2022.02.14 මාධ්‍ය නිවේදනයයි චමුදිතගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හිරු රූපවාහිනී නාලිකාවේ පුවත්පත් සිරස්තල සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ල වූ ගල් මුල් හා අසූචි ප්‍රහාරය නිර්ලජ්ජිත එහෙත් බරපතල සිදුවීමක් ලෙස සළකා හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මීට ඉහත අවස්ථාවකදීද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මරණීය තර්ජන එල්ල වූ බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන්ගේ දැඩි වගකීමක් බව අවධාරණය කරයි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා ඇත්තේ තමන් වෙඩි ප්‍රහාර කිහිපයක හඬද ශ්‍රවනය…