සන්ධ්‍යාගේ රත්තරන් හදවත


අරුණි සමරකෝන් විසිනි


ඇවිදින පය දහස් වටී 
ඇසුවත් එදවස 
කොහොම කියන්න ද
වේදනාවේ තරම  
නමුත් අදටත් 
දකුණේ හැම දේවාලෙක 
ඇවිද ඇවිද 
මම අහන්නේ 
කෝ මගේ ආදර හදවත 

ගියේ ගෙදරින් එදා 
රැගෙන එන බව නැවත 
මගේ ආදර හදවත 
බලා සිටිනෙමි 
ඔබම තබා ගිය
පියස්සට වාරුවී 
මතු වේවි කොහොන් හෝ නැවත 
මගේ ආදර හදවත සමඟ
වේය මා පැතුම  

දුර්ගා ලැබුනේද මගේ පණිවිඩය 
සත් පත්තිනි නුඹ දන්නවා මා ගැන 
ඉතින් ඇයි තවත් නිහඬ 
හඬන මගේ දෑසේ 
බැඳුන හදවත 
කොහෝ කොයි බද 
උන් රැගෙන ගොස් 
නැතිකර දැමු....ඒ
රත්තරන් හදවත


අශිලාචාර යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ නැවත ජානාධිපති ලෙස තරඟ කල 2010 ජනවාරි 26 වැනි දිනට , දින දෙකට ප්රථම දෙදරු පියෙක් වූ ද සන්ධ්යා එක්නැලිගොඩ ගේ ආදරණිය සහකරු වූ ද ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට වසර 12කි... ඒ සන්ධ්යා වෙනුවෙන් 2015 දී යුක්තිය ඉටු වනු ඇතැයි අප්ක්ෂිත්ව බලයට පත් වූ පොළොවෙන් උපන් නායකත්වයේ සහ කුරුඳු වත්තේ නායකත්වයේ එකමුතුව ද 2019 දී පරාජය ට පත්විය. එත් සන්ධ්යා තවම අතුරුදහන් කරන ලද ඇයගේ රත්තරන් හදවත සොයමින් අරගලයක
අරුණි සමරකෝන්

Loading