ඉරානය කෙරෙහි ලෝක අවධානය යොමු වීමත් සමඟ, ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් කරනු ලබන සමූලඝාතන ව්‍යාපාරය නව හා භයානක තත්ත්වයකට ළඟා වී තිබේ. සෑම දිනකම, කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන්ට ආහාර ලබා ගැනීම සඳහා දුරස්ථ ස්ථානවලට යාමට බල කෙරෙමින් පවතින අතර එම ජනතා සමූහවලට වෙඩි ප්‍රහාර එල්ල කරමින්, ඊනියා ආධාර බෙදා හැරීමේ ස්ථාන විවෘත ඝාතන මධ්‍යස්ථාන (open killing fields) බවට පත් කර ඇත.
පසුගිය සතිය තුළ ආහාර සොයා යන පලස්තීනුවන්ට එරෙහිව කෙරෙන ප්‍රහාර නොසිතූ විරූ ලෙස වැඩි වී ඇති අතර, දිනපතා දුසිම් ගනනක් පුද්ගලයින්ට වෙඩි තබීම හෝ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබේ. පසුගිය සතිය තුළ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව කම්පනයට පත් කරන කරුණකි: සඳුදා අවම වශයෙන් පුද්ගලයින් 38 දෙනෙකු, අඟහරුවාදා 59 දෙනෙකු, බ්‍රහස්පතින්දා 22 දෙනෙකු සහ සිකුරාදා 35 දෙනෙකු මිය ගොස් ඇත. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය “ආධාර සංහාර” ලෙස හඳුන්වන මෙම ප්‍රාර හේතුකොටගෙන මැයි අග සිට 400 කට වැඩි පිරිසක් මිය ගොස් 3,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේ අනුව ගාසා ජන සංහාර ශබ්දකෝෂයට නව යෙදුමක් ලෙස “ආධාර සංහාර” යන්න එකතු කර ඇත.
මෙම දරුණුතම ආධාර සංහාරය ජුනි 17 වන දින සිදු වූ අතර, එහිදී ඛාන් යුනිස් හි පිටි සලාක ලබා ගැනීමට රැස්ව සිටියදී අවම වශයෙන් පලස්තීනුවන් 59 දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. නසාර් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී තිබුණි. “රෝගීන්ගේ පැමිණීමට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය කණ්ඩායමට තුවාලකරුවන්ට ඉඩ සැලසීම සඳහා මාතෘ වාට්ටුව ඉවත් කිරීමට සිදු වූ අතර, ප්‍රසූති කාමර හදිසි ශල්‍යාගාර බවට පත් කළේය. බොහෝ තුවාලකරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔවුන්ගේ අත් පා කපා දැමීමට අවශ්‍ය විය,” යනුවෙන් නසාර් හි ක්‍රියාත්මක වූ දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ (Doctors Without Borders) සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “ගාසාවට ගලා එන ප්‍රමාණවත් නොවන ආධාර ප්‍රමාණයෙන් ආහාර ලබා ගැනීමට ගන්නා උත්සාහයන්හිදී සෑම දිනකම පලස්තීනුවන් සංහාරයට ලක් වේ.”
“පලස්තීන ජීවිත එතරම් නොවැදගත් වී ඇත. කුලී හේවායන්ගෙන් සැදුම්ලත් සමාගමකින්, සුළු ආහාර ප්‍රමාණයක් බෙදා හැරීමට කෙරෙන උත්සාහය අතරතුර, මංමුලා සහගත සහ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ට වෙඩි තබා මරා දැමීම දැන් පුරුද්දක් වී තිබේ,”යනුවෙන් UNRWA හි කොමසාරිස් ජෙනරාල් පිලිප් ලසරිනි (UNRWA’s Commissioner General Philippe Lazzarini) බදාදා සමාජ මාධ්‍ය සටහනක සඳහන් කළේය. “කුසගින්නෙන් පෙළෙන ජනතාව මරණයට පත් කිරීම යුද අපරාධයකි. මෙම ක්‍රමයට අදාළ පුද්ගලයින් වගකිව යුතුය. මෙය අපගේ සාමූහික විඥානයට කරන නින්දාවක් සහ කැළලකි.”
By Sunil Silva