මෙම කෘතිය (වෙලුම I, II), 716 1/1, කෝට්ටේ පාර, ඇතුල්කොට්ටේ, කෝට්ටේ ලිපිනයේ පිහිටා ඇති සසප කාර්යාලයෙන් මිලදී ගත හැක. කුරියර් සේවාව හරහා පොත ගෙන්වා ගැනීමට, 0776939344 දුරකථන අංකය අමතන්න. මෙවර බන්ඩාරනායක සම්මන්ත්රනශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී “සේරි පබ්ලිකේෂන්” (D-කුටි අංක 02), මෙම කෘතිය ඇතුලු තවත් කම්කරු මාවත ප්‍රකාශන ගනනාවක්ම විශේෂ වට්ටම් මිලකට අලෙවි කරනු ඇත.
****
රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? – වෙලුම I: පෙබරවාරි විප්ලවය හා බොල්ශෙවික් මූලෝපායේ වර්ධනය
1917 පෙබරවාරි හා ඔක්තෝබර් අතර කාලයක් රුසියාව, අති දැවැන්ත විප්ලව දෙකකින් සොලවාලන ලදී. ප්‍රථම විප්ලවය වසර 300ට වැඩි කාලයක් එරට පාලනය කල රොමානාවේ ඒකාධිපතිත්වය පෙරලා දැමීය. දෙවැන්න ධනපති තාවකාලික ආණ්ඩුව පෙරලා දමා ඉතිහාසයේ ප්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යය පිහිටුවීය.
රුසියානු විප්ලවයෙන් වසර 100කට පසුව, 1917 සිදුවීම්, ඒවායේ ප්‍රතිවිපාක හා ඒවායේ පාඩම්, අතිශය තියුනු හා කටුක මතභේදවලවට විෂය වී තිබේ.

මෙම වෙලුමට අඩංගු වන්නේ, රුසියානු විප්ලවයේ ශත සංවත්සරය නිමිත්තෙන් හතරවන ජාත්යත්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ප්රමුඛ සාමාජිකයින් විසින් කරන ලද දේශන සහ ලියන ලද රචනාවන්ය. මෙම වෙලුමට ඇතුලත් වනදෑ, මාක්ස්වාදී ඉදිරිදර්ශනය මත පිහිටා ලියා තිබීම නිසා අසමසම වන්නේ ය. යලි වතාවක් ධනේශ්වර ක්රමයේ ගෝලීය අර්බුදයකින් විනාශ වූ ලෝකයක් සඳහා, 1917 පාඩම්වල සමකාලීන අදාලත්වය කතුවරු අවධාරනය කරති.