ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්

David North

ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා

ලියොන් ට්‍රොට්ස්කි (1879-1940) විසි වන සියවසේ දේශපාලන ඉතිහාසය තුල ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම මතභේදයට ලක් වූ පුද්ගලයන් අතරට අයත් වේ. සිය ජීවිත කාලය තුල දී, ඔහු සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය ගෙන ගිය මුසාවන්ගෙන් හා චෝදනාවන්ගෙන් සමන්විත දුෂ්ට ප්‍රචාරක ව්‍යාපාරයක ඉලක්කය බවට පත් වූ අතර එම ව්‍යාපාරය මෙම පිටුවහල් කල විප්ලවවාදී නායකයාගේ ඝාතනයෙන් කුලුගැන්වුනි.

ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්, ඓතිහාසික වාර්තාව පිලිබඳ, දිගු කලක් තිස්සේ අපකීර්තියට පත්ව තිබූ, ස්ටැලින්වාදී විකෘතිකරන හා මුසාකරන, ප්‍රධාන ප‍්‍රවාහයේ ශාස්ත්‍රාලික සාහිත්‍යය තුලට තමන්ගේ මාවත සොයා ගනීමින් සිටී. ප‍්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් – රොබට් සර්විස්, ඉයන් තැචර් සහ ජෙෆ්‍රි ස්වේන් යන මහාචාර්යවරු- විසින් රචනා කරන ලදුව මෑත දී පල කෙරුනු ලියොන් ට්‍රොට්ස්කි ගේ චරිතාපදාන තුන විනිවිදින විශ්ලේෂනයකට ලක් කරමින් හා ඒවා විස්තෘත ලෙස බිඳහෙලමින් සිදු කරන ලද මෙම කෘතිය තුල, ඩේවිඩ් නෝර්ත් ඉතිහාසය පිලිබඳ සමකාලීන ශාස්ත්‍රාලිකයන්ගේ මට්ටම පිලිබඳ සිත් සසල කරවන ප්‍රශ්න මතු කරයි.

David North ගේ රචනාව අතිශය සිත් කාවදින කෘතියකි – එම්, සිය විවේචනයේදී සවිස්තරාත්මක, ඉතා සැලකිලිමත්, මැනවින් තර්ක කෙරුනු හා මුසාවාද බිඳ හෙලන සුලු කෘතියකි. ඔහු ට්‍රොට්ස්කි ගේ ඓතිහාසික උරුමයට දැවැන්ත සේවයක් සිදු කර ඇත.’

– මහාචාර්ය බරක් නේයි පැෂ්, The Social and Political Thought of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි සමාජ හා දේශපාලන චින්තනය) ග්‍රන්ථයේ කතුවරයා

මිල රුපියල්: 300

Loading

Related posts