වතුකරයේ වහල්භාවය හෙළි කරන මැර ප්‍රහාරයක් මාතලෙන්…

මාතලේ දිස්ත්‍රික්කයේ රත්වත්ත උප කොට්ඨාශයේ පිහිටි ඇල්කඩුව වතුයාය තුළ විවිධ පවුල් 3කට අයත් පුද්ගලයින් 14 දෙනෙකු එකම ලයින් කාමරයක පදිංචිව සිට ඇත. ප්‍රමාණවත් නිවාස හෝ අඩුම තරමින් තමන්ගේම නිවසක් සාදා ගත හැකි ඉඩමක් ලබා දෙන ලෙස ඔවුහු වතු කළමනාකාරිත්වයට නිරන්තරයෙන් ආයාචනා කර තිබු නමුත් කිසි විසදුමක් ලැබි තිබුනේ නැත.

මීට පෙර අවස්ථාවකදී මෙම පවුල්වලට වත්ත තුළ නිවසක් ඉදිකිරීමට හිටපු කළමනාකරුවෙකු විසින් ලබාදී තිබු අවසරය මත එම පවුල් තාවකාලික නිවසක් තනා ගෙන කෙසෙල් ගස් වැනි බෝග පවා සිටුවා ගෙන ජිවිත් වී ඇත.

කෙසේ වෙතත්, 2023 අගෝස්තු 19 වන දින සහකාර කළමනාකරු තම මැර කණ්ඩායම ද කැටුව එම ස්ථානයට පැමිණ, මෙම පවුල් වලට අයත් මිනිසුන් විසින් ඉදිකරන ලද තාවකාලික නවාතැන කඩා බිඳ දැමූ අතර, ඔවුන්ගේ බඩු බාහිරාදි ද කඩා බිඳ දමා ඇත.

Loading