රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි පසුගිය මාර්තු මැදවන විට ජනතාව විරොධතා සඳහා පාරට බැස්සේ කිරිපිටි, ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ වීමත්, ඒවා ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට වීමත්, එම පෝලිම් තුළදීද ප්‍රදේශයේ දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාර ලබන දාමරිකයන්ගේ අකටයුතුවලට මුහුණ දීමට සිදු වීමත් ආදී කරුණු හේතු කොට ගෙනය. ජන අරගලයේ බලපෑම මත කැබිනට් මණ්ඩල තුනකට ඉවත්ව යාමටත්, රාජපක්ෂවරුන් තිදෙනෙකුටම තම තනතුරුවලින් ඉවත්ව යාමටත් සිදු විය. එහෙත් ඔවුන් ඉවත්ව ගියේ තමන්ට ඉතාම විශ්වාසවන්ත රනිල්ට මුල් පුටුව ලබා දීමට පියවර ගැනීමෙන් පසුවය. ගෝඨාභය මෙන්ම රනිල්ද එකසේ අසමත් පාලකයන් බව…