අමුණුම 04
මෙම ප්‍රකාශනය 2025 මැයි 05 වන දින Asiacommune.org වෙබි අඩවියේ පලකල මැතිවරණ පිලිබද 03 වන ඇමුණුම හා බැදේ.
උපුටාගැනීම – 2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිලිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය (Published date – 2025 මැයි 05)
බොහෝ දුරට ජාතික ජනබල වේගයට(NPP) තුනෙන් දෙකක ජන බලයක් ලබා දුන් ජනතාවගෙන් අතිවිශාල ප්‍රමාණයක් මෙම පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දීමෙන් වැළකි සිටිනු ඇත. ආසියා කොමියුනය වෙත ලැබෙන තොරතුරු අනුව ඡන්දය දිම සදහා සුදුසුකම් ලබන ඡන්ද දායකයන්ගෙන් 40% කට වැඩි පිරිසක් ජන්දය ප්‍රකාශ කිරීම වැලකී සිටිනු ඇත. එයට හේතුව වන්නේ එම ජනතාවගේ දිගින් දිගටම සිදු වූ බලාපොරොත්තු සුන් විම සහ නව කණ්ඩායමක් ලෙස බලයට ආ ජාතික ජනබල වේග ආණ්ඩුවේ (NPP) අසාර්ථකත්වය වේ.
පලාත් පාලන මැතිවරණය අවසන් විය. ශ්‍රි ලංකාවේ මධ්‍යම කොමියුන් කමිටුව පුරෝකථනය කල පරිදිම මැතිවරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිද වැටී ඇත. ලක්ෂ 65 කට අධික ඡන්ද දායකයන් ප්‍රමානයක් තම ඡන්දය අවලංගු කර හෝ ඡන්ද පොළට පැමිණ නැත. වර්ෂ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හා සමග සසදන විට ඡන්ද 2,359,256 ජාතික ජන බලවේගයට (NPP) අහිමි වී ඇත. එසේ අහිමි විම හුදකලාව සිදු වූයේ නැත. 2024 වර්ෂයේ ජාතික ජන බලවේගයට (NPP) තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාදිමට ප්‍රධාන හේතුන් කිහිපයක් බලපෑවේය.
- 2022 වර්ෂය වන විට ශ්‍රි ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට ඇද දැමූ රාජපක්ෂ, වික්‍රමසිංහ සහ සිරිසේන යන දූෂිත පාලකයන්ට නීතියෙන් දඩුවම් ලබා දිම.
- 2022 වර්ෂය සමාජයේ විප්ලවිය වෙනසක් ඉල්ලා මිලියන ගණනක් මිනිසුන් පාරට පැමිණ දූෂිත රාජපක්ෂ පාලනය පලවා හරින ලදි. එම පෙරලිකාර ජනතාවගේ අභිලාශය වූයේ අතිශයෙන්ම දූෂිත ආසාධාරණ ධනපති සමාජ ක්‍රමය වෙනස් කිරීමකට මුල පිරීමය. අවාසනාවකට ලෝකයේ අනෙක් රටවල අරගලයන්ට සිදු වූවා සේම එම වෙනස කිරිමට ඉදිරිදර්ශනයක් ඇති සංවිධිත විප්ලවීය සංවිධානයක් පැවතුනේ නැත.
අවසානයේ ඒ අභීත ජනතාවගේ පැතුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිර කරන ලදී. ධනේෂ්වර පාලන ක්‍රමයේ ඊනියා මෙවලමක් වන පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ජනතාව පිලිකුල් කල පාලකයෙක් අගමැති කර පසුව ජනාධිපති ධුරයට පත් කරන ලදි. මෙයින් කෝපාවිශ්ඨ වී සිටි ජනතාවගේ කනට මිහිරි සංගිතයක් වාදනය කරන්නා සේ ජාතික ජන බලවේගය (NPP) ගැයුවේ “අපි ජන්දය දිනා පවතින ක්‍රමය වෙනස් කරනා බවය“
ඒ අනුව ,
2024 සැප්තැම්බර් මස 21 වන දින පැවැත් වූ ජනාධිපතිවරණයෙන් සහ 2024 නොවැම්බර් 13 වන දින පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද තුනෙන් දෙකක බලයක් සමග දිය හැකි උපරීම බලය ජනතාව ලබා දූන්නේය.
- අනෙක් වැදගත්ම කරුණ වූයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ගැනිම, නීතිය හා සාමය ක්‍රියාත්මක කරන පොලිසිය ස්වාධීන කර ගැනිම, සහල් මාපියාව අවසන් කර සුළු පරිමාන සහල් ගොවියන් පණ ගැන්විම, මත්ද්‍රව්‍ය සහ පාතාලය නීතියේ පාලනය ගෙන දඩුවම් දිම.
- උතුරු නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ දමිළ හා මුස්ලිම් ජනතාවට සුවිශේෂ වූ ගැටළු විසදා ගැනිම. එම අභිලාශය පෙර දැරි කර ගෙන දමිළ හා මුස්ලිම් ජනයා ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවට කෙදිරි නොගා වැඩකිරීමට තුනෙන් දෙකක බලයක් ලබා ගැනිමට පිරිසිදු බලයක් ලබා දුනි.
- විශේයෙන්ම දමිළ ජනතාව ප්‍රාර්ථනා කල වර්ෂ 2009 කාලයේ සියළු පාර්ශවයන්ට අයත් වු යුධ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම.
- ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ත්‍රස්තවාදය වැලැක්විමේ පනත (PTA) අහෝසි කර ගැනිම.
- ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග රාජපක්ෂ කඳවුර සහ රනිල් වික්‍රමසිංහ එකග වූ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොන්දේසි වෙනස් කර ගැනිම.
පලාත් පාලන මැතිවරණය පැවැත් වූ 2025 මැයි 06 වන දිනට එවැනි විශාල බලයක් ලැබි මාස 07 ක කාලයක් ගත වුණි. නමුත් ඉහත සදහන් කල ජනයාගේ පැතුම් එකක් හෝ ඉශ්ඨ කිරීමට ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව අසමත් විය. අවම වශයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය යොදා ගෙන ධනපති ව්‍යවස්ථා රාමුව තුල හෝ ප්‍රගතිශිලී පනත් කිහිපයක් හෝ සම්මත කර ගත්තේ නැත. 1965 මැයි 14 වන දින සිට 2025 මැයි 14 වන දින දක්වා තළු මර මර සුකුමාල ලෙස අත් පිරිමදිමින් වසර 60 ක් දෙඩු කථා බලයට පැමිණ මාස 07 ක් ඇතුලත මිහිර සිහින ඟගේ ගියා සේ තුනෙන් දෙකක ජන බලයක් ලබා දුන් අභීත ජනතාවට ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව කොකා පෙන්වමින් එක තැන පල් වෙමින් කල් මැරීය.
එහි වේදනාත්මක ප්‍රතිථිලය වී ඇත්තේ වසර 3 කට පෙර ජනතාව අරගලයෙන් පන්නා දැමු දූෂිත සහ ජාතිවාදි කොටස් වෙත යම් ජන්ද පදනමක් ලැබීමය. අතිශයෙන්ම ව්‍යාජ වුවත් වාමාංශික නමින් රතු පාට සළුපිළි ඇදගෙන ඡන්දයට ඉදිරිපත් වු කණ්ඩායම් වලට හෝ මෙසේ කලකිරුණු ජනතාවගෙන් 2%-3% වත් ජන්දයක් ව්‍යාජ වමට ලැබුනේ නැත.
ආසියා කොමියුනය පෙර මැතිවරණ වලදි ප්‍රකාශය කල පරිදිම මැතිවරණයෙන් මැතිවරණයට පමනක් උත්තේජනය වන වමේ පක්ෂ සහ කණ්ඩායම් මැතිවරණ භූමිකාවෙන් ද මැකි ගොස් ඇත. පවතින තොරතුරු වලට අනුව ජන අරගල සංධානය නමින් පෙනී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය පලාත් පාලන ආයතන 150 කට ඉදිරිපත් වී ඇත. ඔවුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රි ආසන 16 ක් දිනා ඇත. එය ඉතා කුඩා ජයග්‍රහනයක් වුවත් හොද ආරම්භයක් ලෙස කෙනෙකුට තර්ක කල හැක.
නමුත් මැතිවරණය අවසන් වී දින කිහිපයකට පසු පෙරටුගාමී සමාජවාදි පක්ෂය මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එම මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ ප්‍රධානියෙක් වන කුමාර ගුණරත්නම් කථා කලේ ඊනියා ධනපති මැතිවරණ දේශපාලනයේ සදාචාරය ගැනය. එම මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කල අදහස සහිත විඩීයෝ පටයද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.
ඔහු එම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන අදහසද ව්‍යාජ බවත් ඉතා කයිරාටිකව ජනතා විමුක්ති පෙරමුණේ පහල සුළු ධනේශ්වර තීරුවට ආමන්ත්‍රණය කිරිමක් බව අපගේ මතය වුවත්, පැහැදිලිවම ඔහු ඉදිරිපත් කල අදහස් වල ඇති බංකොලොත්භාවය එළිදරව් කිරීම නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැගිමට වස්තු බීජ වන නිසා අපි ඒ ගැන සිතා බැලුවෙමු. එහිදී ඔහු ප්‍රකාශ කලේ ” දේශපාලන සදාචාරය පැත්තෙන් ගත හොත් බහුතරයක් සභාවල බලය පිහිටුවිමට අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගය (NPP) ට යනුවෙන්ය“. නමුත් සමස්ථ පලාත් පාලන 339 න් 223 කම ජාතික ජන බලවේගයට (NPP) 50% වඩා වැඩි බලයක් නැත. මෙයින් ගම්‍ය වන්නේ ජාතික ජන බලවේගය (NPP) ට මෙම ආයතන වල බලය පවත්වා ගෙන යාම ඉතාම අසීරු වන බවය.
මෙම කටුක යථාර්තය අභිමුව වාමාංශික විප්ලවාදින් තම මතය නිර්භීතව ඉදිරිපත් කල යුතුය. එවැනි නිර්භිත මතයක් ඉදිරිපත් නොකරන කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ නායකයන් ජනතාව එලවා දැමූ දූෂිත පාලකයන් නැවත බලය ලබා ගනි යැයි බිය පල කරති. එසේ එම දූෂිත බලවේග මාස 07 වැනි කෙටි කාලයක් තුල යම් ප්‍රමාණයකින් කරලියට ගෙන ඒමට දායක වූයේ ඊනියා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ ප්‍රතිගාමී කල් මැරිමයි.
ඔල්මාදයෙන් මෙන් දොඞවමින් කිසිදු විකල්ප විසදුමක් ප්‍රායෝගිකව ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) වැඩපිලිවෙලින් ඉවත් වන ලෙස කියමින්,
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු ව්‍යාප්තවාදයට අලුත් වදන් යොදා ඉන්දියානු විරෝධයක් ඇති කරමින්,
ජාතික ප්‍රශ්නයන් සම්බන්ධයෙන් වෙනත් විසදුමක් ඇතැයි මාධ්‍ය සාකච්ජා වල පමණක් කියමින් කයීරාටිකව එම ජනතාවගේ ස්වං පාලනයට සහ ස්වං තීරණයට ඇති අයිතිය සඟවමින් මාධ්‍ය වලට පමණක් කතා කිරිම ජනතා විමුක්ති පෙරමුණේ නරුම කොමියුනිස්ට්වාදයේ දෙවැනි ඉනිම දේශපාලනිකව ක්‍රිඩා කිරීමකි.
අද පැහැදිලිවම ගෝලිය ධනවාදයට විකල්ප ප්‍රායෝගිකව දේශපාලන, සමාජ හා ආර්ථික වැඩපිලිවෙලක් ඉදිරිපත් කල යුතුය. එහි වගකිම ජාතික, කලාපිය සහ ජාත්‍යන්තර මට්ටමෙන් අප සියළු දෙනාම බාරගත යුතුය.
තව දුරටත් ශ්‍රිසීයේ 2015 දී ඇති වු සිරීසාවාදී (Political Idea of SYRIZA ) වාම පෙරමුණුවාදය හෝ 2014 දී ස්පාඤ්ඤයේ ඇති වූ පෝඩමෝස්වාදී ( Political Idea of PODEMOS) වාම සභාග මාවත නම් තව දුරටත් වලංගු නොවේ.
අපි මුහුණදෙන අභියෝගය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලෝකයේ ණය බරින් බංකොලොත් වී ඇති රටවලට කරන මර්දනිය තර්ජනය පරාජය කිරිමය. ඒ සදහා ලෝකයේ සැම කොනකම විසිරී සිටින වැඩකරන පන්ති බලවේග ඒකරාශි කර විසදුමක් ඉදිරිපත් කිරීමය. ඒ සදහා අත්හදා බැලිම්, පර්යේෂණ න්‍යායිකව හා ප්‍රායෝගිකව කරන කලාපිය හා ජාත්‍යන්තර අන්තර් සම්බන්ධිකරණ විප්ලවිය දේශපාලන මධ්‍යස්ථානයක් වැඩ කරන පන්තියේ නායකත්වයෙන් ගොඩනැගිය යුතුය. මෙම මැතිවරණයට ජන අරගල සන්ධානය නමින් ඉදිරිපත් වී ඇති පෙරටුගාමි සමාජවාදි පක්ෂයට හෝ සෙසු ව්‍යාජ වාමාංශික පක්ෂ එවැනි විප්ලවීය වැඩසටහනක් ඉදිරිපත් කර නැත. කොතරම් කටුක වුවත් මෙම සත්‍ය අපි සමාජය වෙත ගෙන යන්නෙමු. එසේ එය කල යුත්තේ මෙය හොඳම අවස්ථාව නිසාය. පුරසාරම් දෙඞවිම, උද්ඝෝෂන පමණක් කිරීම, මැතිවරණයෙන් මැතිවරණයට පමණක් ඉදිරිපත් විම අඩසිය වසරකට වැඩි කාලයක් වමේ පක්ෂ කර ඇත. එසේ නම් අප කල යුත්තේ කුමක්ද ?
ණය බරින් සහ යුධ භිතීයේ තර්ජනයෙන් පීඩාවට පත් වී සිටින ලෝකයේ සෑම කොනකම සිටින වැඩකරන ජනතාව කලාපිය හා ජාත්‍යන්තර මට්ටමින් ඒකරාශි කර ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලට ණය ගෙවිම ප්‍රතික්ෂේප කල යුතුය. ඒ වෙනුවට දිගු කල් පවත්නා නව සමාජ, ආර්ථික , මූල්‍ය හා බැංකු ක්‍රමයක් ඇති කිරීමට විප්ලවීය ජනමතයක් ඉල්ලා න්‍යයික සහ ප්‍රායෝගිකව ක්‍රියා කල යුතුය. එසේ නොකර ධනපති පාලන තන්ත්‍රයේ ආයතන පද්ධතියේ මෙවලම් සහ ප්‍රතිපාදන මත ණය විගණනය හෝ ණය ගෙවිම ප්‍රතිව්‍යුහගත කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරිම ප්‍රශ්ණයට විසදුම සෙවිම මග හැරිමට ගන්නා ප්‍රතිගාමී පියවරකි. ඒ වගේම අනෙක් අතට තමන්ට විසදුම් නැති බව වසා ගැනිමට කරන හුදු වාග් හරඹයකි.
මෙම මැතිවරණ ප්‍රතිථිලය තවත් තීරණාත්මක පැතිකඩක් වන්නේ උතුරු නැගෙනහිර දමිළ , මුස්ලිම් සහ කදුකර දමිළ ජනතාවයි. එම ජනතාව මාලිමා ආණ්ඩුව සම්පූර්ණයෙන් මෙන් ප්‍රතික්ෂේප කර ඇත.
2024 නොවැම්බර් 14 වන දින සිට 2025 මැයි 06 වන විට ජාතික ජන බලවේග ආණ්ඩුවේ කඩා වැටීම
උතුරු හා නැගෙනහිර පලාත
දිස්ත්‍රික්කය | පක්ෂය | 2024 පාර්ලිමේන්තු මැතිවරණය | 2025 පලාත් පාලන මැතිවරණය | ||
ජන්ද ප්‍රමාණය | ප්‍රතිශතය | ජන්ද ප්‍රමාණය | ප්‍රතිශතය | ||
යාපනය | ජාතික ජන බලවේගය (NPP) | 80,830 | 24.85 % | 56,615 | 20.43% |
ඉලංකේ තමිල් අරසු කච්චි | 63,327 | 19.41% | 88,443 | 31.95% | |
මඩකලපුව | ජාතික ජන බලවේගය (NPP) | 55,496 | 19.33% | 53,002 | 18.62% |
ඉලංකේ තමිල් අරසු කච්චි | 96,975 | 33.18% | 97,818 | 32.25% | |
ත්‍රිකුණාමලය | ජාතික ජන බලවේගය (NPP) | 87,031 | 42.48% | 52,569 | 24.34% |
සමගි ජන බලවේගය | 53,058 | 25.90% | 34,328 | 15.89% | |
ඉලංකේ තමිල් අරසු කච්චි | 34,168 | 16.68% | 31,394 | 14.53% | |
මන්නාරම මුලතිව් වව්නියා | ජාතික ජන බලවේගය (NPP) | 39,894 | 20.37% | 41651 | 22.17% |
සමගි ජන බලවේගය | 32,232 | 16.45% | 29107 | 15.48% | |
ඉලංකේ තමිල් අරසු කච්චි | 29,711 | 15.17% | 44521 | 23.71% | |
අම්පාර | ජාතික ජන බලවේගය (NPP) | 146,313 | 40.32% | 92579 | 29.24% |
ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය | 46,899 | 12.92% | 39454 | 12.46% | |
සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසය | 33,911 | 9.34% | 32684 | 10.32% | |
ඉලංකේ තමිල් අරසු කච්චි | 33,632 | 9.27% | 22308 | 7.05% |
නුවරඑළිය දිස්ත්‍රික්කය
දිස්ත්‍රික්කය | පක්ෂය | 2024 පාර්ලිමේන්තු මැතිවරණය | 2025 පලාත් පාලන මැතිවරණය | ||
ජන්ද ප්‍රමාණය | ප්‍රතිශතය | ජන්ද ප්‍රමාණය | ප්‍රතිශතය | ||
නුවරඑළිය | ජාතික ජන බලවේගය (NPP) | 161,167 | 41.57% | 133,391 | 35.59% |
සමගි ජන බලවේගය | 101,589 | 26.21% | 101,085 | 26.97% | |
ලංකා කම්කරු ක්‍රොංගසය | – | – | 55,241 | 14.74% | |
එක්සත් ජාතික පක්ෂය | 64,672 | 16.68% | 20,387 | 5.44% |
අපි ආසියා කොමියනයේ ශ්‍රි ලංකාවේ මධ්‍යම කොමියුන් කමිටුව ලෙස ඔබට කතා කරන්නනේ අතිශයින්ම සත්‍ය පමණකි. ලෝකයේ මෙන්ම ශ්‍රි ලංකාවේද වාමාංශික ව්‍යාපාරය විශාල පසු බෑමකට ලක් වී ඇත. වාමාංශික සහෝදරවරුනි, 1935 සිට මේ දක්වා අද වන විට වාමාංශික පක්ෂ බිංදුවටම වැටි ඇත. එයට හේතුව වන්නේ පන්ති අරගලය, කලාපීය වැඩකරන ජනතාවගේ ඒකාබද්ධතාවය ,වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ ජාත්‍යන්තර විප්ලවීය පක්ෂය ගොඩනැගිම පසෙකලා දීර්ඝකාලයක් පන්ති සහයෝගිතා දේශපාලයේ යෙදිම , ධනපති මැතිවරණ උගුලේ හිරවිම, ජනප්‍රියවාදී සන්ධාන පෙරමුණු වල කේවට්ටයන් වීම සහ නිර්මාක්ස්වාදි ප්‍රතිසංස්කරනවාදයන් පසුපස යාම සහ රාජ්‍ය නොවන සංවිධාන තුලින් ගෙන යන අනියම් අධිරාජ්‍යවාදී ඒජන්තයන්ගේ ගොදුරු බවට පත් විම දැක්විය හැක. අනෙක් අතට මැතිවරණ ඉලක්ක කර ගනිමින් නිර්මානය කර ගන්නා පෙරමුණු මැතිවරණයෙන් පසුව සොච්චම් ජයක් ලැබුවත් ප්‍රබලයා විසින් දුබලයාව යට කර ගැනීමෙන් වැඩ කරන ජනතාව වාමාංශික ව්‍යාපාරය ගැන කලකිරීම් ඇති වී එම ව්‍යාපාර වලින් ඈත් විම දිගින් දිගටම සිදු වෙමින් පවතී.
ආසියා කොමියුනය දැඩි අවධානයෙන් කියා සිටින්නේ ඊලග මැතිවරණයට සංවිධානය වීම පසෙක දමා අවම වශයෙන් ඉන්දිය වැඩකරන ජනතාව සමග මෙන්ම මුළු මහත් දකුණු ආසියාවේම ජනතාව ඒකාබද්ධ කර ගත හැකි නව දේශපාලන සංවිධානයක් ගොඩනැගිමට සිත් යොමු කරන ලෙසය.
මැතිවරණ සන්ධාන, සුළු ධනේශ්වර ආදිපත්‍ය, ඉන්දිය විරෝධය, උද්ඝෝෂණ කිරීම වැනි දෑ පෙන්වා පන්ති අරගලය පීලි පැන්වීමට උත්සහ කරන දේශපාලන ව්‍යාපාර ප්‍රශ්ණ කිරීම ආරම්භ කරන ලෙස අපි ආයාචනා කරමු. ඒ වෙනුවෙන් සටන් වැදිමට සුදානම් නම් ශ්‍රි ලංකාවේ මධ්‍යම කොමියුන් කමිටුව සමග එක්වන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු !
මෙයට සහෝදරත්වයෙන්

මෙයට
මධ්‍යම කොමියුන් කමිටුව ( ශ්‍රි ලංකාව)
අපගේ වෙබ් අඩවිය -asiacommune.org
විද්‍යුත් තැපෑල – asiacommune22@gmail.com