විරුවා තමයි ගෝඨාභය වැඩ කරන කියලා වණපු දැන්වීමකි මෙය පරණ ඉන්නා කලාකරුවනි මෙහි නම් දරුණ වෙන්නට එපා දැන් මගෙ පැනයට උරණ ඇරියා සර් නැතිවී යන්නම ඇපද මේ කරුමයට වගකවයුතු වෙයි තොපද මේ දැන්වීම පෙර මෙන් තාමත් කැපද මෙහි පෙනිසිටී උදවිය හට දැන් සැපද තිබුණා ෆෝක් ආටිස්ට් ලෙස අපෙ ආලේ අදටත් ඇළුම් කරනව එම ගී තාලේ ගහලා බැද්දගේටත් තනතුරු ලෝලේ ඇම්බැසඩර් වෙලා මොනවද කළෙ මාලේ උපදේශකල ලෙස ළග කරකෑවීලා කලකදි උච්ච වී සිටියේ රවීලා සමහරු දුවද්දීමයි ගියෙ දැවීලා දැන් නම් කඩේ ගිය උන්ටත් රෙවීලා කදිමයි කළ කතා ලෙසටම රඟපාලා කොහොමද අනුෂා දමයන්තිගේ ලීලා දැන් කෝ සහේලිල වගෙ ගී ගැයු දූලා මැරිලත් බැණුම් ඇහු හැටි මතකද නීලා කිව්වේ "මල්ලි හරි මල්ලී" ලාල්ය උන් ගෙනආපු සර්රුත් දැන් ෆේල්ය රට ගැන කියපු උන් කළෙ රට සේල්ය මුන්ගේ කතා ඇසු උන්ටත් මෝල්ය වැඩ කළෙ තනතුරක් හෙම නම් නෙවෙයි පතා මතකද ඡන්ද කාලෙදි ඔහු කියපු කතා කිව්වත් පැන්නෙ පුටුවට ඉක්මනින් ඉතා අයි.ටී.එන්. එකේ කෝ හිටි සුදත් පුතා යනවිට කඩේ රටටම දාගෙන පානී ජන මතයටයි මේ උදවිය කළෙ හානී අරගෙන ගෝණි ගිය අක්කා චතුරාණී පත්කළ එවුන් ගැහුවනෙ ඇටෙනුත් සීනී බන්දුල විජේවීරලා හෙම අඩි හප්පා ගැයු හැටි ප්රශස්තිය තම ගිරියද පුප්පා නෑ තව ඉවරයක් නම් කෙලිනා කෙප්පා හොදටම කළා උන් අරගෙන ආ පප්පා වැල් ටෙලියකින් ලොකු අඩියක් තබාලා ගම්පහ ඡන්ද ටික ඉහළින් ලබාලා පෙන්ෂන් එකත් අරගෙන දැන් පබාලා ඉන්නව මොකුත් දන්නෑ වගෙ බබාලා රිංගා ලිස්ට් එකෙන් නැතුවට ලොකු බාසා හිටි අවුරුදු පහෙත් නොකලට ඔබ ඝෝසා නිළි රැජිණියනි ඇහුවත් ඉදහිට දෝසා යන්නට පාර්ලිමන්ට් යළි නැතුවද ආසා හොද හොද කතා ඡන්දෙට පෙර ගෙතුවේය බෙන්තර ඡන්ද ටික ගීතට නතුවේය චුට්ටං ඇමති කට්ටක් හරි පැතුවේය එය නැති වුණත් දැන් තෙල් ඇය සතුවේය හිතුවේ ලැබූ තනතුර නම් එවර්ය රෝහණ වීරසිංහගෙ පෙර පවර්ය මිනිහා කරන්නේ දැන් ගී කවර්ය නැත්තේ ළගම උන්ටත් දැන් ෂුවර්ය එන්නේ හතර පැත්තෙන් පෝලිම් මෝරා දැන් නම් ගන්න බෑ ජීවිතයත් බේරා මරු බඩුවක්නෙ දුන්නේ රටටම තෝරා දියසෙන් කියා ගී කිව් රජරට වේරා හැටනම ලක්සයෙන් වැඩි හරියක් ගෑණු රැවටුණෙ කතාවට පොඩි කළ සුදු ලූණූ සව්බාගයම වැටිලා පල්ලට කාණූ ඔබලා සතුටින්ද දැන් මෙන්ඩිස් රේණු නම් වැල ලියන්නට බිත්තිය ඉඩ මදිය විස්තර කරන්නත් බෑ පැදියෙන් පැදිය කොහොමද එදා මුන් ටික අරගත් සුදිය ගලවා දැම්මෙ විරුවා මුන්ගේ රෙදිය දාර ජෝක් කරමින් බයියන් ඇන්දූ පාර කපා ලොක්කන් රජ ගෙට කැන්දූ කාරණාව සත්තයි මුඛයෙහි රැන්දූ මාර වැඩේ වුණෙ ලංකාවට බන්දූ © ප්රියන්ත කොඩිප්පිලි