ආදර ප්‍රගීත්! 

අද අගෝස්තු මාස දහවෙනිදා. පහුගිය පෙබරවාරි මාසේ ඉඳල ඇස් දෙකත් එක්ක කරපු අරගලය අවසන් වෙලා. මාස අටකට පසුව ඇස් දෙක දැන් යථා තත්ත්වයට පත්වෙලා කියන සැනසිලිදායක සිතුවිල්ලත් සමග මෙය ලියන්නේ. පහුගිය කාලේ විවිධ අවස්ථාවල ඔයාට ලියන්න උත්සාහ කළත්, ආර්ථිකය ඇතුළු තව බොහෝ දේවල් සේම, ලියන්න ගත් උත්සාහයනුත් අසාර්ථක වුණා.

  හැබැයි ප්‍රගීත්, මේ ඇතිවුන සැනසිලිදායක තත්වෙත් එක්කම යලිත් මේ මොහොතේ ඔයාට යුක්තිය ඉටුවීම පිළිබඳ තැබූ බලාපොරොත්තු සුන් වේදෝ යන සැකය මතුවෙලා. ඒ මෙම නඩුවේ සභාපති විනිසුරු තුමා කිසියම් චෝදනා හේතුවෙන් සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍ය තුලින්  පුවතක් දුටුව නිසා.

 ප්‍රගීත් මට එතුමා පිළිබඳව එක මතකයක් තියෙනව. ඒ එතුමාව මෙම නඩුවට පත්වූ මුල් කාලයේදීම එතුමාව නඩුවෙන් ඉවත් කිරීමට කාට හෝ අවශ්‍යව තිබුණා යන කාරණය . මා එසේ කියන්නේ. දිලිත් ජයවීරයන්ගේ මාධ්‍ය ආයතනයට සම්බන්ධ එක්තරා මාධ්‍යවේදියෙක් එතුමා පත් වූ මුල් කාලයේදීම එතුමා නඩුවෙන් ඉවත් කර ඇති බව මාත් සමග නඩුවට සහභාගී වන අනික් මිතුරියන් අතර ප්‍රචාරය කරල තිබූණ. එහෙත් ඒක එහෙම  සිද්ධ වුනේ නම් නැහැ.

 එහෙත් මම වර්තමාන විනිසුරු මඩුල්ල කෙරෙහි තැබූ මහත්වූ බලාපොරොත්තුව නම්  බිඳී විසිරී ඇත. අප්‍රමාණ බලාපොරොත්තු සුන් වීම් පිළිබඳව අත්දැකීම් ඇති මට කළ හැක්කේ ප්‍රාර්ථනාවන් සමඟින් ඉදිරියට යෑමයි. මම දැහැමින් සෙමින් ඉදිරියට යමි. සමහරවිට හෙට අලුත් බලාපොරොත්තුවක් උපදීවි.

පසුගිය කාලයේ විවිධ අවස්ථාවල කුරුටු ගෑ වදන්ද මේ සමගින්ම අමුනමි.

,මම ඔයාට අන්තිමට ලිව්වේ. අගෝස්තු 15 වැනිදා. ඒ ඔයාව, ඔයාට සිදුවූ දේ ගැන සොයාගන්න මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්න ගියහම සිද්ධ වෙච්ච තත්ත්වය. ඒ ටික තමයි ප්‍රගීත් මුල් කොටස.  

ඔයා දන්නවද අදත්(2025/08/20) මම මානව හිමිකම් කොමිසමට ගියා. විමර්ශනයකට, ඒ 2023 ජූලි 23 කලු ජූලියට අවු.40 පිරීම වෙනුවෙන් සිරිතුංග සහෝදරයල (උතුර දකුණු සහෝදරත්වය)

. පොඩි සැමරුම උත්සවයක්, සිහිකිරීමක් සංවිධානය කරලා තිබ්බා. ඒකට මමත් සහභාගි වුණා. හැබැයි ඉතින් ඔය රාජපක්ෂලාගේ මැරයොයි පොලිසිය මැර කට්ටියයි එකතුවෙලා අපිට ගැහුවා. පපුවෙ තරු ගහ ගත්ත පොලීසියේ ලොකු මහත්තයෙක් කිව්ව ඔයා වෙනුවෙන් පහනක් පත්තු කරන්න ඔයාගෙ සොහොනට යන්නකියල.මම එයාලට කිව්ව” අනේ ඒක තමයි මම අවුරුදු15ක් පුරා හොයන්නෙ, ඔබතුමා මට ඒක තියෙන තැන කියන්න කියල. ඒ පාර ඒ ඇත්තො මගේ අතේ පත්තු වෙමින් තිබුණ පොල්තෙල් පහනට අතින් ගැහුව්ව. රත් වෙමින් තිබුණ ඒ  තෙල් ඇහැටත්  වීසි වෙලා කාලයක් බෙහෙත්  කරන්න සිද්ධ  වුණා. 

ඒවා වෙනුවට තමයි 2023 ජූලි 26 පැමිණිල්ලක් කළේ. ඒ විමර්ශන තාමත් යනවා. අදත් බොරැල්ල පොලිසියේ OIC ආවේ නැහැ. මේ වෙනකොට එයා තුන් වතාවක් ඇවිල්ල නැහැ. එක වතාවක් නොපැමිණීමට හේතුව ඇහුවාම දිවුරුම්  ප්‍රකාශය ක් එවල තිබුණා කියලා විමර්ශන නිළධාරී කිව්ව. අද ඒකත් නැහැ. කිසිම දැනුම් දීමක් නැහැ. මම දන්නේ නැහැ මේ. ඇයි මෙහෙම මේ පොලිස් දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ කියලා. තියෙන කණගාටුව මේ අය අනෙක් රාජ්‍ය ආයතන වලට ගෞරවයක් නොදැක්වීමයි. තවමත් මේ පොලිසියේ වෙනස් වෙලා නෑ. සමහරු කියනව ඒගොල්ලන් දැන් හරි වෙනස් කියල. ඒත් මේ අය දැක්කහම හිතෙන්නෙ  2010 දැක්ක පොලිසිය මයි  තාමත් ඉන්නෙ කියල..

මම මේක ලියන්න පටන් ගත්තෙ අගෝස්තු 20, යලිත් ඇහ ටිකක් වද දෙන්න පටන් ගත්ත. ලියන එක නවත්වන්න සිද්ධ වුනා වේදනාව වැඩි කමට.

මානව හිමිකම් කොමිසම 2010 මාර්තු 08න් පස්සෙ  පරීක්ෂණවලට මොනවද වුණේ කියලා කිසිම තොරතුරක් තිබුණේ නැහැ. බැරිම තැන 2011 අගෝස්තු මාසේ දහවෙනිදා. මම මානව හිමිකම් කොමිසමේ සභාපති තුමාටයි, පොලිස්පතිතුමාටයි ඔයාගේ  පරීක්ෂණ සම්බන්ධව කතා කරන්න. හමුවෙන්න අවස්ථාවක් ඉල්ලලා ලියුම් දෙකක් ඇරියා. ‘ඔබගේ ලිපිය පොලිස්පතිතුමාගේ අවධානයට  යොමු කළා. කියලා  පොලිස් මූලස්ථානයෙන් ලියුමක් ආවා. ඒත් මානව හිමිකම් කොමිසමෙන් කිසිම පිළිතුරක් ලැබුණේ නෑ. ඔය අතරේ. 2011 නොවැම්බර් මාසේ නව වෙනිදා. ජිනීවාවල වද හිංසාවට එරෙහි  කමිටුවේදී.  ඔයා පිළිබඳව අහපු ප්‍රශ්නෙකට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා වශයෙන්  එම කමිටුවට සහභාගි වුන,  හිටපු නීතිපති මොහාන් පීරිස් මහත්මයා  උත්තර දෙනව.ඔහු කියන්නෙ “අපිට විශ්වාසවන්ත මාර්ගයකින් තොරතුරු ලැබිලා තියෙනවා. එක්නැලිගොඩ වෙනත් රටක  සරණාගත භාවය ලබලා ඉන්නවා කියල.

 2010. මාර්තු 9දා මම එවකට නීතීපතිවරයා සිටි මොහාන් පීරිස්ශ මහතාට ලියුමක් ලියනවා. ඔයාව හොයා ගන්න උදව් කරන්න කියලා. ඒත් ඒ ලියුම ලැබුණ බව වත් කියා ප්‍රතිචාර නොදැක්වූ

  මෙතුමාගේම මෙම  කතාවත් එක්ක මට සතුටක් වගේම දුකක් ඇතිවුණා. සතුට නං ඔයාට සිදුවුන අපරාධය ගැන කිසිදු විමර්ශනයක් නොකර මම අඬන්නෙ නැති එකයි, රාජපක්ෂල ගාව වැද වැටෙන්නෙ නැති එකයි ගැන කතන්දර කිය කිය හිටපු  රාජපක්ෂ ආණ්ඩුවේ ඇත්තෝ  ඔයා ගැන  හරි හමන් දෙයක් කියලා තියෙනවානේ ඒකයි. දුක නම් ඒ වෙනකොට ලංකාවේ ඇතුලේ දේශීයව තිබුණ නඩු වල මෙම පුවත සනිටුහන් නොවීමයි. 

ඉතිරි ටික හෙට එකතු කරන්නම්…

@highlight Ekneligoda Forum – එක්නැලිගොඩ සංසදය!

සන්ද්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ

Loading

Related posts