සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය….

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.  මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, චන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස ත‍ර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව…

Loading

Read More

Dialectic at Work: For Roses and Bread: On Marxism as a Theory of Overcoming Trauma

The Dialectic at Work is a podcast hosted by Professor Shahram Azhar & Professor Richard Wolff. The show is dedicated to exploring Marxian theory. It utilizes the dialectical mode of reasoning, that is the method developed over the millennia by Plato and Aristotle, and continues to explore new dimensions of theory and praxis via a dialogue. The Marxist dialectic is a revolutionary dialectic that not only seeks to understand the world but rather to change it. In our discussions, the dialectic goes to work intending to solve the urgent life…

Loading

Read More

මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

Jaya Pathmapani June 11 Republished from https://jayavoice.com නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ ව මම මගේ “සංවිචාරණිය සමාජයක්” කෘතියේ දේශපාලනයට නව දැක්මක් නම් මුල් කොටසින් වෙසෙසින් සාකච්ඡා කළෙමි. එන මස පැවැත්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අරභයා ප්‍රකට බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකු හා සමාජ…

Loading

Read More

යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය

Jaya Pathmapani May 19 දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත්  ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති…

Loading

Read More

ආර්ථික චින්තනයේ සීමා

Jaya Pathmapani May 20 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල…

Loading

Read More

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම…

Loading

Read More

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

සමාජවාදීන් පරම්පරා ගණනාවක් තිස්සේ රුසියානු විප්ලවයෙන් මෙන්ම ලෝකයේ අන් රටවල විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් ආභාසය ලබාගෙන ඇති නමුත්, ඒවායින් උකහාගත් බොහෝ පාඩම් අපගේ කාලයට ගැලපෙන පරිදි නිවැරදිව භාවිතයට ගැනීමට අසමත්වී ඇත. අද ඉතා ගැඹුරු අර්බුදයට ගොස් ඇති වත්මන් ධනපති ක්‍ර‍මයේ වෙනසක් ඇති කිරීමට නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය පිළිබඳ න්‍යාය සහ භාවිතය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තෙමු. ලොවපුරා සමාජවාදි විප්ලවවාදීන් අවුරුදු සියයකට වැඩි කාලයක් රුසියානු විප්ලවයේ දේශපාලන සෙවනැල්ල යටතේ ජීවත් වූහ. 1917 ආදර්ශය අනුව යමින්, පරම්පරාවෙන් පරම්පරාවට සමාජවාදීන් බොල්ෂෙවිකයන්ගේ මූලික දේශපාලන පාඩම් ලෙස ඔවුන් වටහාගත් දේ ක්‍රියාත්මක කිරීමට සහ ඉගෙන ගැනීමට උත්සාහ…

Loading

Read More

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය). ලෙනින්ගේ ස්ථාවරය. 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන…

Loading

Read More