පැම්පස් මාරුකිරීමේ වගකීම….

ජීවිතයේ මුල්ම අවදියේදීත් නැවත අවසාන කාලයේදීත් බොහෝ විට ඇ‍‍ඳුමේම මළපහ කරගැනීම සාමාන්‍ය දෙයක්. ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ. එහෙම මළපහ කරගත්තාම බලා කියා ගන්නා උදවිය කරන්නේ සෝදා පිරිසිඳු කරලා, අළුත් ඇඳුමක් හෝ අළුත් පැම්පස් එකක් දාන එක. එලෙසම ජනතා විමුක්ති පෙරමුණේ (J.V.P.) සහ ජාතික ජන බලවේගයේ (N.P.P.) නායක අනුර කුමාර දිසානායකටත් සුද්ද පවිත්‍ර කිරීමේ හා අළුත් පැම්පස් මාරු කිරිමේ බරපතල වගකීමක් අද කරමත පැටවිලා. තමා හා සම නායකයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා වෘත්තීය සමිති නායක කේ. ඩී. ලාල්කාන්තගේ කතා නැවත පිරිපහදු කිරීම…

Loading

Read More

යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය

Jaya Pathmapani May 19 දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත්  ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති…

Loading

Read More

ආර්ථික චින්තනයේ සීමා

Jaya Pathmapani May 20 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල…

Loading

Read More

ලොව හිමිකරුවෝ අපි, නිමැවුම්කරුවෝ අපි.

අපේ දෑතේ හිරවී – ගංගා නවතින්නෙ අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩ නැඟුනේ අපේ ලේ වැල් ඇවිලී – යකඩ කඳන් උණුවූයේ අපේ දහඩිය කඳුලින් – මිහිකත සරු වන්නේ ලොව හිමිකරුවෝ අපි නිමැවුම්කරුවෝ අපි කිනිහිර වාගේ තැලී – දුක් ගිනි ජාලේ වෙලී // සියවස් ගණනක් වින්ද වේදනා නිමා කරන්නට පෙරට යමව් // කුළු ගෙඩි වාගේ නැගී //// ලොව හිමිකරුවෝ අපි නිමැවුම්කරුවෝ අපි අපේ දෑතේ හිරවී ගංගා නවතින්නෙ අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩනැගුනේ අපේ ලේ වැල් ඇවිලී – යකඩ කදන් උණුවූයේ අපේ දහඩිය කඳුළින් මිහිකත සරුවන්නේ ලොව හිමිකරුවෝ අපි…

Loading

Read More

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම…

Loading

Read More

මතිභ්‍රමනයන් නොලියා නිසි අධ්‍යනයකින් පස්සේ ලිවීම තමයි මාධ්‍ය ආචාරවලට උනත් ගැලපෙන්නේ.

සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්,  දේශපාලන න්‍යායාචාර්‍යවරයෙක් ආදී වශයෙන් වූ  පුද්ගලයෙක් මියගියාම  ඔහු පිළිබඳව විවිධ ආකාරයේ ගුණ අගුණ ලියැවෙනවා. මේ අතරේ ඇතැමුන් ලියන්නේ එවැනි පුද්ගලයන් හා කාපු බීපු තමන්ට එවැන්නන් හා තිබුණු පුද්ගල සම්බන්ධකම් අතිශයෝක්තියට නගා ඉස්මතු කරගන්න. ඒ අතරේ තමන්ගේ පසමිතුරු මතවාදීන් ගැන කිසිදු මූලාශ්‍රයන් නැති අමු බේගල්, මතිභ්‍රමයනුත් ලියනවා. එහෙම ලියමින්ම මාධ්‍ය වාර්තාකරණයේ ආචාර ධර්ම පිලිබඳවත් දේශනා පවත්වනවා. ගුරුහරුකම් දෙනවා. ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම ගුරුවරු බොහොමයකුත්  ඒ වගේ අය. ඉතිං ලංකාවේ මාධ්‍ය වාර්තාකරණයට වෙච්ච විලම්බෑසිය මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ. ගුරා හිටගෙන කරණකොට ගෝලයෝ කොරන්නේ දුව දුවලු. නැසීගිය මහාචාර්‍ය නලීන්…

Loading

Read More

දිවයින පුවත් පතේ ඵල වු අසත්‍ය ප්‍රවෘත්තීය නිවැරැදි කරන්න, නැතිනම් නීති මගට – කපිල කුමාරගේ මව ලිපියකින් දන්වයි

ශාන්ත විජේසුරිය විසිනි “දකුණේ ඝාතන හතරේ වෙඩික්කරු අත්අඩංගුවට” යන සිරස් තලය යටතේ  මාධ්‍යවේදී හේමන්ත රන්දුණු දිවයින පුවත්පතට ලියා ඵල කළ ප්‍රවෘත්තීයෙන් මගේ සහ මගේ පුතාට සහ ඔහුගේ බිරිදට සහ දරුවන් දෙදනාගේ ජිවිත වලට තර්ජන එල්ල වීමේ බරපතළ අවධානමක් පවතින බවත් විශේෂ කාර්ය බලකාය පමණක් කියන දේවල් අසා ලිවිමෙන් සත්‍ය විකෘති වී ඇති බවත්  අසත්‍ය කරුණු අඩංගු එම ප්‍රවෘත්තීය නැවත නිවැරැදි  කර ඵල කරන්නැයි ඉල්ලන අතර එසේ නොකරන්නේ නම් ,නීතීමය ක්‍රියා මාර්ග වලට අවතිරණ බව කපිල කුමාරගේ මව වන නෙළුම් කුමුදුනී ජයසේකර දිවයින පුවත් පතේ කර්කෘ මණ්ඩලයට ලිපියක් යොමු කරමින් දන්වා…

Loading

Read More

සුභ උපන්දිනයක් වේවා සහෝදර කාල් හෙන්රි මාක්ස් !!!

1878 මැයි මස 05 වන දින ජර්මනියේ රයින් නැමති පළාතේ ට්‍රීර් හිදී කාල් හෙන්රි මාක්ස් උපත ලැබිය. ඔහු පර්සියා – ජර්මානු දාර්ශනිකයෙක් , සමාජ විද්‍යාඥයෙක් , ආර්ථික විද්‍යාඥයෙක්, ලේඛකයෙක්, කවියෙක්, දේශපාලන මාධ්‍යව්දියෙක්, වාග් විද්‍යාඥයෙක්, මහජන චරිතයක් මෙන්ම ඉතිහාඥයෙක් ද විය. ඔහු විසින් කරන ලද ඉතා ජනප්‍රිය ක්‍රියාවන් වන්නේ 1848 දී ප්‍රෙඩ්රික් ඒංගල්ස් සමග එක්ව ජනප්‍රිය කොමියුනිස් පක්ෂයේ ප්‍රකාශණය සහ 1867-1883 කාලයේදී දේශපාලන , ආර්ථික විවේචනය ” ප්‍රාග්ධනය” කෘතිය නම් කල හැක.   මාක්ස්ගේ දේශපාලන හා දාර්ශනික චින්තනය පසුකාලීනව බුද්ධිමය හා ආර්ථික විද්‍යාව සහ දේශපාලන ඉතිහාසයට විශාල බලපෑමක් එල්ල කලේය. මානව…

Loading

Read More

මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සහ යළි ගොඩනැගීමේ කේන්ද්‍රස්ථානය විය යුතුය. මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින් ඇති ආකාරය දෙස බැලුවොත්– ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දැඩි සත්කාර ඒකකයේ තිබෙන බව පෙනීයනු ඇත. වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රය වේ: එකක් නොමැතිව අනෙක තිබිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත ගොඩනැගුණු දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව විශාලතම සමාජ ව්‍යාපාරය ලෙස…

Loading

Read More

ලෝක ජනමාධ්‍ය දින සැමරුම – 2024

මෙවර ලෝක ජනමාධ්‍ය දින සැමරුම 2024 මැයි 3 වන සිකුරාදා, පෙ.ව. 10.00 ට අංක 96, බර්ණාඩ් සොයිසා මාවත, කොළඹ 5. ශ්‍රී ලංකා පුවත් පත් ආයතන ශ්‍රවනාගාරායේදී (SLPI) පැවැත්වේ. ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Loading

Read More