මාධ්‍ය නිදහස: නිරීක්ෂණ වාර්තාව

2022 අප්‍රේල් (2 වන වෙළුම – කලාප අංක 4)

මාධ්‍ය නිදහසට අදාළව ඒ ඒ මාසය තුළ වාර්තා වන සිදුවීම්, පූර්ව සිදුවීම්වල වර්ධනයන් හා ඒවාට අදාළ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් වේ. මාධ්‍යවේදීන්ගේ මෙන්ම ජනතාවගේ භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ සිදුවීම්, නව නීති පැනවීම්, නීති ප්‍රතිසංස්කරණ සහ අදාළ ප්‍රස්තුතයන් පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පළ වන ප්‍රතිචාර යනාදිය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරේ. මාධ්‍ය නිදහස පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තෝරාගෙන ඇති විෂය පථයට / සංරචකයන්ට අදාළ සිදුවීම් 26ක් 2022 අප්‍රේල් මාසයේදී නිරීක්ෂණය විය. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතබවට අදාළ සිදුවීම්‍ 9ක්, නීතිමය කොන්දේසි යන සංරචකය යටතට ගැනෙන සිදුවීම් 9ක්, මාධ්‍යයේ ස්වාධීනත්වයට අදාළ සිදුවීම් 1ක් සහ ව්‍යුහාත්මක කොන්දේසි යටතට ගැනෙන සිදුවීම් 7ක් ඒ අතර වෙයි.

Loading