රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ධනවාදය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇති එකම පරිපූර්ණ විග්‍රහය සපයා ඇත්තේ මාක්ස්වාදය විසිනි. දර්ශනය, ආර්ථික විද්‍යාව සහ දේශපාලනය මත පදනම්ව මාක්ස්වාදය විසින් ධනවාදයේ ඇති මූලධාර්මික අර්බුදය සහ එය කම්කරු පන්තියේ ජීවන තත්ත්වය වඩ වඩාත් නරක තත්ත්වයට ඇද දමන්නේ හෙසේද යන කරුණු විස්තර කර ඇත. මාක්ස්වාදීන් වශයෙන් අපි විශ්මයජනක දේ, කම්පන හෝ හාස්කම් මත රඳා නොසිටිමු. මාක්ස්වාදයේ ඇති භෞතිකවාදී ප්‍රවේශය සමඟ, ඉතිහාසයේ ගමන් මඟ තුළ අප සිටින්නේ කොතැනකදැයි විශ්ලේෂණය කරමින් සමාජය ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න පිළිබඳ නිගමනවලට එළඹීම අපට පහසු කරයි. එම විශ්ලේෂණයේ පැහැදිලිකම මාක්ස්වාදය සහ…