ඊයේ ස්වීට්සර්ලන්තයේ සෙන්ට් ගාලන් නගරයේ පල්ස්තීන් – ඊශ්‍රායල් ගැටුම ගැන සාකචාවක් පැවතුනා. සාකච්චාව සංවිධානය කර තිබුනේ ජාතිවාදයට එරෙහි සංවිධානය සහ තවත් සමාජ සංවිධාන රැසක සහභාගීත්වයෙන් . පලස්තීනුවන්ට එරෙහීව ඊශ්‍රායල ගෙන යන වර්ග සංහාරය සහ ලංකාවේ සිංහල ආන්ඩු සුළුතර දෙමළ ජනයාට එරෙහීව ගෙන ගිය වර්ග සංහාරයෙහි සමාන කම් තිබෙනවා. එහෙත් ලංකාව ව්‍යවස්ථානූකුලව වර්ණභේදවාදී රාජ්‍යයක් නොවුනද ඊශ්‍රායලය ව්‍යවස්ථාවෙන්ම වර්ණ භේදවාදී රාජ්‍යයක් . එහි ස්වාධිපත්‍යය පිහිටා ඇත්තේ යුදෙව් ජනයාට පමනයි. ඊශ්‍රායලය තුල සිටින පලස්තීන ජනයාට ඒ හා සමාන අයිතිවාසිකම් හිමිවන්නේ නැහැ. ඊට අමතරව ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් වාඩීලා සිටින ජනයාට කිසිදු අයිතියක් තියා ,…