සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි මර්ධනය නැවැත්වීමටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ
රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්යාල ශිෂ් බලමණ්ඩලයේ ශිෂ් නායකයින් කොන්දේසි විරහිතව
නිදහස් කරන ලෙසටත් ශ්රී ලංකා රජය වෙත බලපෑම් කිරීම

2022 නොවැම්බර් 15   හිතවත් තානාපතිවරුනි/මහ කොමසාරිස්වරුනි, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි මර්ධනය නැවැත්වීමටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේරඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍ය නායකයින් කොන්දේසි විරහිතවනිදහස් කරන ලෙසටත් ශ්‍රී ලංකා රජය වෙත බලපෑම් කිරීම පහත අත්සන් කරන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අපි විරෝධතා මර්ධනය කිරීමේ සහ ජනතාවගේ ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස තිරශ්චීන ලෙස උල්ලංඝනය කිරීමේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ග තරයේ හෙලා දකිමු. සාමකාමී විරෝධතා සහ වගකීම් සහගත හා වගවීම සහිත ආණ්ඩුකරණයක් වෙනුවෙන් වන සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ප්‍රචණ්ඩත්වය…

Loading

Read More

විජේවීර ඝාතනය කළ නොවැම්බර් 13…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 1989 නොවැම්බර් 13 දින රාජ්‍ය සන්නද්ධ අංශ විසින් ඊට පෙරදින රාත්‍රියේ අත් අඩංගුවට ගනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සමාරම්භක නායකයා වූ රෝහණ විජේවීර ඉතාම අමානුෂික අන්දමින් ඝාතනය කොට තිබුණි. ඊට පසු දිනම එවකට ජවිපෙ නියෝජ්‍ය නායකයා ලෙසින් සැළකූ එවක පක්ෂයේ ලේකම් උපතිස්ස ගමනායකද අත් අඩංගුවට ගෙන ඝාතනය කෙරිණි. මෙයට සමගාමීව එවකට ජවිපෙ නායකත්වයේ සිටි තවත් කිහිප දෙනෙක්ද අත් අඩංගුවට ගෙන ඝාතනය කෙරිණි. ජවිපෙ දේශපාලනය සමඟ අපට කිසියම්ම සම්බන්ධයක් නොපැවතියද, රාජ්‍ය සන්නද්ධ අංශවල අත් අඩංගුවට පත් සැකකරුවන් මෙසේ තිරශ්චීන ලෙස ඝාතනය කිරීම පළමු කොට අපි ඉතා…

Loading

Read More

සිවිල් පුරවැසියන්ට අහිමි වී ඇති ව්‍යවස්ථාපිත හිමිකම සම්බන්ධයෙන් කරන බලවත් ඉල්ලීමයි.

(ලියාපදිංචි තැපෑලෙනි) සන්ධ්‍යා එක්නැලිගොඩ . අංක 136/2, සුහද මාවත, හිරිපිටිය පාර, පන්නිපිටිය. Prasan136@gmail.com 03.11.2022. ගරු ජයන්ත ජයසුරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා , ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රවිනිශ්චයකාර තුමා, උපරිමාධිකරණ සංකීර්ණය,  කොළඹ 12.  සිවිල් පුරවැසියන්ට අහිමි වී ඇති ව්‍යවස්ථාපිත හිමිකම සම්බන්ධයෙන් කරන බලවත් ඉල්ලීමයි. ගරු අගවිනිසුරුතුමනි, ඉහත නම් සඳහන්, ඉහත ලිපිනයෙහි පදිංචි මම මාධ්‍යවේදී ,කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වෙමි.මාගේ සැමියා  2010.01.24 දින බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් , මරා දමා ඇති බවට අපරාධ චෝදනා ගොණු කොට ඇති අංක HC (TAB )725/2019 යන නඩුව මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින්…

Loading

Read More

ළමා චිත්‍ර කලාව විනාශ කරන ” ඇට්ලස් ” ඩ්‍රෝවින් පොත ..!!

චාල්ස් දයානන්ද විසිනි පෙරපාසල් යමින් නිතරම චිත්‍ර අදින සෙනුල්‍යා චූටි දියණිය අඳින හැම චිත්‍රයක්ම දුවගෙන විත් මට පෙන්වීමට පුරුදුව සිටින හුරුබුහුටි දැරියකි.ඇය චිත්‍ර අඳින්නේ ඇට්ලස් ඩ්‍රෝවින් පොතකය.ඇය එහි ඇඳ තිබූ චිත්‍ර කීපයක් පහතින් ඇත .ඒවා සැබෑ ළමා නිර්මාණයන්‍ ය.ඇය අලියකු කොල අලවා` කල නිර්මාණයක් ද ඒ අතර ඇත . ඩ්‍රෝවින් පොත දෙස විමසිල්ලෙන් බැලූ මාහට දැඩි කණගාටුවක් හා කේන්තියක් ඇති විය .එහි පිටකවරයේ ඇතුළු පැත්තේ ළමයින් ට චිත්‍ර අඳින හැටි කියා දෙන රූපසටහන් කීපයක් මුද්‍රණය කර ඇත .බකමූණෙක් හා අලියෙක් පියවරෙන් පියවර අඳින හැටි මුල් කවරයේ ඇතුළු පැත්තේ ත් ,මිනිස් මුහුණක්…

Loading

Read More

උරහිසේ ධර්ම චක්‍රය තිබ්බට පොලීසියේ ඇතමුන් පොඩි දරුවෝ හඳුනන්නෙත් නෑ..

ප්‍රියශාන්ත රාජපක්ෂ විසිනි මීට කිහිප දිනකට පමණ පෙර  පොලිසිය සහ ගුරුවරියන් කිහිප දෙනෙක් එකතුවෙලා කුඩා ශිෂ්‍යයෙකුට කරන්ට් අල්ලලා ඇඟට කූඬැල්ලෝ දලා පුච්චලා කරන්ට තියෙන ඔක්කොම කරපු ශෝචනීය පුවතක් දකින්ට ලැබුනා… ගුරුවරියන්ගේ  විනය තියෙන්නෙ සාරි ඔසරි මගුළක් ඇතුලේ නෙමේ  යහපත් හැසිරීම ඇතුලෙයි…කොහොමත් ඔය වික්ටෝරියානු ඔළෝගූ ඇතුලේ තමා ඔය වගේ යක්ෂනියෝ ජීවත් වෙන්නෙ.. ශ්‍රීලංකා පොලීසියේ උරහිස් ලාංචනය ධර්ම චක්‍රය..බුදුන්ගේ ධර්ම චක්‍රය පොලීසිය ඇතුලෙදී කොච්චර අපයෝජනයට ලක් උනාද කියනවා නම් පසුගිය භීෂණ සමයේ පොලීසිය ඇතුලෙදී සැකකරුවන්ට දීපු වදයකට  පොලිසියේ අයම කිව්වෙ ධර්ම චක්කරේ දානවා කියලා.. උරහිසේ ධර්ම චක්‍රය තිබ්බට පොලීසියේ ඇතමුන් පොඩි දරුවෝ…

Loading

Read More

ධනපති පංතියට විරුද්ධව නිර්ධන පංතික සටන් ඇති වීමේ මොහොත එළැඹෙන බවට විශ්වාසය ඇති වීම.

By Raju Prabath Lankaloka මේ වනවිට මාක්ස්වාදය හෙවත් විද්‍යාත්මක සමාජවාදය ගැන දැන ගැනීමට උනන්දු වන පිරිස් වැඩි වෙමින් පවතී. ධනේශ්වර මාධ්‍ය විසින් එයට එරෙහිව ගෙනගිය දැවැන්ත ප්‍රචාරයන්, ස්ටාලින්වාදී පිරිහීම් විසින් සමාජවාදය සම්බන්ධයෙන් ජනිත කළ දුර්මතයන් හා පැරණි වමේ පක්ෂ හා වර්තමාන සුළු ධනේශ්වර සංවිධාන විසින් දිගින් දිගටම කරන ලද පාවාදීම් හා දේශපාලන වැරදි නිසා දශක කිහිපයක් පුරා සැබෑ මාක්ස්වාදය පරිශීලනය කිරීමට ජනතාව තුළ පැවතියේ පහළ මට්ටමේ උනන්දුවකි. එහෙත් මේ වනවිට රට තුළ හා ලෝක පරිමාණව සිදුවෙමින් පවතින ධනපති ක්‍රමයේ බිඳවැටීමෙන් පීඩාවට පත්වන ජනයා විකල්පයක් සෙවීමට ගන්නා උත්සාහයේදී නිතැනින්ම ඔවුන් මාක්ස්වාදය…

Loading

Read More

ගැටළුව පවතින්නේ අප සතුව ඇති සම්පත් පිළිබඳවද? නැතහොත් වෙනත් තැනකද?

By Raju Prabath Lankaloka අප සෞරග්‍රහ මණ්ඩලයේ දුරස්ථම වස්තුවක් වන ප්ලූටෝ වෙත ගවේෂණ යානයක් යැවීමටත්, ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ පවා නිපදවීමටත් තරම් මොළයක් අපට තිබුනද, අප එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න විසඳා ගැනීමේ බලයක් අපට නැති බව ඔබට කවදා හෝ වැටහී තිබේද? එය කෙතරම් සත්‍යයක්ද? නවීන විද්‍යාවෙන් ලබාදී ඇති දේ ඇත්තෙන්ම විශ්මයජනකය නමුත් මිනිසුන්ට පාරේ ජීවත් වීමට බල කිරීම නැවැත්වීමට ප්‍රමාණවත් නිවාස ලබා දීමට හෝ අපගේ තරුණයින්ට යහපත් රැකියා ලබා දීමට හෝ අපට නොහැකිය. ගැටළුව පවතින්නේ අප සතුව ඇති සම්පත් පිළිබඳවද? නැතහොත් වෙනත් තැනකද? Forbesහි පළ කරන ලද ලිපියකට අනුව, ධනවත්…

Loading

Read More

“මර්ධනයට ආර්ථික පීඩනයට එරෙහිව නැඟී සිටිමු! අයිතීන් වෙනුවෙන් සටන් වදිමු!”

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් නොවැම්බර් 02 දිනට “මර්ධනයට ආර්ථික පීඩනයට එරෙහිව නැඟී සිටිමු! අයිතීන් වෙනුවෙන් සටන් වදිමු!” යන තේමාව යටතේ විරෝධතාවයක් කැඳවා ඇත. මෙම විරෝධතාවයේ සංවිධායකයින් විසින් එයට සමඟි ජන බලවේගයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගිත්වය ලබා ගැනීම වෙනුවෙන් ඒවායේ නායකයින් මුණ ගැසුණු ආකාරයද අප මාධ්‍ය මඟින් දුටිමු. මේ වනවිට මෙම විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමඟි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි වන බව තහවුරු කොට ඇත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හා එයට බලපෑමක් කළහැකි වෘත්තීය සමිති නොවැම්බර් 2 විරෝධයට…

Loading

Read More

ළමා චිත්‍ර හා නිවහල් චින්තනය

චාල්ස් දයානන්ද විසිනි      නිවහල් චින්තනය ගොඩ නැගෙන්නේ නිදහස් සිතීම හා නිදහස් ප්‍රකාශනය තුළිනි .      එක් පෙරපාසලක දරුවන් ට “ගවයෝ තණකොළ කන හැටි ” අඳින්නට ගුරුවරිය විසින් යොමු කරන ලදී.සියලු දෙනා අඳිද්දී එක් දරුවෙක් කඩදාසිය දෙස බලාගෙන කරබා සිටින අයුරු දුටු ගුරුවරිය ..”..ඇයි පුතේ අඳින්නෙ නැද්ද ..”කියා ඇසීය .එවිට දරුවා    “..ඇඳල ඉවරයි ..”කියා පිලිතුරු දුනි.   “..කෝ මොකවත් නෑ නේ..කෝ හරක්..” කියා ඇසීය .   එවිට දරුවා “..හරක් තණකොළ  කාල ගිහිල්ලා ..” කියා පිළිතුරු දුනි.  ගුරුවරියට කට උත්තර නැතිවිය…” ඔව් නේ.. තණකොළ කාල ඒ ගොල්ලො යනවා නේ..ඉතින් තණකොළ…

Loading

Read More

“80 දශකයේ ජන අරගල” නායකයන් වර්ණනා කරන I M F එකට “මානුෂික මුහුණක්” දෙන්න පුලුවන්ද?  

ඥානසිරි කොත්තිගොඩ විසිනි “විනාස කාලේන විපරීත බුද්ධිඃ”  කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ . ලිබරල්වාදීන් ගේ ගති ලක්ෂණ කිහිපයක් ගැන මා මෙයට පෙර ලිව්ව. එමනිසා ලිබරල්වාදයේ දර්ශණය පිලිබඳ යමක් ලියන්න ඕන කියල හිතුව. ඒ අල්ල පනල්ලේ රනිල් නොහොත් පුංචි ඩිකී සිය උටෝපියාවේ සිහින කුමරා කරගත් කෙනෙක්වන චින්තන ධර්මදාස ලිබරල්වාදය පිලිබඳව ලියල තිබුණ.   ඔහු මෙහෙම ලියනව. “ලිබරල්වාදය යනු පුද්ගල අයිතිය සහ නිදහස පිළිබඳ දර්ශනය විදිහටයි මං කියවලා තියෙන්නෙ. රජය විසින් තමන් පාලනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ කැමැත්ත සහ සමාන අවස්ථා  සමාන පිලිගැනීම් වෙනුවෙන්…

Loading

Read More