රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ගෝලීයකරණය, නව වෙලඳපොල ආදී වචන ව්‍යාජ ලෙස භාවිතා කරමින් බලවත් රටවල් හා ඒවායේ සමාගම් අනෙකුත් රටවල් මත තම ආධිපත්‍ය පනවන ආකාරය අපි නිතර දකිමු. ධනපති ක්‍රමය විසින් මෙසේ විවිධ ව්‍යාජ වචන භාවිතා කරන්නේ අධිරාජ්‍යවාදය ලෙසින් හඳුන්වන ක්‍රියාවලියටය. ආරම්භයේදී තරඟකාරීත්වයට මුල්තැන දෙමින් බිහිවූ ධනවාදය 19 සියවස අවසානයේදී හා 20 සියවස මුල භාගයේදී තරඟකාරීත්වය වෙනුවට ඒකාධිකාරයන් හා කාටල මුල්තැනට ගෙන එන්නා වූ වර්ධනයක් කරා ගමන් කළේය. බහුජාතික සමාගම්, අන්තර්ජාතික සමාගම් ලෙසින් මෙම ඒකාධිකාරයන් ලොව සෑම තැනකම ක්‍රියාත්මක වේ. මෙවන් ඒකාධිකාර අයත් රටවල රාජ්‍යයන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒම ඒකාධිකාරී…