රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි මේ වන විට ජනතාවට අත්කර දී ඇති ව්‍යසනයට කිසිඳු පිළිතුරක් නොමැති පාලකයින්, IMF ඉදිරියේ වැද වැටෙමින්, එහි කොන්දේසි නොපිරිහෙළා ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටු කරමින් සිටී. IMF කොන්දේසි හෙළි කිරීමට නොහැකි බවත්, එසේ හෙළිකළ හොත් වෙළඳපොල කමපනයට පත්විය හැකි බවත්, මහබැංකු අධිපති විසින් කියා සිටීමෙන්ම, එකී කොන්දේසි කෙතරම් රටට අහිතකරද යන්න වටහා ගත හැකිය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සමන්තා පවර් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව දැනට IMF කාර්ය මණ්ඩලය සමග ඇතිකරගත් එකගත්වය සම්පූර්ණ ගිවිසුමක් කරා ගෙන යා යුතු බවත් එහිදී ශ්‍රී ලංකාවට දැඩි කැප කිරීම්…