මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට යුක්තිය සොයා නොකඩවා ඉදිරියට යමු!

චින්තක රාජපක්ෂ විසිනි

මැයි 18 වැනිදා අප මේ එක් රැස් වෙන්නේ, 2009 යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවෛක්කාල්හිදී ඝාතනයට ලක් වූ දෙමළ ජනතාව සිහිපත් කරන්නට.

ඒ සති කිහිපයේ පටු වෙරළ තීරයන්‍හිත්, අඳුරු කලපුවලත් අහිමි වූ ඒ අමිල ජීවිත වෙනුවෙන් වැළපෙන්නට අපි එක් රැස් වෙනවා.

ශ්‍රී ලාංකික රාජ්‍යය අපට අමතක කරවන්නට තැත් කරන දේ අපේ මතකයේ තිබෙනවා- අපගේ සාමූහික මතකයෙන් මකා දමන්නට තැත් කරන ජනතාව සහ ස්ථාන. එසේ නම්, සිහිකිරීමම නැගී සිටීමක්.

වඩා වැදගත් දෙය, අපි මේ එක්රැස් වන්නේ අද, මීට මොහොතකට පෙර මුල්ලිවෛක්කාල්හි එක් රැස් වී අනුස්මරණයෙහි යෙදුණු අපගේ දෙමළ සහෝදරියන් හා සහොදරියන්ට සහයෝගය පිණිස. අප ඒ සමූලඝාතනය වෙනුවෙන් යුක්තිය සහ වගවීම පිණිස ඔවුන්ගේ ඒ ඉල්ලීම් මෙහි ප්‍රතිරාව නංවනවා. අදට වසර 14ක්, එහෙත් එය තිබෙන්නේ බොහෝ ඈතින්.

මෙම අනුස්මරණය අවසානයේදී අප සහල් සහ ජලය පමණක් යොදා තැනූ මුල්ලිවෛක්කාල් කංජි කෝප්පයක් බෙදා ගන්නවා. අවසාන යුද්ධයේදී යුධ මුක්ත කලාපයේ සිරවුණු දෙමළ ජනතාවට ගෙවෙන සෑම නිමේශයකදීම ඔවුන්ගේ ජීවිතය අනතුරේ තිබියදී තිබුණු එකම ආහාරය එය.

අප බොහෝ දෙනෙකුට දිවි ඇතිතුරා අවබෝධ නොවෙන – ඒ යථාර්ථයේ ප්‍රතිබිම්බය දකින්නට අපි ඉඩ හදාගනිමු. ඒ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට යුක්තිය සොයා නොකඩවා ඉදිරියට යමු.

මුල්ලිවෛක්කාල්හි අද දෙමළ සහෝදර සහෝදරියන්ගෙන් නැගෙන, එමෙන්ම අප දේශය මත දිනපතා නැගෙන, වේදනා සහ ආවේග මේ දේශයේ සළු තිර මත ඇඳුණු  ජාතිවාදයේ, වෛරයේ, රාජ්‍ය ත්‍රස්තවාදයේ සහ හිංසනයේ බිහිසුණු බලපෑම ගැන සිහිවටනයක්  වේවා. ඉදිරියටත් එය නොවෙනස්ව පවත්වාගෙන යන නායකයන්, ප්‍රතිපත්ති  සහ ක්‍රම වෙත ක්‍රියාකාරීව විරෝධය පෑමට එය හේතු සාධක වේවා.

18 May 2023

Loading