පිටු 8 කින් යුතු PDF පිටපත සඳහාhttp://www.fmmsrilanka.lk/wp-content/uploads/2022/06/2022_February_FMM_MFRM_Monthly_report_sinhala.pdfවෙබ් පිටුවට පිවිසෙන්න. මාධ්‍ය නිදහස: නිරීක්ෂණ වාර්තාව2022 පෙබරවාරි (2 වන වෙළුම – කලාප අංක 2) අසාධාරණයන් නඩත්තු කිරීමේ සංස්කෘතිය පෙබරවාරි මාසය තුළ නිරික්ෂණය කළ මාධ්‍ය නිදහස පිළිබඳ උල්ලංඝනයන් සමාලෝචනය කිරීමේදී කැපී පෙනෙන ලක්ෂණය වූයේ ‘හිතකර ආයතනික සංස්කෘතියක’ ඌනතාවයි. පසුගිය දශක දෙක තුළ අපගේ නීති පද්ධතියට, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල, මානව හිමිකම් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමේ විවිධ යාන්ත්‍රණයන් හඳුන්වා දී තිබේ. එහෙත් එම යාන්ත්‍රණයන්සක්‍රියව පවත්වාගෙන යමින් යුක්තිය ඉටු කිරීමේ ‘ආයතනික සංස්කෘතියක්’ තවමත් වර්ධනය වී නොමැති බව පෙබරවාරි මාසයේ සිදුවීම්වලින් මැනවින් නිරික්ෂණය විය. මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරිකයින් නිහඬ…