ශ්‍රී ලංකා රජයට ආසියානු කොමියුනයේ අප්‍ර‍සාදය…

ශ්‍රි ලංකා රජයට ආසියා කොමියුනයේ දැඩි අප්‍රසාදය

ශ්‍රි ලංකාවේ ජනතාව විසින් පැවති ජාතිවාදි, ආගම්වාදි , දූෂිත මිලිටරි රාජපක්ෂ පාලනය පලවා හැරියේය. එසේ  පලවා හැරියේ  දින සියයකට අධික අඛන්ඩ ජනතා අරගලයකිනි. 

මෙම අරගලයේ විකෘති ප්‍රතිඵලයක් ලෙස නව ජනාධිපති පත් කිරීම පැවති පාර්ලිමේන්තුවට භාර විය. මෙම පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය රාජපක්ෂ හිතවාදින් විය. පාර්ලිමේන්තුව තුල තම ආසනය පමණක් හිමි රනිල් වික්‍රමසිංහ පරාජිත රාජපක්ෂ පාලනයේ නියෝජිතයා විය. ඔහු පාර්ලිමේන්තුවේ ජන්ද 134 ක් ලබා 2022 ජුලි මස 21 වෙනි දින ශ්‍රි ලංකාවේ 8 වන ජනාධිපති ලෙස පත් විය. 

ඔහු ජනාධිපති වශයෙන් දිවුරුම් දී පැය 24 ක් යාමට පෙර 2022 ජුලි 22 වන දින පාන්දර කොළඹ ගාළු මුවදොර නිරායුධ අරගලකරුවන්ට නින්දිත ප්‍රහාරයක් එල්ල කලේය. රජයේ හමුදාව හා පොලීසිය යොදා ගනිමින් එල්ල කල මෙම ප්‍රහාරය ආසියා කොමියුනය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. 

තව දුරටත් ශ්‍රි ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් පිලිබද කිසිදු විශ්වාසයක් තබා ගැනීම ඉතා අපහසුබව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අපි සහතික කර ප්‍රකාශ කරමු.

මෙයට ආසියා කොමියුනය වෙනුවෙන්,

අංකය
නම

සංවිධානය
1ආර්. අන්තෝනිපිල්ලෙයිදේශපාලන ක්‍රියාකාරි – ප්‍රංශය
1සරත් කහගල්ල  ස්වාධින ලංකා ගුරු සංගමය – ශ්‍රි ලංකාව
2දොන් සමන්තදේශපාලන , සමාජ, වෘත්තීය සමිති (CGT)ක්‍රියාකාරි – ප්‍රංශය
3විල්ප්‍රඩ් සිල්වා ජනමාධ්‍ය හා සමාජ ක්‍රියාකාරි –ප්‍රංශය
4මහින්ද දේවගේශ්‍රි ලංකා සමාජවාදි පක්ෂය – ශ්‍රි ලංකා
5Yakub Mohd General secretary south Asian grass roots Development Forum –  India
6Sevilliam Paridhi (Advocate)Vice president of all India lawyers Association  -India
7Jayanto DasVice president of National Hawker Federation and Secretary AITUC, ODISHA. – India 
8Abul HossainPresident of workers party Dhaka –Bangladesh, Secretary of United federation of labor in Bangladesh
9Himangshu MitraPresident, SAGDF CEO, Trinamul Nari Uddyakta society (grass roots ) Political Background , Dist. Secretariat member of Banglidesh workers party , Central Organizing secretary youth unity of Bangladesh.   
10Nawaz ArainPresident of Global Foundation Pakistan, Engaged with world social forum ,SAGDF, BBPPF Tri-national forum

Loading