මජං අතට අහම්බෙන් පැමිණි පිංසල…

යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ.. ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා. දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා. දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු – පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා. කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු…

Loading

Read More

” සතිමත් බව” පිලිබද වැඩසටහන 

2025 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 2 දින දක්වා, පානදුරේ , නල්ලූරුවේ ගෝතමක්ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති „ජීවිතට විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනයයේ විශේෂ අවස්ථාවක් වූයේ, පානදුර ප්‍රදේශයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන හී නේවාසීක දරු – දැරියන් උදෙසා පැවති” සතිමත් බව ” පිලිබද වැඩ සටහන. 2025 නොවැම්බර් 01 දා පෙ:ව 10:00 සට පෙ:ව: 11:30 දක්වා පැවති එම වැඩසටහනට මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා ස්වේච්ාවෙන් සහභාගී විය.  ඇත්ත වශයෙන්ම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව එවැනි වැඩසටහනක් පැවැත්වීමේ වැදගත්කම ගැන මට යෝජනා කලේ වෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා වීය . ළමා රැකවරණ මධ්‍යස්ථානයක නේවාසිකයකු ලෙස තම ළමා කාලෙයේ…

Loading

Read More

විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය

Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම…

Loading

Read More

ජාත්‍යන්තර කලා ශිල්පී දිනය​—2024

International Artist Day—2024 සෑම වසරකම ඔක්තෝම්බර් මස 25 වන දිනය ජාත්‍යන්තර කලා ශිල්පී දිනය ලෙස 2004 වසරේ සිට සමරනු ලැබේ. මෙම දිනය මේ සඳහා තෝරා ගැනීමේ නිමිත්ත වන්නේ ලොව විසූ ප්‍රසිද්ධම සහ ධනවත්ම මෙන්ම අතිශයින් නිර්මානාත්මක සිත්තරෙකු වූ පැබ්ලෝ පිකාසෝගේ උපන් දිනය ඔක්තෝම්බර් මස 25 දිනයේ වීමයි.(ඔහු උපත ලද්දේ 1881 වරරේදීය​) මෙම දිනය සිත්තරෙකුගේ උපන් දිනය වීම නිසා ඇතැමුන් මෙය ජාත්‍යන්තර චිත්‍ර ශිල්පි දිනය ලෙස වරද්දා ගෙන සිටී.නමුත්,මේ දිනය සිත්තරුන් පමනක් නොව​,මූර්ති ශිල්පීන්,ඡායාරූප ශිල්පීන්,නර්තන ශිල්පීන්,ගායන ශිපීන් ඇතුලු සියලුම කලා ශිපීන් වෙනුවෙන් නියම කර තිබෙන දිනයක් වේ. මෙම දිනය ප්‍රකාශ කිරීමට…

Loading

Read More