Originally From: https://jayavoice.com/2022/05/28/20-වර්ධනය-යනු-සංවර්ධනයම-ද/ © විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 රටක ආර්ථිකයේ සාර්ථකත්වය සාම්ප්‍රදායික ව මනිනු ලබන්නේ GDP (Gross Domestic Product) හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ යෑම මත ය. දළ දේශීය නිෂ්පාදිතය වසයෙන් හඳුන්වනු ලබන්නේ වසරක දී රට තුළ නිපදවන භාණ්ඩ සහ සේවාවල මුළු එකතුවේ වටිනාකම යි. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක් හා සේවාවක් ම විකිණීමකට හා මිල දී ගැනීමකට ලක් වන්නේ ය යන පදනම මත දළ දේශීය නිෂ්පාදිතය ගිණීමේ ක්‍රමය වන්නේ අදාළ වසරේ රට තුළ නිපදවෙන භාණ්ඩ හා සැපයෙන සේවාවල සමස්ත වටිනාකම ගණන් බැලීම යි. මේ මිණුමට අනුව…