මැයි දින ප්‍රකාශය 2025 – ලොව පුරා කම්කරු අයිතීන් රැකීමට පෙළ ගැසෙමු!

 2025 වර්ෂයේදී, කම්කරුවෝ නව අභියෝග රාශියකට —ස්වයංක්‍රීයකරණය, අස්ථාවර ගිග් ආර්ථික රැකියා, වැටුප් කප්පාදුව, සහ ශ්‍ර‍මිකයන්ගේ සංක්‍ර‍මණික අයිතීන් අවහිර කිරීම් වැනි ගැටලුවලට මුහුණ දෙති. බොහෝ රටවල, රජයන් හා සමාගම් සාමූහික ගිවිසුම්, වැඩ ස්ථාන ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් දුර්වල කරමින් සිටී. එසේම, මිලියන ගණනක් තවමත් මූලික අයිතීන් හෝ ආරක්ෂාව නොමැතිව අනියම් අංශවල වැඩ කරති.  

එසේ වුවද, සහයෝගීතාවයේ හැකියාව අඛණ්ඩව පවතී. ජීවන වැටුප් සඳහා වන වැඩ වර්ජන වලින් ආරම්භ කර, කම්කරු අයිතීන් හා ගෝලීය පාරිසරික ගැටලු අතර සම්බන්ධය හඳුනා ගන්නා ජන අරගල දක්වා, කම්කරු ව්‍යාපාරය තවමත් සමාජ වෙනසක් සඳහා බලවත් බලපෑමක් ඇති කරයි. අපි සියලුම කම්කරුවන් එනම්, සංක්‍රමණික කම්කරුවන්, ගෘහ සේවකයින්, කර්මාන්ත ශාලා කම්කරුවන්, ගොවීන් සහ සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය සේවකයින් – සමාජය ක්‍රියාත්මක කරන නමුත් බොහෝ විට අගය නොකරනු ලබන අය- සමඟ සිටිමු. 

 මේ මැයි දිනයේදී, අපි අපගේ ප්‍රතිඥාව නැවත තහවුරු කරමු:  

ආර්ථික යුක්තිය සඳහා වන සටන තවමත් අවසන් වී නැත. අපි සංවිධානය වී, එක්ව සටන් කරමු. ලාභයට වඩා වැඩි වටිනාකමක් හා  ගෞරවයක් ශ්‍ර‍මයට ලැබෙන ලෝකයක් ගොඩනඟමු!  

සහයෝගීතාවයෙන්, 

2025 මැයි 1 

Loading

Leave a Reply