රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි 1935 බිහිවූ ලංකා සමසමාජ පක්ෂය ලංකාවේ වමේ ව්‍යාපාරයේ ආරම්භයයි. බිහිවීමට පෙර සිටම එහි පුරෝගාමීන් මැදිහත් වූ සූරියමල් ව්‍යාපාරය, මැලේරියා වසංගතය තුළ සිදුකළ කාර්‍ය භාරය, වැල්ලවත්ත රෙදිමෝල සටන වැනි දැවැන්ත අරගල තුළින් ඔවුන් ධනපති විරෝධී හා අධිරාජ්‍ය විරෝධී ප්‍රතිරූපයක් ගොඩනඟා ගෙන තිබුණි. 1936 ව්‍යවස්ථාදායකයේ ආසන 4කට තරඟ කොට ඉන් 2ක් දිනා ගැනීමටද ඔවුන් සමත් විය. ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දෙනු ලැබුවේ සමසමාජ පක්ෂය විසිනි. 1938 ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමත් සමඟ සමසමාජ නායකත්වයේ බහුතරය ට්‍රොට්ස්කිගේ අදහස් පිළිගත් අතර සුළුතරයක් ස්ටාලින්වාදී අදහස්වල එල්බ සිටීය. 1943දී ලංකා කොමියුනිස්ට් පක්ෂය…