ළඟ ළඟ එන භීෂණයෙන්!!!!!


රසික මුහන්දිරම්ගේ විසිනි


හමාගෙන යනු මැනවි වාසුළියක්
මොළ නැති හිස් මිනිසුන් ගසාගෙන යන

ගලාගෙන යනු මැනවි ගං වතුරක්
බඩ තඩි පීනන්න බැරිවුන් යටකරන් යන

වෙනු මැනවි
ගෑස් පෝළිංවල පාන් පෝළිංවල
භූමිතෙල් පෝළිංවල
සිටින ගැහැනුන් සියල්ල පත්තිනියන්

උන්ගේ පපු කඩා දමා
ගිනිතියනට
ලංකාපුර
මිසදෙටු
හොරදෙටුවන්
බේරගන්නට උන්ගේ
පුරුෂයන්

ළඟ ළඟ එන භීෂණයෙන්!!!!!

Loading

Related posts