල දායකත්වය පිළිබඳව නැවත විමසා බැලීමට අප මෙය අවස්ථාවක් කර ගත යුතු අතර, ඒ සඳහා අප ඔහුට මහත් සේ කෘතඥතාපූර්වක යුතුය. මාක්ස්වාදය විසින් මාක්ස්ගේ නම දරා සිටින නමුදු, එංගල්ස් විසින් එයට ලබා දුන් වැදගත් දායකත්වය සහ මෙම දෙදෙනාගේ ජීවිත අතර පැවති ඓන්ද්‍රීය සම්බන්ධය අප කිසි විටෙකත්…

Loading

Read More

රනිල් රාජපක්ෂ රෙජීමයේ ප්‍රතිගාමීත්වය අවසන් කර ජනතා බලයක්…

By Raju Prabath Lankaloka රනිල් රාජපක්ෂ රෙජීමය දියත් කොට ඇති මර්ධනය මේ වනවිට කම්කරු පන්තියේ නායකත්වය වෙතද එල්ල වෙමින් පවතී. ‘වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව’ ලෙසින් ගොනුව ඇති සංවිධාන එකතුවේ ඉතා ක්‍රියාකාරී කාර්‍ය භාරයක් ඉටුකළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා අත් අඩංගුවට ගැනීම එහි තීරණාත්මක සන්ධිස්ථානයයි. ඔහුව අත් අඩංගුවට ගෙන පැය කිහිපයක් ඇතුළත බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක්වද අත් අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවට සම්බන්ධව සිටි අයය. ජෝසප් ස්ටාලින් සහෝදරයා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය මුළුමණින්ම අනීතිකය. තනි පුද්ගලයෙකු…

Loading

Read More

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව…

ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු හා ඉදිරිපෙළ සමාජ ක්‍රියාකාරිකයකු වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ රනිල් වික්‍රමසිංහ රජය විසින් දියත් කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමේ ක්‍රියාදාමයට විරෝධය පළ කරමින් අද (2022.08.04) පෙ.ව. 10.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විනි. වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුව එම විරෝධතාව සංවිධානය කර තිබිණි. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය.

Loading

Read More

මහ මැතිවරණය විසදුමක් නොව ප්‍ර‍හසනයකි! ජනතා පාලනයක් ගොඩ නගමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි මේ වනවිට රටේ පවතින අර්බුදයට විසඳුමක් ලෙස මහ මැතිවරණයකට යාමට යෝජනා කරන පිරිස් බොහෝය. ඒ අතර පවතින රාජ්‍ය ආරක්ෂා කරගත යුතු යයි මොරගාන හඬක්ද අපට ඇසුණි. ධනපති පාලකයන්ගේ පසුපස ලෙවකන අවස්ථාවාදී තක්කඩියන්ට පිළිතුරු දීමට අප තුළ කිසියම්ම හෝ වුවමනාවක් නැතත් රාජ්‍ය, මහා මැතිවරණය වැනි දේ පාලන ක්‍රමයක අනිවාර්‍ය අංග ලෙසට, වත්මන් අධ්‍යාපන ක්‍රමය විසින් ජනතාව තුළට කාවද්දා ඇති මිත්‍යාව නිසා මෙවැනි ගංකබර කතාවලින් ව්‍යාකූලත්වයට පත්වන කොටස්ද අප අතර සිටී. එම නිසා රටේ පවතින පාලන ව්‍යුහය කුමක්ද? එය ගොඩනඟා ඇත්තේ කුමක් වෙනුවෙන්ද? පාලකයින් හා ඔවුන්ගේ ආරක්ෂකයින් විසින්…

Loading

Read More