සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්, දේශපාලන න්‍යායාචාර්‍යවරයෙක් ආදී වශයෙන් වූ පුද්ගලයෙක් මියගියාම ඔහු පිළිබඳව විවිධ ආකාරයේ ගුණ අගුණ ලියැවෙනවා. මේ අතරේ ඇතැමුන් ලියන්නේ එවැනි පුද්ගලයන් හා කාපු බීපු තමන්ට එවැන්නන් හා තිබුණු පුද්ගල සම්බන්ධකම් අතිශයෝක්තියට නගා ඉස්මතු කරගන්න. ඒ අතරේ තමන්ගේ පසමිතුරු මතවාදීන් ගැන කිසිදු මූලාශ්‍රයන් නැති අමු බේගල්, මතිභ්‍රමයනුත් ලියනවා. එහෙම ලියමින්ම මාධ්‍ය වාර්තාකරණයේ ආචාර ධර්ම පිලිබඳවත් දේශනා පවත්වනවා. ගුරුහරුකම් දෙනවා. ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම ගුරුවරු බොහොමයකුත් ඒ වගේ අය. ඉතිං ලංකාවේ මාධ්‍ය වාර්තාකරණයට වෙච්ච විලම්බෑසිය මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ. ගුරා හිටගෙන කරණකොට ගෝලයෝ කොරන්නේ දුව දුවලු. නැසීගිය මහාචාර්‍ය නලීන්…