චාල්ස් දයානන්ද විසිනි
පෙරපාසල් යමින් නිතරම චිත්‍ර අදින සෙනුල්යා චූටි දියණිය අඳින හැම චිත්රයක්ම දුවගෙන විත් මට පෙන්වීමට පුරුදුව සිටින හුරුබුහුටි දැරියකි.ඇය චිත්‍ර අඳින්නේ ඇට්ලස් ඩ්‍රෝවින් පොතකය.ඇය එහි ඇඳ තිබූ චිත්‍ර කීපයක් පහතින් ඇත .ඒවා සැබෑ ළමා නිර්මාණයන් ය.ඇය අලියකු කොල අලවා` කල නිර්මාණයක් ද ඒ අතර ඇත .
ඩ්‍රෝවින් පොත දෙස විමසිල්ලෙන් බැලූ මාහට දැඩි කණගාටුවක් හා කේන්තියක් ඇති විය .එහි පිටකවරයේ ඇතුළු පැත්තේ ළමයින් ට චිත්‍ර අඳින හැටි කියා දෙන රූපසටහන් කීපයක් මුද්‍රණය කර ඇත .බකමූණෙක් හා අලියෙක් පියවරෙන් පියවර අඳින හැටි මුල් කවරයේ ඇතුළු පැත්තේ ත් ,මිනිස් මුහුණක් අඳින හැටි අග කවරයේ ඇතුළු පැත්තේත් ඇත .
මෙය ළමා චිත්රයේ අව්‍යාජ ප්‍රකාශන ගුණය අමු අමුවේ මරාදමා නිර්මාණ ශක්තිය විනාශ කරන දෙයකි .මේවා දකින දෙමාපියන් ඒ අනුව දරුවා ලවා ඇන්දවීමට උත්සාහ ගනිති .මෙය බරපතළ අපරාධයකි.
ළමා චිත්‍ර කලාව ගැන බිංදු මාත්‍රයකවත් හැඟීමක් නැති මෝඩ ක්‍රියාවකි.වෙළෙන්දන් කල යුත්තේ භාණ්ඩ නිපදවීම මිස චිත්‍ර කලා අධ්‍යාපනය මෙහෙයවීම නොවේ .
මෙවන් පොත් ලක්ෂ ගනනක් රටපුරා දරුවෝ භාවිතා කරති .එයින් අඩක්වත් මොවුන් විනාශ කරනු ඇත .
රූප සටහන් වලට ඉහලින් මේ අයුරින් චිත්‍ර ඇඳීම පුහුණු වීමෙන් දක්ෂ නිර්මාණ කරුවකු විය හැක ..යයි වැකියක්ද මුද්‍රණය කර ඇත .
මේ අයුරින් අනුකරණය ට ළමයින් හුරු කිරීමෙන් වන්නේ දරුවන්ගේ අව්‍යාජ නිර්මාණ ශක්තිය මරා දැමීම පමණි .
දෙමාපියන් ගෙන් අප කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මෙවන් වෙළෙන්දන් ට මුලා නොවන ලෙසයි .ඇට්ලස්` පොත් අරන් දෙනවා නම් පිටකවරය ඉරාදමා වෙන කවරයක් සකසා දෙන්න …!!