අනුර _ ටිල්වින් : “ඔබලා දේශපාලනඥයෝ නොවෙත්ද?”

ඥානසිරි කොත්තිගොඩ විසිනි “මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න  තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය. මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ කැමත්ත නොවේ. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙමේ. හැබැයි මොකක්ද සිදු වී තියෙන්නේ. අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමානයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය.”  හදවත කීරි ගැහෙන කතාවක ඉහත උපුටා ගැනිම කළේ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක,  ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක, අනුර කුමාර දිසානායක “විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහිකය” වෙනුවෙන් මහරගම දී පැවැත් වූ දේශනයකින්. කදුළු වැගිරෙන, හදවත…

Loading

Read More

1905 රුසියාවේ විප්ලවයේ ඇරඹුම ගැන ලෙනින්…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 1905 රුසියාවේ විප්ලවයේ ඇරඹුම ගැන ලෙනින් ලියූ මෙම ලිපිය ජනවාරි 1905 ජනවාරි 31 දින ප්‍රකාශයට පත් කරන ලදී: රුසියාව තුළ වැදගත්කම අතින් විශාලතම ඓතිහාසික සිදුවීම් වර්ධනය වෙමින් පවතී. නිර්ධන පංතිය සාර්වාදයට එරෙහිව නැඟී ඇත. නිර්ධන පංතිය කැරැල්ලක් කරා තල්ලු කළේ රජය විසිනි. වැඩ වර්ජන ව්‍යාපාරය වර්ධනය වීමට ඉඩ හැරීමටත්, අඩු වැඩි වශයෙන් බාධාවකින් තොරව විශාල පෙළපාලියක් ආරම්භ කිරීමටත් රජය හිතාමතාම ඉඩ දුන්නේ මිලිටරි බලය යෙදවිය හැකි තැනකට කරුණු ගෙන ඒම සඳහා බවට මේ වනවිට කිසිදු සැකයක් තිබිය නොහැක. එම උපාමාරුව සාර්ථක විය. දහස් ගණනක් මියගොස් සහ…

Loading

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටද?

ඥානසිරි කොත්තිගොඩ විසිනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ. ජනවාරි 26 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඊනියා සර්ව පාක්ෂික හමුවේදී තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා එලෙස නියත විවරණ ලබා ගත්තේ. ඊනියා සමුළුවේදී හෙතෙම මෙහෙම කියනව.  “මේ රට බෙදීමට මම සූදානම් නෑ . අපි කවුරුත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන් ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක් වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවානම් දමිළ, මුස්ලිම්,…

Loading

Read More

ලෙනින්- ඔහුගේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා වේ!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 1924 ජනවාරි 21 දින සෝවියට් සංගමයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නායකයා වූ ව්ලැඩිමීර් ඉලිච් උලියානොව් දිගු කලක් රෝගාතුරව සිට මිය ගියේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු පනස් තුනකි. ඔහුගේ ජීවිතය ආවරණය වී තිබුණේ, පළමු ලෝක සංග්‍රාමයෙන් සහ 1917 රුසියානු විප්ලවයෙන් කූටප්‍රාප්තියට පත්, දහනව වන සියවසේ අවසාන කාර්තුව සහ විසිවන සියවසේ මුල් කාර්තුව සමයේ පැවති ගැඹුරු කැලඹීම්, අර්බුද සහ පරිවර්තනයන්ගෙන්ය. මෙම යෝධ මිනිසා ඔහුගේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා බවට සැකයක් නැත. ඔහුගේ ක්‍රියාවන් විසින් 20 වන සියවස තුළ ඉතිහාසයේ ගමන් මග වෙනස් කළේය. 1870 අප්‍රේල් 10 දින වොල්ගාහි…

Loading

Read More

සෝවියට් සංගමය බිඳවැටීම…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය. ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ…

Loading

Read More

2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 140 වෙනි දවස. මම විතරක් නෙවෙයි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරපු, ආර්ථික – දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලපු තවත් අය බන්ධනාගාර ඇතුළෙ ඉන්නවා. ගොඩක් අය බන්ධනාගාරගත නොවුණත් ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් එදිනෙදා දේවල් සාමාන්‍ය විදිහට කරගන්නවත් නිදහසක් නැතිව ඉන්න බව මම දන්නවා.  බිත්තියෙන් කැලැන්ඩරය ගලවලා දානවා වගේ 2022 අවුරුද්ද අපිට ඉතිහාසයෙන් ගලවලා දාන්න බෑ. මොකද ඒ තමයි අපි ඉගෙනගත්ත අවුරුද්ද. ජනතාව…

Loading

Read More

‘ චිත්‍ර කලාව ..පොදු ජනතාව සඳහා ‘….!!

චාල්ස් දයානන්ද විසිනි ‘ චිත්‍ර කලාව ..පොදු ජනතාව සඳහා ‘….!! කැන්ඩි සිටිසෙන්ටර් ” SPLASH” වෙළද ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන නත්තල් චිත්‍ර ප්‍රදර්ශනය .. 2023 දෙසැම්බර් 22- 26 දක්වා දින පහක්…මේ වසරේ අවසන් මාසික චිත්‍ර ප්‍රදර්ශනය මෙය වන අතර ලබන වසරේ ප්‍රදර්ශනය ජනවාරි මස ඇරඹේ.ලබන වසර සදහා සාමාජිකයන් බඳවා ගැනීම ජනවාරි අග වන තෙක් සිදුකෙරේ . මෙම වැඩ සටහන වසර ගනනක් තිස්සේ පවත්වා ගෙන එන්නේ චිත්‍ර කලාව පොදු ජනතාව අතර ජනප්‍රිය කිරීමට මෙන්ම කොළඹින් බැහැර දක්ෂ ශිල්පීන් ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට හා අලවි කිරීමට අවස්ථාව ලබා දීම සඳහාය .     …

Loading

Read More

මාක්ස්වාදය යනු කුමක්ද?

By Raju Prabath Lankaloka මාක්ස්වාදය නොහොත් විද්‍යාත්මක සමාජවාදය යනු කාල් මාක්ස් (1818-1883) සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් (1820-1895) විසින් ප්‍රථම වරට සකස් කරන ලද අදහස් සමූහයට ලබා දුන් නමයි. ඔවුන්ගේ මෙම අදහස් එකතුව විසින්, මානව සමාජය වඩා ඉහළ අවධියක් – සමාජවාදය – කරා ගෙන යාම වෙනුවෙන් වන කම්කරු පංතික අරගලයට සම්පූර්ණ හා සාදා නිමකළ පදනමක් සපයා ඇත. මාක්ස්වාදයේ සංකල්ප පසුකාලීනව කම්කරු පන්තියේම ඓතිහාසික අත්දැකීම් මගින් වර්ධනය කර පොහොසත් කර ඇති නමුදු, අද කම්කරු පන්තියට ස්ථිර පදනමක් සපයමින් ඔවුන් ඉදිරිපත් කළ මූලධර්ම මේ දක්වාම නොසැලී පවතී. සමාජ ගාමනය සහ එම ගාමනය තුළ කම්කරු…

Loading

Read More

රාජ්‍ය බැංකු කොටස් විකිණීමට එරෙහිව සහ බදු ප්‍රතිපත්ති සංශෝධන, කම්කරු නීති සංශෝධන හා විවිධාකාර මර්දන ඔස්සේ වැඩකරන ජනතාව පීඩාවට පත්කිරීමට එරෙහිව.

විජේපාල වීරකෝන් විසිනි ලංකා බැංකු සේවක සංගමයේ ඉතා සුවිශේෂී මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දින කොළඹදී පැවැත්වුන අතර මෙහිදී බැංකු සේවකයින්ට මෙන්ම වැඩකරන ජනතාවට බලපාන ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති අහිතකර අයවැය යෝජනා පරාජය කිරීම සඳහා ලංකා බැංකු සේවක සංගමය කටයුතු කළ යුතු බවට ඉතා වැදගත් යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කරගැනීම සිදු විය. මෙම විශේෂ මධ්‍යම කාරක සභාව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර අදාල යෝජනා නිලධාරී මණ්ඩලයේ යෝජනා ලෙස සභාවට ඉදිරිපත් කිරීම සිදු කලේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා විසිනි. එම සුවිශේෂී යෝජනා දෙක…

Loading

Read More

පසුගිය දින සිදුවූ තරුණ IT BPM වෘත්තිකයාගේ මෑත මරණය ‘සියදිවි නසා ගැනීමක්’ ලෙස සැලකිය නොහැකිය?

By Raju Prabath Lankaloka තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලීන් කළමණාකරණ (IT / BPM) ක්‍ෂෙත‍්‍රය ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින ක්‍ෂෙත‍්‍රයක් ලෙස සැලකේ. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ IT / BPM කර්මාන්තය රටේ සියලු අපනයන ක්‍ෂෙත‍්‍ර අතරින් සැලකිය යුතු වර්ධනයක් ලබා ගත් බවද කියවේ. ඔවුන්ට අනුව, පසුගිය වසර 10 තුළ එම කර්මාන්තය 300% කට වැඩි වර්ධනයක් ලබා ඇති අතර, එය වෘත්තිකයන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් බඳවා ගෙන ඩොලර් බිලියන 1.2 ක ආදායමක් ලබමින්, ශ්‍රී ලංකාවේ සේවා අපනයනයන්ගෙන් 12% කට දායකත්වයක් ලබා දේ. 2022 වන විට එම සමාගම්වල අපනයනය ඩොලර් බිලියන…

Loading

Read More