අපට අවශ්‍ය වන්නේ සාධාරණ හා පරිවර්තනීය වෙනසක් සඳහාවූත්, දැනුවත්වූත් පීඩිත ජනතාවගේ පෙළ ගැසිමකි! එහි මූලික පියවර වනුයේ මහජන කොමියුන ගොඩනැගීමයි.
ආර්ථික වශයෙන් පාරිසරික බිඳවැටීම, වැඩිවන දරිද්‍රතාවය, පුලුල්ව පැතිරුනු කුසගින්න සහ ගැඹුරු වන අසමානතාවයන්, ඉඩම් සහ ජනතාව සූරාකෑමේ නව ආකෘති සහ ඉහළ යන මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි එකිනෙකට බැඳී ඇති අර්බුදවල උග්‍රවීමෙන් බේරීමට බිලියන සංඛ්‍යාත ජනතාවක් යන්තම් එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නාවූ තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිටිමු. අපි ජීවත් වන්නේ අයුක්තිය සහ අසාධාරණ ලෙස සූරාකෑම සාමාන්‍යකරණය කළ, අක්‍රිය පද්ධතියකින් පවත්වා ගෙන යන සහ යටත් විජිත අතීතයක සිට පැවත එන පීඩාකාරී පදනම් මත ගොඩනගා ඇති ලෝකයක ය.
ගෝලීය දකුණ කිසිදා නිම නොවන ණය චක්රයක සිරවී සිටී. සහන සඳහා වන ඉල්ලීම් නොසලකා හරිනු ලැබේ; නැතහොත් ජීවිතයට වඩා ප්රාග්ධනය සහ ලාභයට වරප්‍රසාද ලබා දෙන ව්‍යාජ මූල්‍ය විසඳුම් සමඟ සපුරාලනු ලැබේ. මිනිසුන්ට සහ ග්‍රහලෝකයට සේවය කරන නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා තීරණාත්මක පියවර අවශ්‍ය වන සන්ධිස්ථානයක අපි සිටිමු.
ගෝලීය දකුණේ පීඩිත ජනතාව සහ ප්‍රජාවන්, ගෝලීය පාලකයින් ලෙස ගෝලීය උතුරේ අධිකාරි බලය සංකේන්ද්‍රණය කර ගෙන ඇති නිස්සාරණවාදයට සහ තියුණු වී ඇති අසමාන බල සබඳතාවලට එරෙහිව දිගටම සටන් කරමින් සිටින අතර, ඇත්ත වශයෙන්ම යටත් විජිත ආධිපත්‍යය යළි ප්‍රතිස්ථාපනය කරමින් ඇත.
සාධාරණ සහ තිරසාර අනාගතයක් සඳහා වන අරගල හුදකලා භාවයට පත්වී ඇති අතර ස්වල්ප දෙනෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගොඩනගා ඇති ගෝලීය ආර්ථික පද්ධතියක පැවැත්ම සඳහා, අපගේ සම්පත් සහ අපගේ ජනතාව ගොදුරු කර ගනිමින් සිටිති. ධනවත් රටවල ආණ්ඩු, ප්‍රභූ පැලැන්තිය සහ මහා ව්‍යාපාර සඳහා ගෝලීය දකුණේ ජනතාවගේ ශ්‍රමය, ධනය සහ පරිසර පද්ධතිවල ගැඹුරු වෙනස්කම් ඒකාකාරව ඉල්ලා සිටී. මෙම ගමන් මඟේ සැබෑ වෙනසක් වර්තමානයේ මෙන්ම අනාගතයේ අපගේ පැවැත්මට ඇති එකම යතුර වන අතර
එය සිදුවිය හැක්කේ ගෝලීය දකුණ වහල්භාවයේ තබා ගන්නා පීඩාකාරී සහ අසමාන තත්වයන් පවත්වා ගෙන යන්නාවූ පද්ධති සහ ව්‍යුහයන් විසුරුවා හැරීමෙන් පමණි.
ගෝලීය දකුණු රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටළු සහ අභියෝග බොහොමයක හදවත ණය අර්බුදයයි. ගෝලීය දකුණ කෙරෙහි ආර්ථික හා දේශපාලන බලය ක්‍රියාත්මක කිරීම සඳහා “ණය“ ආයුධයක් ලෙස භාවිතා කරන අතර, තිරසාර නොවන, අසාධාරණ සහ නීත්‍යානුකූල නොවන ණය විශාල වශයෙන් ගෝලීය දකුණේ එකතු වී ඇති අතර අපගේ ජනතාව කිසිදා නිම නොවන ණය චක්‍රයකට කොටු කර ඇත. සහන සඳහා වන ඉල්ලීම් නොසලකා හැරීම සහ ප්‍රාග්ධනයට සහ ජීවිතයට වඩා ලාභයට වරප්‍රසාද ලබා දෙන ව්‍යාජ මූල්‍ය විසඳුම් ඉදිරිත් කිරීම දිගටම කරගෙන යයි.
කිසිවෙකුට තම ණය ගෙවීම පැහැර හැරීම හෝ මානව හා පාරිසරික අයිතිවාසිකම් ඉටු කිරීම පැහැර හැරීම අතර තෝරා ගැනීමක් කිරීමට බල නොකළ යුතුය. මිනිසුන් සහ පරිසරය ආරක්ෂා කරන නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා තීරණාත්මක පියවරක් ලෙස ණය අවලංගු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වන සන්ධිස්ථානයක අපි සිටිමු.
අද, අපි අතපසු කළ නොහැකි තීරණාත්මක අවස්ථාවක් අද්දර සිටිමු:
කෙසේ වෙතත්, ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනයේ දී අයුක්තිය සහ බල අසමානතාවයේ ගතිකත්වයන් කිසිදා නොවූ විරූ ලෙස ප්‍රචලිතව පවතින අතර ඒ සඳහා ගෝලීය දකුණේ රටවලට කෙරෙන බලපෑම් භයානක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව අපි දැඩි ලෙස සැලකිල්ලට ගතයුතු වන්නෙමු. මෙම තීරණාත්මක මොහොත තුළ, උතුරේ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතන ආරක්ෂා කරමින්, ණය අර්බුදයක් උග්‍ර කිරීම සඳහා නායකත්වය දෙමින්, මහත් ව්‍යසනයකට මඟ පාදමින් සිටිති. ණය බරින් පීඩාවට පත්ව ඇති රටවල් විසින් කල් පවතින, දිගුකාලීන බලපෑම් සහිත සැබෑ පරිවර්තනයක් සඳහා කරන ඉල්ලීම් නොසලකා හරිති.
විශේෂයෙන්, යුරෝපීය සංගමයේ රටවල් ගෝලීය දකුණේ ජනතාවගේ ජීවිත හා අයිතිවාසිකම් අහිමි කරමින් සුපුරුදු පරිදි ව්‍යාපාරික ණය ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් සිටිති. බහුපාර්ශ්විකත්වය තවදුරටත් දුර්වල කිරීමට කටයුතු නොකරන ලෙස අපි යුරෝපීය සංගමයට සහ අනෙකුත් සංවර්ධිත රටවලට අභියෝග කරමු. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන්ට සහාය දීම සහ ලෝකයේ වැඩි ජනතාවක් ජීවත් වන ගෝලීය දකුණේ රටවල හඬට සහ අවශ්‍යතාවලට ගරු කිරීමට ක්‍රියා කරන ලෙස ගෝලීය උතුරෙන් ඉල්ලා සිටිමු. පරිවර්තනය වූ ලෝකයක, අතිමහත් බහුතරය සඳහා නීති රීති තීරණය කිරීමට සහ පැනවීමට රටවල් අතලොස්සකට අවකාශ නොමැත.
ගෝලීය දකුණට යුක්තිය ඉටු කරන ලෙස අපි දැඩි ලෙස ඉල්ලා සිටිමු!
පෘථිවි ගෝලයේ පැවැත්ම තීරණය වන මෙම අවසාන අදියරේදී, ගෝලීය දකුණේ නියෝජනය සහ හඬ උපරිමයෙන් සහතික කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදීව, විනිවිදභාවයෙන් සහ යහපත් විශ්වාසයකින් යුතුව සිදු කළ යුතු සාකච්ඡා අඩපණ කිරීමට ගෝලීය උතුර විසින් දරන ඕනෑම උත්සාහයක් අපි ප්‍රතික්ෂේප කළ යුතු අතර එය හෙළිදරව් කර ප්‍රතිරෝධය දැක්විය යුත්තෙමු.
- ගෝලීය ආයතනවල තැන්පත් කර ඇති යටත් විජිත උරුමයන් ආපසු ලබා ගැනීමට සහ ලාභයට වඩා ජීවිතය (මිනිසා, සියළුම සත්වයන් සහ පරිසරය) අගය කරන නව රාමු සහ ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්භීත, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා අපි ඉල්ලා සිටිමු.
- ගෝලීය උතුර ඔවුන්ගේ ඓතිහාසික වගකීම් වසන් කිරීමට සහ වන්දි ගෙවීම සඳහා වන සාධාරණ ඉල්ලීම මග හැරීමට හිතාමතා දරන උත්සාහයන්ට අපි විරුද්ධ වෙමු.
- ස්වෛරී ණය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ එක්සත් ජාතීන්ගේ නව සම්මුතියක් ස්ථාපිත කිරීම සඳහා අන්තර් රාජ්‍ය ක්‍රියාවලියක් සඳහා එකඟතාවයක් සඳහා බල කෙරෙන නව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟමු!
- ගෝලීය උතුරේ රජයන් විසින් තම නිදහසට දක්වන කරුණු සහ හිස් පොරොන්දු ප්‍රතික්ෂේප කරමු.
- ණය උගුලේ හිරවී ඇති සියලුම රටවල් සඳහා තිරසාර නොවන සහ නීත්‍යානුකූල නොවන රාජ්‍ය ණය අවලංගු කිරීම සහ අනිකුත් අවශ්‍ය සහන ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.
- ණයහිමියන්ගේ ලාභ සහ බලවත් ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා සහතික කිරීම කේන්ද්‍ර කරගත් වඩාත් පක්ෂග්රාහී, අදූරදර්ශී විසඳුම් අපි ප්‍රතික්ෂේප කරමු.
- ණය අර්බුදය තවත් උග්‍ර කරන සහ සූරාකෑමේ ගතිකත්වය ශක්තිමත් කරන වඩාත් වෙළඳපොළ පදනම් කරගත් සහ නවීන යාන්ත්‍රණ අපි ප්‍රතික්ෂේප කරමු.
ශත වර්ෂ ගණනක් තිස්සේ ගෝලීය උතුරේ රටවල් විසින් කරගෙන යන සූරාකෑම සහ බලහත්කාර මංකොල්ලය එරෙහිව අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාවයක් සඳහා පෙළ ගැසෙමු.
By Sunil Silva