නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

ගෝලීය දකුණේ පීඩිත ජනතාව සහ ප්‍රජාවන්, ගෝලීය පාලකයින් ලෙස ගෝලීය උතුරේ අධිකාරි බලය සංකේන්ද්‍රණය කර ගෙන ඇති නිස්සාරණවාදයට සහ තියුණු වී ඇති අසමාන බල සබඳතාවලට එරෙහිව දිගටම සටන් කරමින් සිටින අතර, ඇත්ත වශයෙන්ම යටත් විජිත ආධිපත්‍යය යළි ප්‍රතිස්ථාපනය කරමින් ඇත.

සාධාරණ සහ තිරසාර අනාගතයක් සඳහා වන අරගල හුදකලා භාවයට පත්වී ඇති අතර ස්වල්ප දෙනෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගොඩනගා ඇති ගෝලීය ආර්ථික පද්ධතියක පැවැත්ම සඳහා, අපගේ සම්පත් සහ අපගේ ජනතාව ගොදුරු කර ගනිමින් සිටිති.  ධනවත් රටවල ආණ්ඩු, ප්‍රභූ පැලැන්තිය සහ මහා ව්‍යාපාර සඳහා ගෝලීය දකුණේ ජනතාවගේ ශ්‍ර‍මය, ධනය සහ පරිසර පද්ධතිවල ගැඹුරු වෙනස්කම් ඒකාකාරව ඉල්ලා සිටී. මෙම ගමන් මඟේ සැබෑ වෙනසක් වර්තමානයේ මෙන්ම අනාගතයේ අපගේ පැවැත්මට ඇති එකම යතුර වන අතර

එය සිදුවිය හැක්කේ ගෝලීය දකුණ වහල්භාවයේ තබා ගන්නා පීඩාකාරී සහ අසමාන තත්වයන් පවත්වා ගෙන යන්නාවූ පද්ධති සහ ව්‍යුහයන් විසුරුවා හැරීමෙන් පමණි.

ගෝලීය දකුණු රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටළු සහ අභියෝග බොහොමයක හදවත ණය අර්බුදයයි. ගෝලීය දකුණ කෙරෙහි ආර්ථික හා දේශපාලන බලය ක්‍රියාත්මක කිරීම සඳහා “ණය“ ආයුධයක් ලෙස භාවිතා කරන අතර, තිරසාර නොවන, අසාධාරණ සහ නීත්‍යානුකූල නොවන ණය විශාල වශයෙන් ගෝලීය දකුණේ එකතු වී ඇති අතර අපගේ ජනතාව කිසිදා නිම නොවන ණය චක්‍රයකට කොටු කර ඇත. සහන සඳහා වන ඉල්ලීම් නොසලකා හැරීම සහ ප්‍රාග්ධනයට සහ ජීවිතයට වඩා ලාභයට වරප්‍රසාද ලබා දෙන ව්‍යාජ මූල්‍ය විසඳුම් ඉදිරිත් කිරීම  දිගටම කරගෙන යයි. 

කිසිවෙකුට තම ණය ගෙවීම පැහැර හැරීම හෝ මානව හා පාරිසරික අයිතිවාසිකම් ඉටු කිරීම පැහැර හැරීම අතර තෝරා ගැනීමක් කිරීමට බල නොකළ යුතුය. මිනිසුන් සහ පරිසරය ආරක්ෂා කරන නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා තීරණාත්මක පියවරක් ලෙස ණය අවලංගු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වන සන්ධිස්ථානයක අපි සිටිමු.

කෙසේ වෙතත්, ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනයේ දී අයුක්තිය සහ බල අසමානතාවයේ ගතිකත්වයන් කිසිදා නොවූ විරූ ලෙස ප්‍රචලිතව පවතින අතර ඒ සඳහා ගෝලීය දකුණේ රටවලට කෙරෙන බලපෑම් භයානක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව අපි දැඩි ලෙස සැලකිල්ලට ගතයුතු වන්නෙමු. මෙම තීරණාත්මක මොහොත තුළ, උතුරේ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතන ආරක්ෂා කරමින්, ණය අර්බුදයක් උග්‍ර‍ කිරීම සඳහා නායකත්වය දෙමින්, මහත් ව්‍යසනයකට මඟ පාදමින් සිටිති. ණය බරින් පීඩාවට පත්ව ඇති රටවල් විසින් කල් පවතින, දිගුකාලීන බලපෑම් සහිත සැබෑ පරිවර්තනයක් සඳහා කරන ඉල්ලීම් නොසලකා හරිති.

විශේෂයෙන්, යුරෝපීය සංගමයේ රටවල් ගෝලීය දකුණේ ජනතාවගේ ජීවිත හා අයිතිවාසිකම් අහිමි කරමින් සුපුරුදු පරිදි ව්‍යාපාරික ණය ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් සිටිති. බහුපාර්ශ්විකත්වය තවදුරටත් දුර්වල කිරීමට කටයුතු නොකරන ලෙස අපි යුරෝපීය සංගමයට සහ අනෙකුත් සංවර්ධිත රටවලට අභියෝග කරමු. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන්ට සහාය දීම සහ ලෝකයේ වැඩි ජනතාවක් ජීවත් වන ගෝලීය දකුණේ රටවල හඬට සහ අවශ්‍යතාවලට ගරු කිරීමට ක්‍රියා කරන ලෙස ගෝලීය උතුරෙන් ඉල්ලා සිටිමු. පරිවර්තනය වූ ලෝකයක, අතිමහත් බහුතරය සඳහා නීති රීති තීරණය කිරීමට සහ පැනවීමට රටවල් අතලොස්සකට අවකාශ නොමැත.

පෘථිවි ගෝලයේ පැවැත්ම තීරණය වන මෙම අවසාන අදියරේදී, ගෝලීය දකුණේ නියෝජනය සහ හඬ උපරිමයෙන් සහතික කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදීව, විනිවිදභාවයෙන් සහ යහපත් විශ්වාසයකින් යුතුව සිදු කළ යුතු සාකච්ඡා අඩපණ කිරීමට ගෝලීය උතුර විසින් දරන ඕනෑම උත්සාහයක් අපි ප්‍රතික්ෂේප කළ යුතු අතර එය හෙළිදරව් කර ප්‍රතිරෝධය දැක්විය යුත්තෙමු.

ශත වර්ෂ ගණනක් තිස්සේ ගෝලීය උතුරේ රටවල් විසින් කරගෙන යන සූරාකෑම සහ බලහත්කාර මංකොල්ලය එරෙහිව  අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාවයක් සඳහා පෙළ ගැසෙමු.

Loading