පසුගිය සෙනසුරාදා එනම් 2025 නොවැම්බර් 22 දෙවනදා ස්වීට්සර්ලන්තයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්ලියස් අංශක සෘණ 2 ට පහලින්. ඒ වගේම සුළඟ.
එහෙත් එය කිසිවක් බාදාවක් කර නොගත් උනුසුම් හදවත් ඇති දහස් ගනනක් වූ ගැහැණු , පිරිමින් සහ කුඩා දරුවන් ස්විස් පෙඩරල් පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වී සිටියේ , සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධතාවයට සහභාගී වීමට . ඊට සහභාගී වුයේ හුදෙක් සෞඛ්‍ය සේවකයින් පමනක් නොවෙයි. දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් , විශ්‍රාමිකයිගේ සංවිධාන නියෝජිතයින් ආදී වශයෙන් වූ පිරිස් ඒ අතර සිටිනු දක්නට ලැබුනා.
“ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් , විශ්වීය සත්කාරයක්, සාධාරණ සේවා කොන්දේසී උදෙසා වූ ජනතාවගේ කැමත්ත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලකර අපි වීදී බසින්නෙමු”

එසේ උද්ඝෝෂණ සංවිධානය කල ස්විස් සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමීතී සංධානය තම උද්ඝෝෂණ ගැන පූර්ව ප්‍රචාරයන් කර තිබුනා. .
” ජනතාවගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලකර අපි වීදී බසින්නෙමුයි කීවාම ස්විට්සර්ලන්තයෙන් පිටත සිටින බහුතරයකට විතරක් නෙවි ස්වීට්සර්ලන්තයේ ජීවත්වෙන ඇතැම් පිරිස් වලටත් එය ගැටළුවක් විය හැකියි.
සෘජු ප්රජාතන්ත්රවාදී මූලධරමයන් ක්‍රියාත්මක වන ස්වීට්සර්ලන්තයේ පෙඩරල් ආන්ඩුවට , ප්‍රාන්ත වලට සහ පලාත් පාලන ආයතන වලට විතරක් නොවේ රටේ ජනතාවටද නව නීතී / රීතී පැනවීමට මැදිහත් විය හැකියි.

volksinitiative සදහා සුවිස් පුරවැසියන්ගෙන් අත්සන් ලක්ෂයක් සමග නිෂ්චිත ඉදිරිපත් කරන එම යෝජනා බාරදුන් පසු , පෙඩරල් ආන්ඩුවේ කාන්ස්ලර් වරයා එම යෝජනාවේ වලංගු කම සහ අත්සන් හී නිවරදි කම පරීක්ෂා කරයි. ඒ සදහා ස්විස් පෙඩරල් පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ සහ රාජ්‍ය සභාවේ අනුමැතිය අනවශ්‍ය වන අතර යෝජනව ජනතා අනුමැතිය සදහා යොමු කෙරේ .ඒ ආකාරයෙන්ම ප්‍රාන්ත සහ පලාත් පාලන ආයතන සදහාද volksinitiative ඉදිරිපත් කල හැකියි.
මහජන යෝජනාවට එරෙහි පාර්ෂවයන්ටද විකල්ප යෝජනා ඉදිරිපත් කල හැකියි යෝජනා දෙකම ජනතා කැමත්ත සදහා ඉදිරිපත් කරේ. පුරවැසියන් Ja හෝ Nein යනුවෙන් තම යෝජනාවට තම කැමත්ත සහ අකමැත්ත ප්‍රකාශ කල හැකියි. ඕනෑම ජන මත විනසුමක් නීතියක් වීමටනම් ජනතාවගේ බහුතරයකින් වගේම වැඩි ප්‍රාන්ත ප්‍රමාණයකද අනුමැතිය ලැබිය යුතුයි. එයින් සුළුතරයේ අයිතිය සහතික කෙරේ.

* ආන්ඩුක්රම ව්‍යවස්ථාවට අදාල ඕනෑම සංශෝධනයයක් අනිවාර්යයෙන්ම ජන මත විමසුමකට යොමුකල යුතුයි.
ඉතින් එහෙම තමා 2021 දී සෞඛ්‍ය සේවය සදහා මහ ජන යෝජනා ඉදිරිපත් වෙන්නේ. ඊට ජාතික සහ රාජ්‍ය සභාවේ අනුමැතිය නොලැබු නිසයි පෙඩරල් ආන්ඩුව එම යෝජනාව ජන මත විමසුමකට යොමු කරන්නේ ස්වීට්සර්ලන්තයේ දක්ෂිනාක්ෂික දේශපාලන පක්ෂ වගේම පෙඩරල් ආන්ඩුව එකී යෝජනාව පරාජය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියත් පැවති ජන මත විමසුමේදී එයට 61% ජන කැමැත්තක් ලැබුනා.
„Die “Pflegeinitiative” යනු 2021 නොවැම්බර් මාසයේදී සම්මත කරන ලද ස්විට්සර්ලන්ත ජනප්‍රිය විකල්ප යෝජනාවකි .
එය හෙද අංශයේ තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත. ප්‍රමාණවත් හෙද වෘත්තිකයන් සංඛ්‍යාවක් සහතික කිරීම, සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම සහ සත්කාරයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා එය ෆෙඩරල් රජයට සහ කැන්ටන්වලට බැඳී සිටී. මෙම මුලපිරීම අදියර දෙකකින් ක්‍රියාත්මක වේ: පුහුණුව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වන අතර, සේවා කොන්දේසි කෙරෙහි අවධානය යොමු කරන දෙවන අදියර දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.
එහෙත් මෙතක් එකී යෝජනාවට අදාලා නීතී කෙටුම් පත් ඉදිර්පත් කිරීමට ස්විස් පෙඩරල් පාර්ලිමේන්තුව සහ ආන්ඩුව අපොහොසත් වීම තමා සෞඛ්‍ය සේවකයිගේ ජාතික විරෝධයට හේතුවුනේ..
විරෝධතා රැලිය අමතා ස්වීට්සර්ලන්තයේ සෑම කළාපයක්ම නියෝජනය වන සේ සෞඛ්‍ය සේවකයින් ජර්මන් , ප්‍රංශ සහ ඉතාලී භාෂාවලින් රැස්ව සිටියන් ඇමතුවා.
ෆෙඩරල් කවුන්සිලය සෞඛ්‍ය සේවකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම අහම්බයක් නොවේ. ඊට පටහැනිව, සම්මුතියකින් තොරව සමාගම්වල ඉල්ලීම්වලට අනුකූල වීම ඔවුන්ගේ දේශපාලන වැඩසටහනේ ස්වාභාවික නිගමනයයි. මෙය සහන පැකේජය 27 සමඟ අපේක්ෂා කෙරේ.ඇත්ත වශයෙන්ම එය සහන පැකේජයක් යැයි කීවද පෙඩරල් ආන්ඩුවේ සුදානම 2027 , 2028 අයවැය මගින් ප්‍රතිපාදන කපා හැර “2028 දී ෆ්රැන්ක් බිලියන 6 ක් හමුදාව ශක්තිමත් කිරීම සදහා ” මුදා හැරීමට සුදානම් විමක් .
යුරෝපයේ ඉතාලිය , ජර්මනිය , ප්‍රංශය සහ ඕස්ත්‍රියාවට මායිම්ව පිහිටි කුඩා ස්වීට්සර්ලන්තයේ පලමු සහ දෙවන ලෝක යුද්ධයේදී ආරක්ෂාවූයේ යුද්ධයදී කිසිදු පාර්ෂවයකට සහාය නොදීමේ ඔවුන්ගේ පිලිවෙත නිසා මිස , යුධ හමුදා ශක්තිමත් කිරීමෙන් නොවෙයි.
එහි මිල ගෙවන්න වෙන්නේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන සෞඛ්‍ය , ප්‍රවාහන , ආදී මහජන සේවා සේම ක්‍රීඩා , සංකෘතික ආදී ජන ජීවිතයට සමීප සහ අත්‍යාවශ්‍ය අංශයන් ගෙන්.
පෙඩරල් ආන්ඩුවේ වියදම් කපා හැරීමේ යෝජනාව එලබෙන් පෙඩරල් පාර්ලිමේන්තුවේ වින්ටර් සැසියේදී සාකච්චාවට ගැනන බව වාර්තාවෙයි
ඊට එරෙහිව අරගල කිරීම කම්කරු පංතිය සතුයි.
තම ඉල්ලීම් ඉටුකිරීමට තවදුරත් පෙඩරල් ආන්ඩුව කල් මරන්නේනම් දීප ව්‍යාප්ත වැඩ වැරීමකට යෑමට එම රැලියේදී ” සෞඛ්‍ය වෘත්තීය සමීති සංධානය යෝජනාවක් සම්මත කලා..
සරත් මද්දුමගේ විසින්

![]()