තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක සෙනෙවිරත්න රැඳී සිටි කැළණියේ නවාතැන් ගෘහයට පොලීසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. 2024 ජූනි 21 දින අලුයම 03ට පමණ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදු ව ඇති බරපතල තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ. ‘‘තමන් නිදා සිටියදී…