මාස ගණනක් පුරා ඇදීයන ජන අරගලය විසින් ප්‍රතිගාමී රාජ්‍ය යන්ත්‍රය බෙහෙවින් පසු බස්සවා ඇති බව පැහැදිලිය. හිටපු තක්කඩි මහ බැංකු අධිපතිට ගෙදර යාමට සිදුවිය. ඉතා කෙටි කාලයක් තුළ කැබිනට් මණ්ඩල දෙකකට ගෙදර යාමට සිදු විය. මැයි 9 දින මහින්ද රාජපක්ෂටත් ජූනි 9 බැසිල් රාජපක්ෂටත් ගෙදර යාමට සිදුවූයේ නින්දා සහගත ලෙසය. ගෝඨාභය හා රනිල් දෙදෙනා එකවර පලවා හැරීම මේ මොහොතේ ජනතා අධිෂ්ඨානය වී ඇත. ජූලි 9 අප පෙළ ගැසෙන්නේ ඒ වෙනුවෙනි. ආණ්ඩුවක් පෙරලා දමා තවත් මෙවැනිම උලාපාළු ධනපති පාලනයක් බලයට ගෙන ඒම මෙම විරෝධතාවල අරමුණ නොවිය යුතු බවත්, මෙම සමස්ත ක්‍රමය…