රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි මේ වනවිට රටේ පවතින අර්බුදයට විසඳුමක් ලෙස මහ මැතිවරණයකට යාමට යෝජනා කරන පිරිස් බොහෝය. ඒ අතර පවතින රාජ්‍ය ආරක්ෂා කරගත යුතු යයි මොරගාන හඬක්ද අපට ඇසුණි. ධනපති පාලකයන්ගේ පසුපස ලෙවකන අවස්ථාවාදී තක්කඩියන්ට පිළිතුරු දීමට අප තුළ කිසියම්ම හෝ වුවමනාවක් නැතත් රාජ්‍ය, මහා මැතිවරණය වැනි දේ පාලන ක්‍රමයක අනිවාර්‍ය අංග ලෙසට, වත්මන් අධ්‍යාපන ක්‍රමය විසින් ජනතාව තුළට කාවද්දා ඇති මිත්‍යාව නිසා මෙවැනි ගංකබර කතාවලින් ව්‍යාකූලත්වයට පත්වන කොටස්ද අප අතර සිටී. එම නිසා රටේ පවතින පාලන ව්‍යුහය කුමක්ද? එය ගොඩනඟා ඇත්තේ කුමක් වෙනුවෙන්ද? පාලකයින් හා ඔවුන්ගේ ආරක්ෂකයින් විසින්…