ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !
03.05.2022මාධ්‍ය නිවේදනයයි
ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය කරයි.
ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ මහතාට මැයි 02 වෙනිදා දුරකතනයෙන් අමතා බියවද්දා ඇති කන්තලේ වාන්ඇල පොලිසියේ නිලධාරියෙක් "තමුසෙද මහලොකු මානව හිමිකම් කාරයා? අපේ ඕ අයි සී මහත්තයත් තමුසෙට බයේ ඉන්නේ. අපි තමුසෙ ගැන බ...