එක රටක් එක නීතියක් ගොඩ නැගිම සදහා ඥාණසාර චීවරධාරියා සුදුසුද?…


සටහන : දනුෂ්ක සම්පත් ලෙව්කෙ බණ්ඩාරගේ


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියි.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය ලෙස නිරූපණය වේ. එනම් මූලික වශයෙන් ව්‍යවස්ථාදකය, විධායකය  සහ අධිකරණයවේ.මෙම මූලික අන්තර්ගතයන්වල යුක්තිය පසිදලීමේ කාර්‍ය්භාරය  අධිකරණය වෙත මූලිකව පවරා ඇත . යුක්තිය සැමටම එක හා සමාන වියයුතුය .

එසේ ව්‍යවස්ථානූකූල තත්ත්වයක් පවතින අතරතුර එම ව්‍යවස්ථාවට බාහිරින් විධායකයේ අභිමතය පරිදි ජාතිවාදී – ආගම්වාදී ඉතිහාසයක් සනිටුහන් කර ඇති ගලබඩඅත්තේ ඥාණසාර චීවරධාරියාට එක රටක් එක නීතියක් ගොඩ නැගිමේ ජනාධිපති කාර්‍ය්සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරිමම ඉතා භයානක තර්ජනයක් බව අවධාරණයෙන් ප්‍රකාශ කලයුතුය. එමෙන්ම මෙවැනි පුද්ගලයෙකු එසේ පත්කිරිමෙන් දෙමළ මුස්ලිම් ජනතාව සහ අන්‍යාගමිකයන් බියෙන් සලිත කිරිම ජනාධිපතිවරයාගේ උපක්‍රමයක් විය හැක .   

ලෝකයේ නම්‍ය – අනම්‍ය, ලිඛිත – අලිඛිත, ඒකීය – සංධීය වශයෙන් ව්‍යවස්ථාවන් වර්ග කල හැක. අප රට යටත් විජිතයක් විමෙන් පසු  රාජ ආණ්ඩු ක්‍රමය අහොසි විම සිදුවන අතර බ්‍රිතාන්‍ය පාලනයට නතු විමෙන් පසු කෝල් බෲක්,කැමරන් ,මැකලම්,ඩොනමෝර් සහ සෝල්බරි ව්‍යවස්ථා ප්‍රථිසංස්කරන අප රටේ නීතිය බවට පත්විය .     

විවිධ ජාතීන් විවිධ ආගමික ඇදහිලි විශ්වාශයන්ගෙන් සැදුම් ලත් ජන කොඨාෂයන් සිටින ලාංකික සමාජය එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරිමේ දී ඒ ඒ ජාතින්ට ආගම් ඇදහිලි වලට අනන්‍ය වු පොදු නීතිය සැලකිල්ලට ගැනිම  අත්‍යාවශ්‍ය ම කාරනයක් වන අතර ජාතීන් අතර අසමගිය වෛරය අවිස්වාසය දුරලීම මූලික කර ගත යුතුය .රාජපක්ෂ රෙජිමය බලයට එනු ලැබුවේ සහරාන්ගේ පාස්කු බෝම්බ ප්‍රහාරය සමගින් දඩමීමා කරගෙන මහජනයා තුල අනියත බියක් ඇති කරවමින්.ජනාධිපති වරනයේදි කතෝලික ජනතාව ප්‍රහාරයෙන් මියගිය තම ජනතාවට යුක්තිය පසදලීම සදහා ස්වකීය ඡන්ද ලබාදුන් අතර බෞද්ධයන් ජාති ආලයෙන් දේශප්‍රේමන් අන්ධවා ඡන්දය ලබා ගත්තේය .මුස්ලිම් ජනතාව තුල භීතිය අවිස්වාසය ඇති කිරිමට අලී සබ්‍රි ක්‍රියාකොට ඔවුන්ගේ ඡන්දය ජනාධිපති වරනයේදී ලබා ගත්තේය.      

එක රටක් එක නීතියක් කරා ගමන් කිරිමට රටේ ජීවත්වන සියලුම ජනවාර්ගික පදනම මත සැදුම් ලත්  විද්වත් කමිටුවක් වෙනුවට රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිමේ සංදර්භයක් ගොඩනගා ඇත.    රාජපක්ෂ රෙජිමය මේ සදහා තොරාගත් ඥාණසාර චීවරධාරියා  ඇත්තටම ශික්ෂාකාමී සුපේශල භික්ෂුවක්ද? . ඥාණසාර චීවරධාරියා කුප්‍රකට ජාතිවාදී, ආගම්වාදී සිදුවිම් ඇති කල දිගන, අලුත්ගම ජාතිවාදී කෝලහල ඇතිකල නිර්දය ඉතිහාසයක හිමි කරුවෙකි. අතීත වර්ථමාන හැසිරීම් සහ ක්‍රියාකාරිත්වය දිහා පිරික්ෂා බැලි මේදි සෑම අවස්ථාවකම අන්‍ය ආගම් විවෙචන, අන්‍ය ආගම් කෙරෙහි වෛරී ප්‍රකාශ හා අසභ්‍ය වාග් ප්‍රහාර මෙන්ම බීමත්ව හැසිරීම් වාර්තා වන අතර ඥාණසාර චීවරධාරියා නිසාම සුළු ජන කොටස් අතර අගමික අන්තවාදී කණ්ඩායම් ඇතිවීම සුලභ වීමට ඉඩ හසර සැලසෙනු ඇත. රාජපක්ෂ රෙජිමයේ බල ලෝභිත්වට ආගම, වර්ග වාදය පතුරවමින් ජාතීන් අසමගි කොට ගෙන යන්නාවූ මේ දේශපාලන න්‍යාය පත්‍රයට එකා මෙන් පෙළ ගැසි විරුද්ධ වෙමු.

Loading