Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම…