නිමිත්ත ; ඔමානයේ මස්කට් නුවර 2022/05/31- 06/03 දක්වා පැවති IFJ 31වන ලෝක කොන්ග්‍රසයේ දෙවන දින “දණ්ඩමුක්තිය අවසන් කිරීම” යන සාකච්ඡාව සඳහා අපරාධකාර රාජ්‍යයන්ට ගොදුරුවූ මාධ්‍යවේදීන් හතර දෙනෙකුගේ පවුල්වල අයට අවස්ථාව ලබා දී තිබූ අතර. අනතුරුව ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු මෙම මාධ්‍යවේදීන්ට සම්මාන දී අගයන ලදී.
නුඹ නැතිව නුඹ සමග
ගෙවා දින 4497 ඇවෑමෙන්
උදාවූ දින,
බ්‍රහස්පතිගේ මෙහෙසිය
ජූනෝගෙ මාසය හෙවත් පොසොන් මහේ
පලමුවන දින,
චණ්ඩා හිරුත් සැඟවුන ඔමානයේ
ඒ සැන්දෑයාමයේ……….
ලොව පුරා සරණ
පන්හිඳ අවුලනා සනුහරේ’වුන්
පිරුණු ඒ සාදයේ………..
සතර දිසාවෙන් අපි සතර දෙනෙක්
පැමිණ මුසු කළෙමු
දිඳුළන අප හදවත්වල මතක පද……
අවසන් කරන්නට
අපරාධකාරයන්ගේ ලෝකයෙන්
දණ්ඩමුක්තිය.
ඉනික්ඹිති එලැඹුණුු ඒ සොඳුුරු මොහොත….
නුඹලාගෙ මෙහෙවර අගයමින්
අත්පොළසන් හඞ මැදින්
පුදනු ලැබීය සම්මානයෙන්…..
දෑතට දැනෙද්දි එහි බර
දැණුනි මට
දන්න හඳුනන කිසිවෙකු නැතිමුත්
මා ලඟින් ඔබ සිටින වග.
සන්ධ්‍යා එක්නැලිගොඩ
2022/06/13