1983 පක්ෂය තහනම් කලා… බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (න.ස.ස.ප.) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය න.ස.ස.ප. මිත්‍රයන් පක්ෂයට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට. සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ඒ තමයි බාහු.…