2025 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 2 දින දක්වා, පානදුරේ , නල්ලූරුවේ ගෝතමක්ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති „ජීවිතට විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනයයේ විශේෂ අවස්ථාවක් වූයේ, පානදුර ප්‍රදේශයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන හී නේවාසීක දරු – දැරියන් උදෙසා පැවති” සතිමත් බව ” පිලිබද වැඩ සටහන.

2025 නොවැම්බර් 01 දා පෙ:ව 10:00 සට පෙ:ව: 11:30 දක්වා පැවති එම වැඩසටහනට මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා ස්වේච්ාවෙන් සහභාගී විය. ඇත්ත වශයෙන්ම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව එවැනි වැඩසටහනක් පැවැත්වීමේ වැදගත්කම ගැන මට යෝජනා කලේ වෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා වීය .
ළමා රැකවරණ මධ්‍යස්ථානයක නේවාසිකයකු ලෙස තම ළමා කාලෙයේ සහ නව යොවුන් වියේ වැඩි කාලයක් ගෙවා දැමූ මගේ ජීවන අත්දැකීම් ගැන එම දරුදැරියන්ට පැහැදිලිකර දීමට එහිදී මට අවස්ථාවක් ලැබින.

එම වැඩසටහන නේවාසීක ළමූන්ට මෙන්ම ළමා රැකවරණ මධ්‍යස්ථාන හී කාර්යයමංඩලයටද එකසේ ප්‍රයෝජනවත් වූ බව වැඩසහනෙන් අනතුරුව ඔවුන් සමග කල කතාබහෙන් මට හැගුනි.
විශේෂ ස්තූතිය මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයාට
චායාරූප මෙලනි මානේල් පෙරේරා
![]()