න්‍යායෙන් තොර භාවිතය අන්ධයි, භාවිතයෙන් තොර න්‍යායද අන්ධයි…..

අද වන විට මුළුමහත් ලෝකය පුරා ධනවාදය නොවැලැක්විය හැකි අර්බුදයෙන් අර්බුදයට ලක් වෙමින් පවති.කම්කරු පංතිය ඇතුළු පිඩිත මහජනතාවට ජිවත් වෙන්න බැරි කොන්දෙසි නිර්මාණය කර පවති.ධනේශ්වරයේ අසාර්ථකත්වය ලෝකය පුරා ඇති වි ඇති සිදුවිම් මාලාවන් අධ්‍යනය කිරිමේදී අපට පෙනි යයි. එනම් පලස්තින ඊශ්‍රායල් යුද්ධය ,රුසියානු යූක්ක්‍රේරේන් යුද්ධය ,ඇමරිකානු චින වෙළද යුද්ධය හා උතුරු කොරියාණු දකුණු කොරියාණු ගැටුම් , පකිස්ථානය ඉන්දියානු ගැටුම් හා ලෝකය පුරා පාලන තන්ත්‍රයන් වලට එරෙහිව ඇති වි ඇති ජන නැගිටීම් හැදින්විය හැකිය. අපි ශ්‍රි ලංකාව තුළ, බංගලාදේශය තුළ, ඉන්දුනීසියාව, හා නේපාලය තුළ එවැනි නැගිටීම් දකින්නට ලැබුණු අතර එම නැගිටීම්  අවසානයේ ධනවාදයම ඊටත් වඩා හොදින් තහවරු කිරිමට කටයුතු කළේය. ඊටත් වඩා එම පාලනයන් ධනේෂ්වර වූවේ ය.ෆැසිස්ට් වූයේය එම අරගල සමග එක් වු සත්‍ය ගරුක රැඩිකල්වාදීන් මාක්ස්වාදීන් එය වෙනස් කිරීමට වෙර දැරුවද ප්‍රතිගාමිත්වයන් සමග සුළු ධනේෂ්වර අවස්ථාවාදය හා ව්‍යාජ වාමාංශික ව්‍යාපරයන් වල හා ධනේෂ්වර ව්‍යාපර වල මැදිහත් වීම් සමග එවා අරාජික්ත්වයට පත් වුයේය. එම නිසා ජනතාවාදයට එරෙහිව නිර්ධන පංතියේ පංති අරගලය තීව කිරිම මුවහත් කිරිම අනිවාරයෙන්ම කොන්දෙසියකි.

“අවස්ථාවාදයද නිර්ධන  පංති ජාත්‍යන්තරවාදයද
අවස්ථාවාදය අපේ ප්‍රධාන සතුරා වෙයි කම්කරු පංති ව්‍යාපාරයේ  ඉහල ශ්‍රේණි තුල තිබෙන  අවස්ථාවාදය  යනු නිර්ධන පසමාජවාදය නොව , ධනේශ්වර සමාජවාදය වෙයි .අවස්ථාවාදී  උපනතියට  අලි ගැලී  සිටින , කම්කරු  පංති ව්‍යාපාරයෙහි   ක්‍රියාසිලි අය , ධනපතීන්ට  වඩා හොදින් ධනපතීන්  ආරක්ෂා කරන්නන්  වන බව භාවිතාව විසින් පෙන්වා දී ඇත කම්කරුවන්ට සපයන ඔවුන්ගේ නායකත්වය නොමැතිව ධනපතියන්ට  බලයේ  රැදී සිටිය නොහැකි වනු ඇත . මෙය සනාථ කොට ඇත්තේ රුසියාවේ කෙරන්සිකි  පාලනයේ   ඉතිහාසය පමණක් නොව , ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමුහආණ්ඩුව  කෙරහි දැක්වූ ඇල්බට් තෝමස් ආකල්පය  විසින් එය සනාථ කොට තිබේ . මහා බ්‍රිතාන්‍යයේ  සහ එකසත්  ජනපදයේ  සමාන  අත්දැකීම්  විසින්  එය  සනාථ කොට තිබේ .අපේ ප්‍රධාන  සතුරා සිටින්නේ මෙතනය . අප සතුරා පරාජය කල යුතුය . අප මේ සම්මේලනයෙන්  පිටවිය යුත්තේ  සියලුම පක්ෂ වල අවසාන කෙලවර දක්වා මෙම අරගලය කර ගන යෑම සදහා  දැඩි අධිෂ්ඨානයෙන්  යුතුවයි , මෙය අපේ ප්‍රධාන කර්තව්‍යය  වෙයි”

-” *ලෙනින් සහොදරයා 1920.ජුනි 19-*”

අපි මාක්ස්වාදීන් ලෙස කළ යුත්තේ ජන අරගල නිර්මාණය කිරිම හෝ ප්‍රතිසංස්කරණ පස්සෙ දිවීම නොව නිශ්චිතම කම්කරු පංතිය ඇතුළු පිඬිත මහජනතාව සංවිධානය කර සමාජවාදි විප්ලවිය සිදු කිරිමයි. එය ඇරෙන්න ඊනියා දිනාගත නොහැකි  ප්‍රතිසංස්කරණ දිනා ගැනිම හෝ ඊනියා ජන නැගිටීම් පසුපස දිවිම නොවන බව මතක තබා ගත යුතුය.

*ප්‍රතිසංස්කරණ*

ප්‍රතිසංස්කරණවාදි නොවී එය පංති අරගලය මුවහත් කිරීමට උපක්‍රමක භාව්ත කිරිමට ලෙනින් සහෝදරයාගෙන් ඉගෙන ගනිමු.

*හැම ප්‍රතිසංස්කරණයක් ම, එය වඩා හොඳ අතට ගන්නා කිසියම් පියවරක්, අවධියක්” සකසන තාක් දුරට ප්‍රතිසංස්කරණයක් වේ. (ප්‍රතිගාමී හෝ කොන්සර්වෙටිව් හෝ පියවරක් නොවේ.) එහෙත් ධනේශ්වර සමාජය තුළ කෙරෙන හැම ප්‍රතිසංස්කරණයකම ද්විත්ව ස්වරූපයක් ඇත. ප්‍රතිසංස්කරණයක් වනාහි විප්ලවවාදී අරගලය වළකාලීම සඳහාත් දුර්වල කිරීම සඳහාත් විප්ලවවාදී පංතීන්ගේ බලවේගයන් සහ ශක්තිය කඩා බිඳ දැමීම සඳහාත් ඔවුන්ගේ විඥානය මොට කිරීම යනාදිය සඳහාත් පාලක පංතීන් විසින් දෙනු ලබන සහනයකි. එනිසා, විප්ලවවාදී සමාජ*  *ප්‍රජාතන්ත්‍රවාදය විප්ලවීය පංති සටන වර්ධනය කිරීමේ අරමුණ උදෙසා ප්‍රතිසංස්කරණයන් උපයෝගී කර ගැනීම අත් නො හරින අතර ම, ධනේශ්වර ප්‍රතිසංස්කරණවාදී අතරමඟ සටන් පාඨයන් මොනයම් තත්ත්වයක් යටතේ හෝ “තමන්ගේ ම ” සටන් පාඨයන් බටව පත් කර ගන්නේ නැත*.

*(How Not to Write Resolutions – Lenin – Collected*
*Works – වෙළුම 12 – පිට 237 (1907)*

ගෝල්ෆේස් අරගලය තුළද අන්තර්වාර ආණ්ඩු යොජනා කළ ඊනියා ව්‍යාජ වාම ව්‍යාපරයන් ප්‍රතිසංස්කරණ ව්‍යාපරයන් ඇත.නිශ්චිතම අපි මාක්ස්වාදී විඤ්ඤාණයෙන් ශක්තිමත් ව විප්ලවවාදි ව්‍යාපරයක් නිර්මාණය කර කම්කරු පංතිය ප්‍රමුඛ පිඩිත මහජනතාව, ගොවියන් මාක්ස්වාදී අස්ථානයක් යටතේ ජාත්‍යන්තර පදනමකින් සංවිධානය කළ යුතුය. එය ඇරෙන්න විටින් විට ගෝල්ෆේස් ගොස් කට මැඩ දෙඩවීම හෝ ආණ්ඩු වට්ටනවා යන්න කියා පෑම නොවන අතර  එය මගින් පංති අරගල වෙනුවට  බෝම්බය පාවිච්චි කිරීම වැනිය.

පංති අරගලය හා ජන අරගලයන් පිළිබඳව ලෙනින් සහෝදරයාගේ අදහසක්

“පංති අරගලය බෝම්බයට වඩා දස ලක්‍ෂ වාරයක්
බලවත් බවත්, බෝම්බය කිසිසේත් පංති අරගලය
වෙනුවට පාවිච්චි කළ හැකි දෙයක් නොවන බවත්, මාක්ස්වාදයෙන් සන්නද්ධ නොවී විවිදාකාර
සුළු ධනේශ්වර කුණුකන්දල් වලින් ඔලුගෙඩි පුරවාගෙන බොම්බයක් අතට ගත් පමණින්
යමෙක් විප්ලවවාදියෙකු නොවන බවත් එමගින්
කළ හැක්කේ විපළවයේ මිනී වල හාරන්නාගේ කොටසට* *හිමිකම් පෑම පමණක් බවත්,
විප්ලවවාදියෙකුටත් විප්ලවවාදී ව්‍යාපාරයකටත් අවශ්‍ය ප්‍රථම කොන්දේසිය නම් පවතින යථාර්තය පිළිබඳ මාක්ස්වාදී අවබෝධයක් ලබා ගැනීම
බවත් මුළු මහත් සමාජ ක්‍රමයම අර්බුධයක කැකෑරෙන අවස්ථාවකදී අධිරාජ්‍යවාදය පිළිබඳ පූර්ණ අවබෝධය ලබාගැනීමට ලෙනින් දැරූ
පරිශ්‍රමය ආදර්ශයට ගෙන ඉගෙන ගත යුතුව
ඇත”

නිශ්චිතවම ධනේෂ්වර නිශ්පාදන මාදිලි ක්‍රමය අහෝසි කර විප්ලවීය ආකරයකට ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදි ක්‍රමයක් ජාතිකවත් ජාත්‍යන්තරවත් නිර්මාණය කි‍රීමක් පමණක් වන අතර ඉන් මෙහා අබමල් රෙණුවක් තරම් දෙයක් ලබා ගත නොහැකි බවත් සදහන් කළ යුතු අතර අප සදහන් කර ඇති දේ මනෝරාජික නොවන අතර ලංකාවේ ඊනියා වාමාංශික ව්‍යාපරයන් හා ධනේෂ්වර පක්ෂ සැබැවින්ම මනෝරාජික වන අතර ඔවුන් එකම සිල්බස් එක ගෙනියන අතර ගුරුවරු මාරු කිරීමෙන් උත්තර සොයන අතර අපි යෝජනා කරන්නේ ධනේෂ්වර ක්‍රමය නැමති විෂය නිර්දේශය වෙනුවට මාක්ස්වාදී විෂය (සමාජවාදි සමාජය) නිර්දේශය සිලබස් එක ගෙන ආ යුතු බවය.

එදා කොමියුනිස්ට් ප්‍රකාෂනයේ මාක්ස් , එංගලස් සහෝදරවරු අදහස් කළ පරිදි සකල දේශවාසි නිර්ධනයනි එක්වව් තේමාව යටතේ ලෝකය පුරා කම්කරු පංතිය විප්ලවවාදී මාක්ස්වාදී නායකත්වයක් යටතේ ඒකාබද්ධ වී අනිවාර්යෙන්ම ලෝක සමාජවාදි විප්ලවය එක රටකින් පටන් ගෙන ග්‍රහලෝකය පුරාවටම ගෙන යා යුතුය. ලෝකයේ ඇති වු ජන නැගිටීම් යුරෝපයේ වැඩ වර්ජන ඇමරිකාවේ උද්ඝොෂයන් වලට අවශ්‍ය වී ඇත්තේ නිවැරදී මාක්ස්වාදී ව්‍යාපරයක් නායකත්වය ලෝක කම්කරු පංතියේ එකමුතුවකි එම නිසා මාක්ස්වාදී අධ්‍යාපනය ඔස්සේ නිර්ධන පංතියට පංති විඤ්ඤාණය ලබා දි මාක්ස්වාදීන් පිරිසක් ජාතිකවත් ජාත්‍යන්තරවත් නිර්මාණය කිරීමත් මාක්ස්වාදී අධ්‍යාපනයක් ලෝකය පුරා ආරම්භ කිරීමත් , මාක්ස්වාදී සංස්කෘතියක් නිර්මාණය කිරීමත් අනිවාර්යෙන්ම කළ යුතු වේ.

“*මෙම කොමියුනිස්ට් විඤ්ඤාණය මහා පරිමාණයෙන් උත්පාදනය කිරීම උදෙසා ද එහි ම මාවතේ ජයග්‍රහණය උදෙසා ද මිනිසුන්ගේ  වෙනස්වීම් මහා* *පරිමාණයෙන් අවශ්‍ය වේ. එවැනි වෙනස් වීමක් සිදු විය හැක්කේ ප්‍රායෝගික ව්‍යාපාරයක්, විප්ලවයක් තුළ පමණි. එහෙයින් , විප්ලවය අවශ්‍ය වන්නේ පාලක පංතිය වෙනත් ක්‍රමයකින් පෙරළා දැමිය නොහැකි නිසා පමණක් නොව. එය පෙරළා දමන පංතියට යුග ගණනක් පැරණි කුණු කන්දවල් වලින් නිදහස් වෙමින් සමාජය අලුතින් නිර්මාණය කිරීමට අවශ්‍ය හැකියාව ලබා ගත හැකකේ විප්ලවය තුලින් පමණක් නිසාත් ය.*

*——කාල් මාක්ස් සහොදරයා ——-*
*(ජර්මන් දෘෂ්ටිවාදය – සිංහල පරිවර්තනය )*

තවද එක් කාරණයක් සදහන් කළ යුතුය එනම් න්‍යායෙන් තොර භාවිතය අන්දය භාවිතයෙන් තොර න්‍යාය වද බව අපි හොදින් දන්න අතර අපි යොජනා කරන්නෙ පොතෙගුරුවාදින් පිරිසක් නොවන අතර ගිරාපොතකයන් පිරිසක් නොව සැබැ මාක්ස්වාදී ලෙලින්වාදි න්‍යාය භාවිතයට නැගෙන පිරිසක් වන අතර අපි දැකපු පරිදි වමාන්ශික ව්‍යාපරයන් බහුතරයක් භාවිතය කියා සිදු කරන්නෙ මාක්ස්වාදී භාවිතය නොවන අතර ප්‍රතිසංස්කරණ පස්සෙ දිවිම හා කුණුකන්දවල් පස්සෙ දිවිම සාමජයෙ ඉස්සෙන එවා පස්සෙ දිවිමය අපට අවශ්‍ය ඇත්තෙ මාක්ස්වාදී භාවිතක් වන අතර  ප්‍රතිසංස්කරණ පස්සෙ අයලේ යන භාවිතාවක් නොවන බව තහවරු කළ යුතුය .   මුලු ග්‍රහලෝකය පුරා සමාජවාදී විප්ලවය අනිවාරයෙන්ම   සිදු වෙන බවත් එය කවදා කොතනින් පටන් ගනියිද යන්න අපට කිය නොහැකිය නමුත් මුළු ග්‍රහලෝකය  පුරා විප්ලවය  නොනවතින ව්ප්ලවයක් ලෙස. සිදු වෙනු ඇත සමාජවාදය  අනිවාර්යයෙන් ඉදිරි දශකය තුළ ගමන් කළ යුතුයි. නැතිනම් මානවයන්ගේ අවසානය කරා ගමන් කිරීම සිදු වෙයි මිලේච්ඡත්වයට ගමන් කිරීම සිදුවෙයි. අනාගතය විද්‍යාත්මක කොමියුනිස්ට් සාමජයක් අනිවාර්යයෙන්ම නිර්මාණය කළ යුතුයි එය  සුරාකෑම අහොසි වන, පංති භේදය නොමැති, තුල්‍ය නොමැති, රාජ්‍ය නොමැති ලෝකයක් නිර්මාණය කළ යුතුයි.

අනාගතය කොමියුනිස්ට්වාදය එය නියතයි!

ලිපිය: නිමේෂ් දේවන්ග සහෝදරයා
         මාක්ස්වාදී විශ්වව්ද්‍යාලය
         Marxists university ☭
 

Loading

Related posts